උතුරු දිග ඉතියෝපියාවේ සිට සිම්බාබ්වේ දක්වා පොලව පැලීමකට ලක්වෙමින් පවතින අතර මේ පැළුම The Great Rift Valley ලෙස හදුන්වන අතර වසර මිලියන් 30කට පමණ පෙර ඇරඹුණු මේ පැළුම දැන් වසරකට සෙන්ටිමීටර 2.5 ත් 5 ත් අතර ප්‍රමාණයකින් දකුණු දෙසට ඇදී යමින් පවති.
ඉතියෝපියාව,කෙන්යාව ඇතුලු අප්‍රිකානු ප්‍රදේශ සියගණනක බෙදී වෙන්වීම පොලව අභ්‍යන්තරයෙන්ම පැනනැගී ඇති අතර මෑතකදී කෙන්යාවේ “සූවාස්” සහ “නරොක්” ප්‍රදේශ හරහා ඇති වූ දැවැන්ත පැල්ම එම ක්‍රියාකාරිත්වයේ නවතම අදියර ලෙස දක්වන්න පුලුවන්. එම පැල්ම අඩි 50ක් පමණ ගැඹුරු වන අතර අඩි 65ක් පමණ පළලින්ද යුතු වෙනවා.
ඒ අනුව ඉදිරි වසර මිලියන 10ක කාලය ඇතුළත මෙම පැළුම හරහා නැගෙනහිර අප්‍රිකානු කලාපය අප්‍රිකාවෙන් වෙන්ව ගොස් නව සාගරයක් සහ නව මහද්වීපයක් බිහි වනු ඇත.ඇති වන නව මහද්වීපය “නූබියාව” [Nubia] නමින්ද, නව සාගරය “නූබියානු සාගරය” [Nubian Ocean] යනුවෙන්ද නම් වනු ඇත.
වසර මිලියන 138කට පෙර සිදුවූ මෙවැනිම ක්‍රියාවලියක් නිසා එවකට තනි ඒකකයක්ව තිබූ දකුණු ඇමරිකාව හා අප්‍රිකාව බෙදී වෙන් වීම සිදු වුණි.
උපුටා ගැනීම: රාම් වණා