මෙම දැරිය සිටින්නේ නිදාගෙන නොවේ. මේ මීට වසර 500කට පමණ පෙර ඉන්කාවරුන් විසින් බිලි පූජාවක් ලෙස දෙවියන්ට කැප කළ 13 හැවිරිදි දැරියකගේ සීතලෙන් ගල්වුන සිරුරක් ය.
මෙම සීතලෙන් ගල් වුන මළසිරුර සොයාගනු ලැබුවේ 1999 දී ලුලයිලකු කදු මුදුනේ හිමෙන් වැසීගිය භූමියක තිබියදීය. ඇය සමග තවත් ළමුන් දෙදෙනෙකු ද මෙලෙස ඉන්කාවරුන් විසින් දෙවියන්ට පූජා කර ඇත. ඔවුන්ගේ සිරුරු ද හමුවී ඇති නමුත් මේ තරම් ඒවා සුරක්ෂිත වී නොතිබිණි. මැගේ හදවත පෙනහළු අක්මාව වකුගඩු ඇතුළු සියලුම ශරීර කොටස් හොඳින් ආරක්ෂා වී ඇති අතර නහර වල තවමත් රුධිරය ද පවති. ඇයගේ හිසේ තවමත් උකුනන් පවා සිටී. ඇය ඒ තරම් සීතලෙන් ආරාක්ෂා වී තිබේ.
ඇයව කැපකෝවා නම් ආගමික චාරිත්‍රයක් මත දෙවියන්ට පූජා කර ඇත. ඉන්කාවරුන්ගේ විශ්වාසයට අනුව ඔවුන් මිය යන්නේ නැත. පූජාව සිදු කළ කඳු මුදුනේ සිට තම ගම්බිම් ආරක්ෂා කරමින් දෙවියන් හා මියගිය මුතුන් මිත්තන් හා එක්වී ජීවත් වේ. දෙවියන්ට පූජාකිරීමට ඝාතනය කිරීමට පෙර, අවුරුද්ද ක් පුරා සුදානම් කරනු ලබයි.
මුහුදු මට්ටමේ සිට අඩි 22,100 ක් ඉහළින් පිහිටි ආර්ජන්ටිනාවේ ගිනි කන්දක් වන ලූල්ලාල්ලාකෝ මත පූජා කරන විට මෙම මමීකරනය වී සිටින දැරිය මියයන විට ක්ෂය රෝගයට සමාන රෝගයකින් පීඩා විද ඇති අතර පුදුමය වන්නේ රෝග කාරක තවමත් ඇගේ සිරුරේ සජීවීව පැවතීමයි.නමුත් එය බෝවන රෝගයක්ද යන්න තවමත් නිශ්චිත කර නැතිබව කෝර්තල්ස් නම් විද්‍යාඥයා පවසයි.
ඉන්කා ශිෂ්ටාචාරය හැදෑරූ විද්‍යාඥයන් මුහුදු මට්ටමේ සිට අඩි 22,000 ක් ඉහළින් පිහිටි කඳු මුදුනට ලඟාවීම සඳහා දින තුනක් තිස්සේ පැයට සැතපුම් 70 ක වේගයෙන් හමන සුළං සහ හිම කුනාටු ඔස්සේ ගමන් කර ඇත. එහිදී පුරාවිද්‍යාඥයන් සෘජුකෝණාස්රාකාර බිත්ති සහිත ප්‍රදේශයක් දැක, අඩි පහක් පාෂාණ හා පස හාරා අවසානයේ ඉන්කාන් සුසාන වේදිකාවක් සොයා ගෙන ඇත.
කණ්ඩායමේ එක් අයෙකු පළමුවෙන් අයිස් වළට බැස, ඇයව ආරාක්ෂිත ගට ගසා දෑතින් ඇද ඉහලට ගෙන ඇත. මෙලෙස දරුවන් තිදෙනාව ගොඩටගත් නමුත් අනිත් දෙදෙනා තරමක් දිරාගොස් තිබිනි. එමෙන්ම එම කන්දේම රන්, රිදී, පිළිම, රෙදිපිළි , අහාර අඩංගු භාජන , හිස් ආවරන සහ හදුනා නොගත් කුරුල්ලෙකුගේ සුදු පිහාටු තොගක්ද සොයා ගෙන ඇත.
ඇයව මුලින්ම දුටු පුද්ගලයා ඇයව දැක භිය වී ඇත. ඒ ඇය අවුරුදු 500කට කලින් මිය ගිය අයකු නොව පනපිටින් සිටින අයකු මෙන් දැකීම නිසා ය.
උපුටා ගැනීම: රාම් වණා