ඕං ඉතින් නමෝ විත්තියෙන් මේකට රිංගපු මට කට්ටියගෙ කතා කියවද්දි මටත් වෙච්ච දෙයක් කියලා දාන්ටෝනෙය කියලා හිතුනා. දැන් මේ කියන්න තනන්නෙ ඒ සංතෑසිය තමා.
මං පුංචි සංදියේ ඉස්කෝලෙ බුද්ධාගම පීරියඩ් එක. අද පාඩම පංසිල් ගැන ටීචර් ඉතින් ඔන්න පටන් ගත්තා. හැමෝම දන්නවනෙ පංසිල් ගැන හැම ලමයම අවංකවෙලා තමන් අතින් කැඩෙන පංසිල් පදයට අත උස්සන්න ඕනේ පොඩි ලමයි බොරැ කියන්නෙ නෑ. හරි ඉතින් පානාතිපාතා සෙට් එක අත ඉස්සුවා මදුරැවො මරනවා තඩි මරනවා මැක්කො මරනවා කතා ගොඩයි.ඔහොම ආවා තුන්වෙනි පදයට එකෙක් අත උස්සන්නෙ නෑ. මම අත ඉස්සුවා හරි උජාරැවෙන් ආඩම්බරෙන් මම විතරයි එකම සත්යවාදියා මුළු පංතියෙම. ටීචර්ගෙ ඇස් ලොකුවුනා වගේ මතකයි.
පුතා ඇයි නැගිට්ටේ?
ටීචර් මම කමේසුමෙච්චාවාරා කඩනවා.
පුතේ ඒ කියන්නෙ කාමය වරදවා හැසිරීම.
ඔව් ටීචර් මම කොයි වෙලාවෙත් ගෙදර කනවා.
(පංතියේ උන් හිනාවෙනවා ටීචර්ත් හිනාවෙනවා)
දැන් කවුද ඔයාට ඔය ගැන කිව්වෙ.
අපේ අයියා කිව්වා කෑම කන වෙලාවට ඇර අනිත්වෙලාවට කෑවම ඒක පවු ඒකට තමා කාමෙසුමෙච්චාචාරා කියන්නෙ කියලා එයා මට බිස්කට් ටිං එක අල්ලන්නවත් දෙන්නෑ කියලා.
ආ.. හරි හරි ඒවුනාට ඒකෙන් කියන්න ඒක ගැන නෙමෙයි ඒවා ඉගෙන ගන්න පුතාලට තව කල් තියනවා අපි ඊලග සිල් පදය ගැන කතා කරපු දැන් ආමන්ත වාඩිවෙන්නකො කිව්වා.
වැඩේ අල වුනා වගේ දැනුනනත් ශේප් එකේ මාත් වාඩිවුනා. මගේ එහා පැත්තෙ හිටපු නසරාණියා මගෙ කනට කරලා කිව්වා ඒකෙන් කියන්නෙ ගෑනු ලමයෙක්ට තොත්තු දෙන එක කියලා.
අනේ සංසාරේ මට දැනුන ලැජ්ජාව දෙයි හාම්දුරැවනේ මූණ හංගගෙන පංතියේ ඉදලා වෑන් එකට නැග්ග ගමන් ගැහුවා අයියට පොත් බෑග් එකෙන් නයගරා දිය ඇල්ල වගේ කඳුළු හල හල. සෑහෙන දවසක් යනකන් පංතියේ උන්ගෙන් මට ගැලවීමක් නම් තිබ්බෙ නෑ.
උපුටා ගැනීම: ආමන්ත අතුකෝරල