ඇගේ කතාව ඔබ අප කවුරුත් අසා ඇති… ජීවිතයේ අවාසනාවන්ත සිදුවීම් මාලාවක් ඔස්සේ රෝද පුටුවකට සීමා වුණු ඇය ජීවිතය පිළිබඳ උගත් පාඩම් ඔස්සේ ඉදිරිපත් කළ දේශන ජීවිතය කඩා වැටුණු බොහෝ දෙනාට දිරියෙන් නැගිටින්න්ට බොහෝ අත්වැලක් වුණා..
ඇගේ කතාව කෙටියෙන් මතක් කරනවා නම් අඩු වයසින් විවාහ වන අතර විවාහ වන ස්වාමිපුරුෂයා විවාහයට පෙර දැක තිබුණේවත් නැහැ.වයස අවුරුදු 18දී විවාහයක බර පැටවෙන ඇගේ විවාහ ජීවිතය සාර්ථක එකක් වුණේ නැහැ.රණ්ඩුසරුවල් මත ගැටුම් අදහස් නොගැළපීම් එක්ක ගෙවුණු නීතියට පමණක් සීමා වූ බැඳීමක්…
සැමියා සමඟ මෝටර් රථයේ ගමන් කරන අතරතුර ඔවුන් අනතුරකට ලක් වෙනවා.නමුත් ස්වාමියා වාහනයෙන් පැන දිවි බේරා ගන්නවා.නමුත් මුනිබා රිය අනතුරට ලක් වී බරපතල ලෙස තුවාල ලබනවා…
ශරීරයේ වැදගත්ම ඉන්ද්රියයන් හානි වීමෙන් ඇයට බොහෝ දෑ අහිමි වෙනවා.. සුෂුම්නාවට හානි වීමෙන් ඇවිදීමට නොහැකි වෙනවා..මවක් වීමේ හැකියාව අහිමි වෙනවා..
ඇගේ චිත්‍ර ශිල්පිණියක් වීමේ සිහිනය බොඳ වෙනවා…
නමුත් ඇය මේ කඩා වැටීම් හමුවේ ශක්තිමත් වෙනවා.. වසර දෙකක් ඇඳක් මත ගෙවා රෝද පුටුවක ඉඳ ගත් මොහොත ඇයට ජයග්‍රහණයක්..
මේ අසීරුම කාළේ ඇගේ ස්වාමියා ඇගෙන් දික්කසාද වී වෙනත් විවාහයක් කර ගන්නවා.. ඇය සිතින් බොහෝ ශක්තිමත් කාන්තාවක් බවට පත් වෙනවා..දරුවෙක් ලබන්නට නොහැකි යැයි පසුතැවිලි වනවා වෙනුවට මවක් අවැසි අහිංසක දරුවෙක්ට භාරකාර මව් වෙනවා..
ලෝකයේ කිසිම කෙනෙක් සම්පූර්ණ නැහැ ..වැටෙන හැමවිටම නැගිටින්න එය ඔබට පුරුද්දක් වේවි…ඔබ ඔබටම කරුණාවන්ත වන්න ඔබ ඔබටම් ආදරය කරන්න ඉන් පසු ලෝකයට ආදරය දෙන්න.කවදාවත් අත්හැර දමන්න එපා…හැමමොහොතකම ජීවත්වෙන්න”මරණයට පෙර මිය යන්න එපා “
ඇය ලොවටම ආදර්ශමත් මෙන්ම ලොවපුරා මිනිසුන් දිරිමත් කරන කථිකාවියක්…( Motivational speaker )
චිත්‍ර ශිල්පිණියක් වීමේ සිහිනයත් ඈ සැබෑ කර ගන්නවා…
එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානයේ පාකිස්තාන නියෝජිතවරිය..නිරූපණ ශිල්පිණියක්
මේ සටහන ගෙන ආවේ ඇයත් කිසි දිනෙක බලාපොරොත්තු නොවුණු ලෙස අද ඇය දෙපයින් සිටගෙන සිටින සුන්දර ජායාරූපය නිසයි.සැබවින්ම මේ ජායාරූපය පුදුමාකාර සතුටක් ගෙන දෙන්නක්..
“මට කවදාවත් ඇවිදින්න බැහැ මං ඒ ප්රාතිහාර්ය බලාපොරොත්තු වෙන්නෙ නැහැ…එදා ඉදං මං මගේ බය එක්ක සටන් කලා” මේ ඇය කණ්ණාඩිය ඉදිරිපිට ඇයටම කියා ගත් වැකියයි.නමුත් අද ඒ ප්රාතිහාර්ය සිදු වෙලා.
වෛද්‍ය විද්‍යාවේ බලමහිමයෙන් මනිබා අද අත්වාරුවෙන් දෙපයින් සිටගෙන සුන්දර සිනහවෙන් මුව සරසාගෙන සිටින්නේ ඇගේ ජීවිත කතාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමිනි… තාක්ෂණයේ බල මහිමය බව සැබෑවකි.නමුත් ලොව පුරා ඇයට ආදරය කළ මිනිසුන්ගේ ඇය නිසා නොමැරී ජීවිත් වන මිනිසුන්ගේ ඇය නිසා ජීවිතය අඩියේ සිට දිරියෙන් නැගී සිටි මිනිසුන්ගේ ආශිර්වාදයත් ඇයට දෙපයින් නැගී සිටින්නට ශක්තියක් වන්නට ඇතී..
සුන්දර සිනහවෙන් සැමදා මුව සරසා ගන්නට තව සුවහසක් මිනිසුන් වෙනුවෙන් දේශන පවත්වන්නට කාන්තාවන් වෙනුවෙන් ඇපකැපවී සේවය කරන්නට ජීවිතයේ අදුරු පටල
ඉරා දමා ඇගේ ජීවිතයට රිදී හිරු පායන්නට ශක්තිය ධෛර්ය ලැබේවා…
උපුටාගැනීම – තර්ෂිකා මදුෂානි රත්නසිරි –
(තොරතුරු social eye , ජායාරූපය Ma’am Muniba Mazari Fan’s)