උදේම කුරුණෑගල ඉස්පිරිතාලෙට අවේ නෑවිත් ඉන්න බැරිම නිසා.. කොරෝනා නිසා වෙනදා වගේ ලෙඩ්ඩු ගොඩක් නැති උනත් සැහෙන පිරිසක් ඉන්නවා බාහිර රෝගී අංශයේ. මමත් ඩොක්ටර්ට මගේ කාරනාව කියලා. බෙහෙත් ගන්න ලියවගෙන පරීක්ෂණය කරන කමරේ ලග එලියේ පුටුවක වාඩී උනා මගෙ වාරය එනකල්.
විවිධ වයස්වල රෝගීන් විවිධ ඉරියව් වලින් කොරිඩෝව දිගේ එහෙ මෙහෙ යනවා..
එක පාරටම මම දැක්කේ වයස අවුරැදු හයක් හතක් විතර දරුවෙක් එයාගේ අම්මා එක්ක කොරිඩෝව දිගේ එනවා. ඉස්කෝලේ ඇදුම තමා ඇදන් හිටියේ.පොඩි එකගේ එක ඇහැක් ලෙන්සුවකින් වහගන..
මං හිතුවෙ මොකක් හරි ඇහේ වදින්න ඇති.. පව් පොඩි එකා.. පැය භාගයක් විතර යද්දී අර අම්මා පොඩි එකාව අතින් අල්ලන් එක්ක එනවා. .. ඇහැට පාස්ටර් දාලා.. අම්මා අඩ අඩා එනවා..
මට මතක් උනේ අපෙ අම්මා.. එයත් 2004 වසරේ දෙසැම්බර් මාසේ දවසක මේ කුරුණෑගල ඉස්පිරිතාලෙට අඩ අඩා අවේ මල්ලි නිසා.. මාත් එතකොට ඉස්කෝලේ යනවා.. මල්ලි ඉස්කෝලේ නිවාඩු දෙන දවසේ යාළුවෝ එක්ක ගුඩු සෙල්ලම් කරලා.. යාළුවා එවපු ගුඩු ලීය ඇහේ වැදිලා.. තාමත් අම්මා මල්ලීට උන දේට අඩනවා… මල්ලිගේ ඇහේ පෙනුම ලබා ගන්න අයේ බැරි උනා. මේ මං අද දැක්ක පොඩි එක්කෙනාගේ සිදුවීම මාව අවුරැදු ගානක් පස්සට අරන් ගියා. එදා මල්ලිගේ සිදුවීමේදී මට දැනුන ඒ බර වේදනාව අදත් මට දැනුනා..
අපේ අම්මා අදත් අවුරැදු ගානකට පස්සෙත් තාමත් අඩනවා .ඒ පුංචි එකාගේ අම්මාට අපේ අම්මාට වගේ අඩන්න සිදුනොවේවා.. ඒ මාගේ පැතුම..
උපුටා ගැනීම: Chaminda Atapattu