මොගුචෙන්ග් යනු චීනයේ ෂින්ජියැන්ග් නගරයේ කාන්තාරයේ පිහිටා ඇති ප්රදේශයකි. මෙම කලාපය අබිරහස් වලින් පිරී ඇති අතර එහි සිදුවන අමුතු දේවල් නිසා එය මොගුචෙන්ග් ලෙස නම් කර ඇත. ඉන් අදහස් වන්නේ සාතන්ගේ නගරය යන්නයි.
විවිධ උස් මට්ටමින් යුත් පස් කදු සහිත මෙම ප්රදේශය සුන්දර ය. මෙම පස් කඳු පෞරාණික මාලිගා මෙන් පෙනෙන අතර වියළි දේශගුණය සහ තද සුළං හේතුවෙන් මැවැනි කදුමාලිගා ගොඩනැගී ඇති බව කියනු ලැබේ.
තද සුළං හේතුවෙන් එහි ගල් විවිධ හැඩයන් ගෙන ඇත. සමහර ගල් කාන්තාරය මැද ආඩම්බරයෙන් සිටගෙන සිටින සිත් ඇදගන්නා මාළිගා මෙන් පෙනේ. සමහර ඒවා පඩි සහිත පුරාණ මාලිගා මෙන් පෙනේ. සමහරු යක්ෂයන් මෙන් විකාර රූපී කදු දැක බයට පත්වන බවද කියවේ.
රතු, නිල්, සුදු සහ තැඹිලි පාට ගල් පවා මෙහි විසිරී පවති. නමුත් සංචාරකයින් ආකර්ෂණය කර ගන්නේ මෙම ස්ථානයේ ස්වභාවික සුන්දරත්වය නෙවෙයි, එහි ඇතිවන අද්භූත ශබ්දයි.
මොගුචෙන්ග් වෙත ගොස් ඇති පුද්ගලයින් එහි ඇතිවන අද්භූත ශබ්ද කොතැනකදීවත් තමන් අසා නොමැති බව වාර්තා කර තිබේ. හිරු රශ්මියක සමග සුළඟ හමන විට ප්රසන්න ශබ්ද ඇසෙන අතර ඒවා ගිටාරයක තත් එකිනෙක පිරිමැදීමේදී නැගෙන කන් කලු නාදයට හෝ ගෙජ්ජි සෙලවීමේදී නැගෙන නාදයට ශබ්ද රසයෙන් සාමානවේ.
නමුත් වා සුළි නැගෙන කාලයන්හි මෙහි එම ශබ්දය ඉතා ගුප්ත භයංකාර නද නිකුත් කරන අතර එම ශබ්ද කොටියෙකුගේ බිහිසුණු ශබ්දයටද, මරළතෝනී නගන ගැහැනියෙකුගේ හෝ ඌරෙකු ඝාතනයේදි නැගෙන ශබ්දයට සමානවේ.
අහස අඳුරු වන විට, රාත්රී වනවිට බොහෝ සතුන් සහ මිනිසුන් නගරයේ වැලපෙමින් හා රණ්ඩුකරන ශබ්ද මෙන් සුලං ගලායන බව කියනු ලැබේ. කුණාටු ශක්තිමත් වන විට ශබ්දය භයානක වේ. සුන්දර නගරය භයානක භූත නගරයක් බවට හැරේ.
කොහොම නමුත් මෙම අමුතු ශබ්ද තවමත් අභිරහසක්. මෙම ශබ්ද පිටුපස ඇති හේතුව සොයා ගැනීමට කිසිදු විශේෂඥයෙකුට නොහැකි වී තිබේ. තාක්ෂණයට පැහැදිලි කිරීමක් නොමැති විට හේතුව අවතාරය.
මිනිසුන් සිතන්නේ ප්රසන්න ශබ්ද සුරංගනා කතා බවත් බිය උපදවන ශබ්ද අවතාරවල බවත් ය. නමුත් රාම්වණා ට හැගෙන්නේ සුලං ප්රවාහ විවිධාකාර උස, විවිධාකාර හැඩ, විවිධාකාර පරතරයන් සහිත කදු පන්ති අතරින් රිංගා යාමේදී මුළු කාන්තාරයම ස්වභාවධර්මය නිර්මාණය කරන ලද ස්වාභාවික සංගීත මෙවලමක් බවට පත්වන බවය.
උපුටා ගැනීම: රාම්වණා