බැරැක් ඔබාමා කියන්නේ ඇමෙරිකාවේ 44 වැනි ජනාධිපති. බැරැක් ඔබාමා කියලා කෙටියෙන් කිව්වට එයාගේ සම්පූර්ණ නම බැරැක් හුසේන් ඔබාමා. බැරැක් හුසේන් ඔබාමා ගේ තාත්තා තමයි ජ්‍යෙෂ්ඨ බැරැක් හුසේන් ඔබාමා. එයා කෙන්යානු ජාතිකයෙක්. ජනාධිපති ඔබාමාගේ අම්මා ඈන් ඩන්හෑම්. ඇය යුරෝපීය සම්භවයක් ඇති ඇමෙරිකානු ජාතික කාන්තාවක්. ඔබාමාගේ තාත්තයි අම්මයි මුණ ගැහිලා තියෙන්නේ හවායි සරසවියේදි. කොහොම හරි ඔබාමා කවදාවත් එයාගේ නමේ, එයාට තාත්තගෙන් උරුම වෙච්චි නමේ තියෙන හුසේන් කියන කෑල්ල පාවිච්චි කළේ නැහැ. එයා බොහෝම කැමැත්තෙන් පිය පාර්ශ්වය අමතක කරලා මවු පාර්ශ්වය වැළැඳගත්තා. ඒ නිසා ඔබාමට පුලුවන් වුණා ලෝකයේ ධනවත්ම සහ බලවත්ම රාජ්‍යයේ 44 වැනි ජනාධිපති වෙන්න.
මෝ ෆාරා කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික දිග දුර ධාවකයෙක්. ඒ වගේම ඔලිම්පික් ඉතිහාසයේ වඩාත් සාර්ථික බ්‍රිතාන්‍ය මළල ක්‍රීඩකයා විදිහට සැළකෙන්නෙත් මෝ ෆාරා. එයාගේ මේ දක්ෂතාවය නිසාම එළිසබෙත් රැජිණ මෝ ෆාරා ට නයිට් නාමයක් දෙනවා. දැන් එයාගේ නම ශ්‍රීමත් මෝ ෆාරා. මෝ ෆාරා 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදි මීටර් 10,000 සහ 5,000 ඉසව් දෙකෙන් රන් පදක්කම් දිනා ගන්නවා. ඊට පස්සේ 2016 රියෝ ඔලිම්පික් උළෙලෙදිත් මේ ඉසව් දෙකේ රන් පදක්කම් දෙක දිනා ගන්නේ මෝ ෆාරා තමයි.
ඔය මෝ ෆාරා කියලා නම මොඩ් කරගෙන හිටියට එයාගේ සම්පූර්ණ නම මොහොමඩ් මුක්තාර් ජාමා ෆාරා. මොහොමඩ් ෆාරා ඉපැදෙන්නේ සෝමාලියාවේ. එහේ තිබ්බ සිවිල් යුද්ධය නිසා සරණාගතයෝ විදිහට මෝ ෆාරාගේ පවුලම ජිබෝතිවලට පැනලා යනවා. ඊටත් පස්සේ මෝ ෆාරාගේ මුලු පවුලම බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වෙන කොට ෆාරා ගේ වයස අවුරුදු 8 යි. එතකොට එයාට එකම එක ඉංග්‍රීසි වචනයක් වත් කතා කරන්න බැහැලු. කොහොම හරි එයා මේ වෙන කොට එංගලන්තයේ නයිට් කෙනෙක්. එයත් කැමැත්තෙන්ම එයාගේ ජාතිකත්වය අමතක කළා. නමේ මොහොමඩ් කෑල්ල වෙනුවට මෝ කියන කෙටි යෙදුම පාවිච්චි කළා. මුක්තාර් කියන මුස්ලිම් කැල්ල අයින් කරලා දැම්මා. ඉතින් එංගලන්තේ සුද්දෝ එයාව කලු සුද්දෙක් විදිහට පිළිගත්තා. දැන් බටහිර මාධය හරිම ආශාවෙන් මොහොමඩ් ෆාරා ව මෝ ෆාරා කියලා හඳුන්වලා දෙනවා.
වේල්ස් කුමරිය, එහෙමත් නැතිනම් අපි කවුරුත් දන්න විදිහට කිව්වොත් ඩයනා කුමරිය, එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරයගේ බිරිඳ. විලියම් සහ හැරී කියන රාජකුමාරයෝ දෙන්නගේ අම්මා.
රජ පවුලකට සම්බන්ධ වුනත් ඩයනා කුමාරි වෙනස් චරිතයක්. අන්තිම කාලේදී ඇය පෙම් කරන්න තෝරාගත්තේ මුස්ලිම් ජාතිකයෙක්. ඒ තමයි එමාද් එල්-ඩින් මොහොමඩ් අබ්දෙල් මෙනායිම් ෆයීඩ්. ඒත් මුලු ලෝකෙම එයාව දැනගෙන හිටියේ ඩොඩී අල් ෆයීඩ් කියලා. එයා ඊජිප්තු ජාතිකයෙක්. මේ ඩොඩී ගේ තාත්තා තමයි “හැරඩ්ස්” සමාගම අයිති ප්‍රකෝටිපතියෙක් වුණු මොහොමඩ් අල් ෆයිඩ්.
ඩයනා කුමාරි මේ මුස්ලිම් ජාතිකයා එක්ක පෙමින් බැඳුණාම එක් රජ පවුලට මාරම අවනම්බුවක් වුණා. ඩයනා-ඩොඩී කසාද බඳින්න තමයි ලෑස්ති වෙලා හිටියේ. නිකන් හරි එහෙම වුණා නම්, බ්‍රිතාන්‍යයේ ඔටුන්න ලැබීමේ අනුපිළිවෙළ අනුව දෙවැනි ස්ථානයේ ඉන්න විලියම් කුමාරයගේ සහ හැරී කුමාරයගේ සුළු පියා මුස්ලිම් ජාතිකයෙක් වෙනවා. ඒක රජ පවුලටම නිග්‍රහයක්. අන්තිමේදී 1997 අගෝස්තු 31 වැනිදා ඩයනයි ඩොඩියි ගියපු වාහනේ අනතුරකට ලක්වෙලා ඒ දෙන්නම මැරිලා යනවා. ඒක වුණේ කොහොමද කියන එක අදටත් අභිරහසක්.
මහ ජාතියට අනුව ජීවත් වෙන අයව උත්කර්ෂයට නැගෙන විදිහයි, මහ ජාතියේ උදහසට ලක්වෙන අය මහ මග මැරිලා යන විදිහයි ගැන පොඩි උදාහරණ තුනක් තමයි මේ.
ඒ අයත් එක්ක සිරස ලක්ෂපති දිනපු ෂුක්රාගේ පොටෝ එක දැම්මේ නිකන්.


