මහාචර්යා කාලෝ ෆොන්සේකා කියන්නේ මිත්‍යාවට විද්‍යාවෙන් උත්තර දීපු ශ්‍රේෂ්ඨ විද්වතෙක්. ලංකාවේ දුප්පත්, පොහොසත්, උගත් සහ නූගත් සෑම දෙනෙක් තුළම අඩු වැඩි වශයෙන් දකින්නට ලැබෙන යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩයන් සහ යාග හෝම වැනි මිත්‍යා මතවලට එතුමා විද්‍යාවෙන් පැහැදිලි කිරීම් ලබාදුන්නා.
ප්රාතිහාර්යයන්, විශ්වකර්ම, ඉන්ද්‍රජාල, අත්භූත සහ අධිස්වභාවික සිදුවීම් තරයේ ප්‍රතික්ෂේප කළ ඔහු ඒ සෑම දෙයක්ම විද්‍යා සරළ නියමයන් භාවිතා කරමින් කළ හැකි බව කිව්වා විතරක් නෙමෙයි, ඔප්පු කරලත් පෙන්නුවා.
මේ දුර්ලභ වීඩියෝ පටයෙන් දැක්වෙන්නෙත් ඒ වගේ සිදුවීමක්. දෙවියන්ගේ ආශ්චර්යයක් යැයි කියන ආගමික වතාවක් විද්‍යාවෙන් බැහැර කිරීම සඳහා එතුමා සජීවී පරීක්ෂණයක් කරනවා. ඒ කොළඹ වෛද්‍ය පීඨයට රැස්ව සිටි පිරිසක් ඉදිරියේ. මේ පරීක්ෂණය කරන අයුරු ඩිස්කවරි නාළිකාව පටිගත කරනවා.
ඔහු මේ පරීක්ෂණයේදී සිදුකරන්නේ කිසිදු හානියක් සහ වේදනාවක් නොදැනෙන පරිදි මිනිහෙක්ව ලෝහමය කොකුවලට එල්ලන්නේ කොහොමද කියන එක භෞතික විද්‍යාවේ සහ කායික විද්‍යාවේ සරළ සිද්ධාන්තයන් භාවිතා කරමින් පෙන්වන එක. මේ පරීක්ෂණයට මුහුණ දෙන කෙනා, ස්වේච්ඡාවෙන් තමයි එයට ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේ කොකුවල එල්ලෙන තරුණයා දුම්වැටියක් පානය කරන්නේ මේ ක්‍රියාව සඳහා කිසිදු ආකාරයක ආගමික වතාවක් හෝ පේ වීමක් කිරීම අවශ්‍ය නැති පව පෙන්වන්න.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා වගේ විද්වතුන්ගේ අවශ්‍යතාවය දැනෙන්නේ එදාටත් වඩා අදට.