ඒ සති අන්තයේ මගේ හොදම යෙහෙලියගේ නංගි බලන්න මනමාලයෙක් එනවලු. දුකට සැපට හැම දේටම කර වාටිය වගේ ඉන්න මගේ යෙහෙලියගේ ආරාධනය අහක දාන්නම බෑනෙ. ඉතිං අපි දෙන්නත් ලෑස්තියි එහේ යන්න.අපි දෙන්න කිව්වෙ මමයි මගේ සූටි පුත්ර රත්නයයි.
මෙරූන් පාට සාරියට ගැලපෙන්නෙම
ඒ සති අන්තයේ මගේ හොදම යෙහෙලියගේ නංගි බලන්න මනමාලයෙක් එනවලු. දුකට සැපට හැම දේටම කර වාටිය වගේ ඉන්න මගේ යෙහෙලියගේ ආරාධනය අහක දාන්නම බෑනෙ. ඉතිං අපි දෙන්නත් ලෑස්තියි එහේ යන්න.අපි දෙන්න කිව්වෙ මමයි මගේ සූටි පුත්ර රත්නයයි.
මෙරූන් පාට සාරියට ගැලපෙන්නෙම නංගිගෙ සුදු ගල් තුනක් අල්ලපු මාලෙ කියලමයි මට හිතුනෙ. ඔන්න පුතාටත් ජැන්ඩි පහට සූට් එකක් අන්දලා මමත් හැකි පමන හැඩ වැඩ උනා.
“අම්මේ ඔය මාලෙ අම්මගෙ නෙවෙයි නේද?”
කටටම උත්තරේ දුන්නු නිසා බොරුවක් කියන්නත් බෑ. අහපු ප්රශ්නෙ පසුවට බෝම්බයක් වෙයිද යන සැකෙන් හිතත් ටිකක් හෙලවුනා.
“පුංචි මේක අම්මට දුන්න පුතේ.” මගේ උත්තරේට ප්රතිචාරයක් නැති උනත් මීටරේ වෙලාවට ස්ටාට් වෙන එක ගැන මට හොද අවබෝධයක් තිබ්බා.
යෙහෙලියගේ පව්ලේ විශේෂ අවස්තාවක් වුනත් සැලකිය යුතු පිරිසක් එහේ හිටියා. බොහෝම වැදගත් විදියට මගේ ඔඩොක්කුවේ අසුන් ගෙන වට පිට අය අහන ප්රශ්න වලට උත්තර දෙමින් ඉන්න දරුවා ගැන මටත් පුංචි ආඩම්බරයක් දැනුනා.
“නම මොකක්ද බබාගේ..
“ඔයා ඉස්කෝලෙ යනවද?.
“ෂා ලස්සන සූට් එක. කව්ද අරන් දුන්නෙ”
“ඇන්ටි මේ සූට් එක මගේ. හැබැයි මේ මාලෙ නම් අම්මගෙ නෙවෙයි පුංචිගෙ එකක්” වෙන මොකක්දෝ ඕපයක් දෙස ඇස් කරකවමින් උන් මා දඩාස් ගා මෙලොවට ආවෙමි. අර ඇන්ටියි කියූ තරුනිය මා දෙස බලා සිනාසී ඉවත බලා ගත්තෙත් දිවා ආහාරය සදහා ආරාධනා කලේත් එකටමය.
ජයට පිලියෙල කල කෑම මේසයකි. පුතා උකුල් ආසනයේ හිදින්නේ කෑම මේසයට උස නැති නිසාත් ඔහුට කවමින් මට කෑම සදහාත් ය.
“අම්මා ගොඩක් කන්න එපා ඔන්න තවත් විසාල වෙයි” මහ සද්දෙන් දෑත් දෙපසට වීහිදුවමින් කියනා විට පිගාන දෙස බලා කෑම කමින් හුන් කීප දෙනෙකුගේ දෑස් මා වෙත යොමු විය.
“ඔහොම තමා පොඩි ඈයෝ” වියපත් නැන්දනියක මා ගලවා ගත්තාය.
පැය කීපයක් ගෙවා පැමිනි මනාල පිරිස ආපසු පිටත් වීමෙන් පසු මාද නිවැසියන් ගෙන් සමුගත්තාය.
“යමු නේද පුතේ”
“යං යං නැත්තන් පුංචි අඩනවද දන්නෑ මාලෙ ඉල්ලලා” අවසාන වතාවටත් මගේ පට්ටම් කුඩු කර දැමූ පුත්රයාව මා ඔසවා වඩා ගත්තේ කොයි දේටත් වඩා දරු සෙනෙහේ ඉහලින්ම ඇති නිසාය. කටකාර පැංචො ඉන්න කොයි අම්මගෙත් සුන්දර ඉරනම තමා ඉතිං මේ.
කියලමයි මට හිතුනෙ. ඔන්න පුතාටත් ජැන්ඩි පහට සූට් එකක් අන්දලා මමත් හැකි පමන හැඩ වැඩ උනා.

උපුටා ගැනීම: Nayana Ariyawansha