චිත්ත බලයෙන් දුර සිටින අයකු හා අදහස් හුවමාරු කර ගත හැකිද? ( විද්‍යා හා තාක්ෂණ )

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
චිත්ත බලයෙන් දුර ඈත සිටින අයෙකු හා අදහස් හුවමාරු කර ගැනීම ගැන අනාදිමත් කාලයක සිට විවිධ අදහස් හුවමාරු වෙනවා. ටෙලිපති ලෙසින් කලක් මේ විෂය පිළිබඳ කථා බහක් ගොඩ නැගී තිබුනා කෙසේවුවත් මෑතකදී කල පර්යේෂණයක වාර්තාවක් නිසා ලෝකය ඉදිරයට පියවරක් තැබුවා. ඒ වරක් මේ පරීක්ෂණ සදහා විද්යාඥයාගේ දෑස් පිටතින් ආලෝකයක් හෝ නොපෙනෙන සේ බැඳ තිබුණා. පිටතින් කිසිදු හඬක් නොඇසෙන සේ දෙකන්වලට ඇබ ගසා තිබුණා. අති නවීන පර්යේෂණාගාරයක් ඇතුළේ මේ විධියට ඇස් බැඳ, කන් වසා තිබුණේ ආචාර්ය මයිකල් බර්ග් නම් විද්යාඥයාගෙයි. ඊසානදිග ප්රංශයේ ස්ට්රාස්බර්ග් විශ්ව විද්යාලයේ තමයි, මේ විස්මිත පර්යේෂණය සිදු වුනේ.
මේ අපූරු පර්යේෂණය හා සම්බන්ධ වූ අනෙක් පර්යේෂණාගාරය පිහිටියේ සැතැපුම් 5000ක් පමණ දුරින් ඉන්දියාවේ කේරලයේයි. එහි මේ ආකාරයන් ම ඇස් බැඳ කන්වල ඇබ ගසා සිටියේ ස්පාඤ්ඤ ජාතික තරුණ විද්යාඥයෙකි. ඔහු ආචාර්ය ඇලියන්ද්රෝ රියිරා යි. මේ විස්මිත පර්යේෂණය සිදු කෙරුණේ 2014 මාර්තු 28 වැනිදායි.
හරියටම සැතැපුම් 4600ක් ඈතින් පිහිටි නවීන තාක්ෂණික පහසුකම් ඇති විද්යා පර්යේෂණාගාර දෙකක එක ම වේලාවක වාඩි වී හිඳ ගෙන, කිසිම සන්නිවේදන උපකරණයක් භාවිත නොකර මේ විද්යාඥයන් දෙදෙනා සිතෙන් පණිවිඩ දෙකක් හුවමාරු කර ගත්තා.
මේවා කලින් අප අත්දැක තිබුණේ විද්යා ප්රබන්ධවලයි. රෑපවාහිනියේ විකාශයවුන් ජයන්තචන්ද්රසිරි මහතාගේ අකාල සන්ද්යා නම් ටෙලි නාට්ය තුලක් මෙලෙස ඉන්දියාවේ සිටින යෝගී වරයෙකු සමග මනසින් අදහස් හුවමාරැ කර ගන්නවා ඔබ දැක ඇති.
මේ එවැන්නක් විද්යාත්මකව ඔප්පු කළ හැකි ආකාරයට සිදු කළ පළමු වැනි පර්යේෂණය මෙය විය හැකියි. මොවුන්ගේ අරමුණ වුණේ, මිනිස් පසිඳුරන් කිසිවක් භාවිත නොකොට, ඔවුන් විසින් කලින් සැලසුම් නොකළ සරල පණිවිඩ දෙකක් ඒ මොහොතේ එකිනෙකා අතර හුවමාරු කර ගැනීමයි. ඇත්තෙන්ම මේ ක්රමය සතුන් නම් ඔවුනොවුන් අතර පණිවිඩ හුවමාරු කිරීමට සහස් වස් කාලයක් තිස්සේ භාවිත කළ එකක්. ඔබ ද ඔවුන් අපේක්ෂා කළේ ‘කෙළින් ම සිතකින් සිතකට තාක්ෂණික සන්නිවේදනයක් කරනවා වාගේ පණිවිඩයක් යැවීමටයි. මෙය අප හඳුන්වන්නේ ‘පරචිත්තවිජානනය’ (ටෙලිපති) යන වදනෙන්.
සිතිවිල්ලක් සැතැපුම් දහස් ගණනක් ඈත ඉන්නා කෙනකු සමග විද්යාත්මකව හුවමාරු කර ගන්නා මේ අපූරු පර්යේෂණ අවස්ථාව ඒ පර්යේෂණයට එක් වූ විද්යාඥයන් දෙදෙනා හුවමාරු කර ගත්තේ පුංචි වචන දෙකක්. ඒ වුණාට එය සනිටහන් කළේ මානව ඉතිහාසයේ ඉතාමත් වැදගත් අවස්ථාවක්. ඒ තමා විද්යාත්මක ලේඛන ගත කළ ලොව ප්රථම චිත්තබලයෙන් කළ සංවාදය හැටියට වාර්තාවන්නේ. ඔවුන් හුවමාරු කර ගත්තේ ස්පාඤ්ඤ භාෂාවෙන් ‘ ඕලා’ ඒ භාෂාවලින් සුබපැතීමට යොදා ගන්නා වදනක්. හරියට ඉංගිරිසියේ ‘හලෝ’ කියනවා වාගේ.
ආචාර්ය බර්ග් කියන්නේ අනාගතයේ දී මෙම චිත්ත පණිවිඩ යවන ක්රමය විද්යාත්මකව යැවීම ආරම්භ කළ විට, අංශභාගයට ලක් වූ අයට, සිරුරේ අත් පා කොටස් සහ ස්නායු පද්ධතියේ අකිරයතා ඇති අයට, තමන් පලඳින කෘතිරම පාදවලට පණිවිඩ යවන්න මේ කරමය උපයෝගී කර ගත හැකි බවයි. ඒ වගේ ම කතා කළ නොහැකි අයට මේ ක්රමයෙන් වෙනත් අයට සිතෙන් පණිවිඩ යැවිය හැකි වේවි.
”නිදසුනක් වශයෙන් කෝමාවකට පත් අයකුට, අනෙක් අයට තමන්ට අවශ්ය දේ දැන්වීමට දැනට කිසිදු ක්රමයක් ඇත්තේ නැහැ. ඒත් මේ නව සොයා ගැනීමෙන් ඔවුන්ටත් සන්නිවේදන හැකියාව ලබා දිය හැකි වෙනවා.” ආචාර්ය බර්ග් කියනවා. ඒ විතරක් නොවෙයි, වෛද්ය ක්ෂේත්රයෙන් පිට එනම්, යුදබිමේදී ඝෝෂාකාරී ශබ්ද මැද තම සගයන් සමග සිතෙන් අදහස් හුවමාරු කර ගන්නට යම්දිනක හැකි වේවි. චන්ද්රිකා තාක්ෂණ හා ගුවන්විදුලි පණිවිඩ හුවමාරු බිඳ වැටුණු විට පවා සම්බන්ධතා නොබිඳී පවත්වා ගෙන යා හැකි වේවි. දුරකතන නොමැතිව පවුලේ උදවියට දුර සිටින එකිනෙකා හා කතාබස් කළ හැකි වේවි.
අනාගතයේ දී පොලිසියට හා උසාවියට සැකකරුවන්ගේ සිත් කියවීමට මේ ක්රමය ප්රයෝජනවත් වේවි. ඒ විතරක් නෙවෙයි, මෙහි තවත් පැත්තක් මේ පර්යේෂණය ව්යාපෘතියට එක් වූ විශේෂඥයකු වූ ස්පාඤ්ඤයේ බාසිලෝනා විශ්ව විද්යාලයේ මහාචාර්ය චාල්ස් ග්රෝ (ඪ්ර Cඅර්ලෙස් ඝ්රෞ) පෙන්වා දෙනවා. ”මෙය මොළ දෙකක් අතර කෙරෙන පණිවුඩ හුවමාරු කිරයාවලියකට මග පාදන්නක් නිසා ඒ සඳහා අවසර ලැබෙන පරිදි පුද්ගල ආරක්ෂාව පිළිබඳ නව නීති සකස් කරන්නත් සිදු වේවි.” මහාචාර්ය ග්රෝ කියනවා.
පරචිත්තවිජානනය බෞද්ධ අපට නුහුරු වදනක් නොවෙයි. බුදුන්ට හා රහතුන්ට අන් අයගේ සිත් කියවීමේ හැකියාව තිබූ බව බෞද්ධ සාහිත්යයේ සඳහන් වෙනවා. අධිමානසික බලය ලද කෙනකුට අනිත් අයගේ සිත් කියවිය හැකි බව අපි අහල තියෙනවා.
එක හා සමාන නිවුන්නුන්ට ඔවුන් කෙතරම් දුරින් සිටියත් එකිනෙකාගේ හැඟීම් හා අදහස් කියවිය හැකි බවට මතයක් සමාජයේ තියෙනවා.
එවන් ප්රකට නිවුන් දෙදෙනකු ලෙස ජේම්ස් ලෙවිස් හා ජේම්ස් ස්පිරන්ජර් දක්වන්න පුළුවන්. 1940 ගණන්වල ඇමරිකාවේ ඔහියෝවල උපන් මේ දෙදෙනා ඉතා දුර ප්රදේශ දෙකක වෙන්වෙන්ව පවුල් දෙකක හදා වඩා ගනු ලැබුවා. තමන් නිවුන්නු බව නොදැන, කිසිම සම්බන්ධයක් නැතිව, සිටි මේ දෙදෙනා වසර 39 කට පසුවයි පළමු වතාවට මුණ ගැහුණේ.
ඒ වන විට ඔවුන් දෙදෙනාම ලින්ඩා යන එකම නම ඇති කාන්තාවන් දෙදෙනකු විවාහ කර ගෙන සිට පසුව ඔවුන්ගෙන් දික්කසාද වී විවාහ වී ඇත්තේ බෙටී නම ඇති කතුන් දෙදෙනකු සමගයි. එපමණක් නොව ඔවුන් එක හා සමාන අධ්යාපන සුදුසුකම් ලබා එක සමාන රැකියාවල නිතරව සිටියා. ඔවුන්ගේ සුරතල් සුනඛයා ඇමතුවේද ‘ටෝයි’ කියන එකම නමකින්. මේ සියල්ල සමාන වූයේ ඔවුන් නොදැනුවත්වම එකිනෙකා සමග සිතිවිලි හුවමාරු කර ගත් නිසා බව පැහැදිලි කරුණක්.
ආචාර්ය බර්ග්ගේ පර්යේෂණයේ දී ඔවුන් කළේ මොළයකින් මොළයකට සන්නිවේදනය කළ හැකි බව පෙන්වා දීම පමණයි. මේ සංකීර්ණ පර්යේෂණය සඳහා ඔවුන් විසින් ප්රබල පරිගණක ගණනාවක්, රොබෝ යන්ත්ර පමණක් නොව මොළයෙන් නිකුත් වෙන විද්යුත් ධාරාවන් මනින්නට හැකි විද්යුත් නිකර්පරේඛන යන්ත්ර සහ ඒවා සම්බන්ධ වීමට අවශ්ය සුවිශේෂ සිරස් කැප් දෙකක් ද යොදා ගත්තා.
පරීක්ෂණය පටන් ගත්තේ ඉන්දියාවෙන්. ආචාර්ය රියිරා මේ එක් සිරස් කැප් එකක් පැලඳ සිටියා. ඔහු හිසෙන් තිරස් හෝ සිරස් චලනයන් කීපයක් කරමින් ‘ච්යා ඕ’ යන වචනය සිතෙන් නිකුත් කරන්න තැත් කළා. ඒ අනුව ‘ඊඊජී’ යනුවෙන් හැඳින්වෙන විද්යුත් නිකර්පරේඛන යන්ත්ර ඔස්සේ ඒ අවස්ථාවේ දී ඔහුගේ මොළයෙන් නිකුත් වූ විද්යුත් ස්පන්දක හසු කර ගෙන ඒවා යාන්ත්රිකව ඩිජිටල් ක්රමයට 1, 0 යනුවෙන් ද්විමය කේතවලට පෙරළනු ලැබුවා. මේ සන්නිවේදනයේ දී ‘ ඕලා’ හා ‘ච්යා ඕ’ යන වදන් යාන්තිරකව පරිවර්තනය කරවීමේ අති සියුම් කාර්යයට පැය භාගයක් පමණ ගත වුණා. ඉන්පසු ව එය ඔහුගේ ලැප්ටොප් එක හරහා ප්රරංශයට යවනු ලැබුවා.
මේ අතර ස්ට්රෝස්බර්ග් පර්යේෂණායනයේ ආචාර්ය බර්ග් හා අනෙක් ග්රාහකයන් දෙදෙනා ඇස් බැඳ යන්ත්රයකට සම්බන්ධ කර තිබුණා. ඒ යන්ත්රය මගින් ද්විමය පණිවිඩය විද්යුත් ස්පන්දක බවට හරවනු ලැබූ අතර ඒවා ඔවුන්ගේ මොළයේ පෙනීම පාලනය කරන අපරකපාල ඛණ්ඩිකාවට යවනු ලැබුවා.
ඒ විද්යුත් ස්පන්දක යැවූ මොහොතේ ඔවුන්ට දැනුණා, ෆොස්ෆීන ආලෝකයක් ක්ෂණිකව ඇති වී නැති වී යන බව. එය දිස් වූයේ ඔවුන්ගේ ඇස් ඉදිරියෙයි. ඔවුන් සිටියේ සම්පූර්ණයෙන් ම අඳුරු කාමරයකයි. ඒ ෆොස්ෆීන, ග්රාහක යන්ත්රයක් මගින් ද්විමය කේතවලට පෙරළනු ලැබුවා. ඊළඟට ඒවා ‘ ඕලා’ හා ‘ච්යා ඕ’ යන වදන්වලට යාන්තිරක පෙරළා ගැනීමේ කිරයාවලියට තවත් පැය භාගයක් ගත වුණා. සිතෙන් එසැණ හුවමාරු කර ගත් පණිවිඩය විද්යාත්මකව සනාථ කිරීම සඳහා යන්ත්රරසූත්ර යොදාගෙන කළ කිරයාවලිය සිදු වූයේ ඒ ආකාරයටයි.
ගත වූ වසර කීපය තුළ ලොව පුරා ස්නායු විද්යාඥයන් මොළයකින් මොළයකට පණිවිඩ යැවීම පිළිබඳව සාර්ථක අත්හදා බැලීම් රාශියක් කර තියෙනවා. ගිය වසරේ ඇමරිකාවේ හාවඞ් විශ්ව විද්යාලයේ විද්යාඥයන් මීයකුගේ මොළය විද්යුත් ක්රමයට මිනිසකුගේ මොළයට සම්බන්ධ කර අනතුරුව මීයාගේ වලිගය ඇඹරූ විට මිනිසාට වලිගය ඇඹරීම යන අදහස ඔහුගේ සිතේ පහළ වූ බව වාර්තා කළා. කොහොම වුනත් මිනිසකුගේ මොළයෙන් තවත් මිනිසකුගේ මොළයට වදන් හුවමාරු කර ගැනීම ගැන කළ පළමු පර්යේෂණය අනුව අපට එකක් පැහැදිලි වෙනවා. ඒ තවදුරටත් අපට අපේ රහස් අපේ සිත් තුළ රඳවා තබා ගැනීම අනාගතයේ දී කළ නොහැක්කක් විය හැනි බවයි.
උපුටාගැනීම අන්තර්ජාලයනි 💐  
මූලාශ්‍රය: රාම් වණා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!