දීර්ඝ කාලයක් තිස්සේ විකල්ප විශ්වයන් එහෙමත් නැත්තං සමාන්තර ලෝකයන් පිළිබඳව ඔබ ච්රිතපට, නවකතා හෝ අන්තර්ජාලය හරහා කියවා බලා අසා ඇත. එසේම සමාන්තර ලෝකයක පැවත්ම හා අනෙක් ලෝක අතර ගමන් කිරීම පිලිබද විවිධාකාර අදහස් යෝජනා කරමින් අනුවාදක ගොඩනගන අයද බොහෝ සිටි.
ඒ අතරම විද්යාඥයින් දසක ගණනාවක් තිස්සේ විකල්ප යථාර්ථයන්ගේ විභවය සොයාගැනීමට කාලය වැය කරයි. එලෙසම විවිධ න්යායන් ගොඩ නගාගෙන ඇති අතර සමහර න්යායන් වලට සාක්ෂි තිබෙන බවට ඔවුන් විසින්ම කරුණු ගෙන හැර දක්වයි. එම කරුණු නිවැරදි නම් සැබවින්ම සමාන්තර විශ්වයන් තිබිය යුතුය.
සමානතර විශ්වයන්ගේ වඩාත් ජනප්රිය න්යායන්ගෙන් එකක් වන්නේ නූල් න්යාය ( string theory) යි. මෙම සිද්ධාන්තයට අනුව, අප ජීවත් වන්නේ මානයන් නවයකින් යුත් බහුකාර්ය පරාසයක වන අතර අපට පෙනෙන්නේ මානයන් තුනක් පමණි.
අප රදා සිටින්නේ මානයන් තුනකින් පමණක් බැවින් අපගේ විශ්වය කඩදාසි පත්රයක් මෙන් සමතලා හැඩයක් ගනු ඇත. නමුත් අනික් මානායන් ප්රසාරනය කලහැකිනම් කාලඅවකාශය හරහා තවත් සමාන්තර විශ්වයන් ගොඩ නැගිය හැකිය. නමුත් ඒවා සමහර විට අපිට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකිය. සමහරවිට ඒවා එක සමාන ද විය හැකි ය.
නමුත් ඒවා න්යායන් පමණි. තවමත් අපි දුටු යථාර්ථය නොවේ. ඒත් කාට හරි පුළුවන් වුනොත් සමාන්තර විශ්වයන් පිළිබඳව සාක්ෂි හොයාගන්න, කුමක් සිදුවේවි ද..?
මෙක්සිකෝවේ වැඩ බිමකින් පුදුම සහගත කාසියක් සොයාගැනීමට ඩියාගෝ අවුලස් නම් පුද්ගලයා සමත් වෙලා තියෙනවා. පුදුමය වන්නේ කාසිය නිෂ්පාදිත වර්ෂය තවත් අවුරුදු 18කි එහා වීමයි.
2039 වර්ෂය ලෙස කාසියේ සදහන් වන අතර එය නාසින්ගේ කාසියක් ලෙස හදුනාගෙන තිබෙනවා. සාමාන්යයෙන් කාසියක් නිෂ්පාදනය කිරීමේදී එහි නිෂ්පාදන වර්ෂය සටහන් කරනු ලබනවා. එය එසේනම් 2039 වර්ෂයේ කාසියක් හම්බ වෙන්නේ කොහොමද ?
එහි නාසි පක්ෂයේ සංකේතයන් ලෙස රාජාලියා සහ ස්වස්තිකය දක්වා තිබෙන අතර ස්පාඤ්ඤ භාෂාවෙන් “නව ජර්මනිය” ලෙස සටහන් කොට තිබෙනවා. මෙක්සිකෝවේ ලාකොන්කෝඩියා ප්රදේශයෙන් මෙම කාසිය සොයාගත් නමුත් කිසිදු නාසි මුදල් වර්ගයක් පැමිණීම පිළිබඳ වාර්තාවක් ඉතිහාසයේ සදහන් නොවන බව කියවේ.
කාසියේ පිටුපස පැත්තෙහි යකඩ කුරුසය සටහන් කර ඇති අතර “ඇලි ඉන් ඉනෙර් නෙශන්” යන වාක්ය ඛණ්ඩයක් සදහන් අතර එහි තෙරුම වන්නේ “සියල්ලන්ම එක ජාතියක” යන්නයි.
මේ සම්බන්ධව අදාළ පුද්ගලයා විසින් අන්තර්ජාලයට වීඩියෝවක් එකතු කර ඇති අතර ඊට අදාලව බොහෝ දෙනෙක් ප්රකාශ කර ඇත්තේ කාසිය සත්ය එකක් නම්, එය කාල තරණය හරහා අනාගතයෙන් පැමිණි කාසියක් බවයි. එනම් 2039 දී නාසින් විසින් ලෝකය යටත් කරගත් අතර නාසින් විසින් දියුණු කරන ලද කාල තරණය හරහා, කවුරුන් හෝ අනතුරු ඇඟවීමට හොර රහසේම වර්තමානයට එවා ඇති බවයි. එනම් යුද්ධයෙන් පරාජය වන පාර්ශවය හෝ 2039දී සිදු වන තුන්වන ලෝක යුද්ධය වළක්වා ගැනීම සඳහා ඉඟියක් ලෙස එය වර්තමානයට එම කාසිය එවා ඇති බවයි.
වර්තමානයේ බොහෝ දෙනෙක් අනාවැකි පළ කරන්නේ තුන්වෙනි ලෝක යුද්ධය බොහෝවිට සිරියාවෙන් ආරම්භ විය හැකි බවය. 2018 දී සිරියාවේ සිදු වූ අමෙරිකානු ගුවන් ප්රහාරයෙන් පසුව ද ජර්මනිය පවසා ඇත්තේ අවශ්ය වූ විට සිරියාවට සහය දැක්වීමට ජර්මනිය ඕනෑම ඕනෑම මොහොතක සූදානම් බවයි. මෙවැනි සිදුවීම් ගණනාවක් පාදක කොට ගෙනයි ගෙන ජර්මනිය සහ සිරියාව විසින් තුන්වන ලෝක යුද්ධය ආරම්භ කරනු ඇතැයි අනතුරු අගවා ඇත.
දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර් විසින් නාසීන් විශාල ප්රමාණයක් ඇන්ටාක්ටිකාවට යැවූ අතර ඔවුන් එහි කඳවුරු බැඳගෙන සිට ඇත. වර්තමානයේ දී ද ඔවුන්ගෙන් පැවත එන, රහසිගතව ජීවත්වන නාසීන් එහි සිටින බව ද විටින් විට පුවත් එළියට පැමිණේ.දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර් හා සම්බන්ධව අද්භූත කතා රාශියක් පවතී. ඉන් එකක් වන්නේ ඔහු සැබැවින්ම මිය නොගිය බවත් කාල තරණය හරහා අනාගතයෙන් පැමිණි අයකු ඔහුව අනාගතයට රැගෙන ගිය බවත් තුන්වන ලෝක යුද්ධය ඔහු නිර්මාණය කරන බවත්ය. තවද ඔවුන් විසින්ම සාදන ලද බෙල් නම් කාල තරණ මැෂින් එක හරහා වෙනත් සමාන්තර විශ්වයකට පැන ගිය බවටද මතයක් පවති.
අනෙක් අතට නාසින් විසින් යොදාගත් නව අත්හදා බැලීම් යටතේ දියුණු කරන ලද සුපිරි ගණයේ සොල්දාදුවන් සිටි බවත්, ඔවුන් අමානුෂික ඝාතන යන්ත්රය ලෙස යොදාගත් බවත් දෙවන ලෝක යුද්ධය අවසන් වූ විට එංගලන්තය විසින් ම ප්රකාශ කර ඇත. අනෙක් අතට කලින් සඳහන් කළාක් මෙන් යුද්ධය අතරතුර ඇන්ටාක්ටිකාව වෙත යැවූ නාසීන් වර්තමානය දක්වා ද ඔවුන්ගේ පරපුර විසින් යම් රහසිගත ක්රියාවලියක නිරත වන බවට කතා පවතී. සමහර විට මේ කතා සියල්ලම නාසීන් විසින්ම පතුරුවා හරිමින් සිටිනවා විය හැකියි.
කෙසේ නමුත් මෙම කාසිය මේ වන විට පර්යේෂණ සඳහා යොමු කර ඇති අතර රාම්වණා යෝජනා කරන්නේ එය වැරදී 1939 වෙනුවට 2039 සටහන් වීමට හැකියාවක් පවතින බවත් එසේත් නැතිනම් අදාළ පුද්ගලයා නාසීන්ව නැවත කරලියට ගෙන ඒමට කරන ලද ප්රෝඩාවක් විය හැකි බවත් ය. නමුත් ඉහත කරුණු 100% ක් ප්රතික්ෂේප කරන්නේද නැත.
ස්පාඤ්ඤ භාෂාවෙන් කාසියේ නව ජර්මනිය ලෙස සටහන් වන අතර ඉතිහාසය තුල මෙක්සිකෝව කිසි විටෙකත් නාසි ජර්මනියේ සගයෙකු වුයේ නැත. අනෙක් අතට එය සමරු කාසියක් විය හැකියැයි ඔබට සිතුය හැකිය. එහෙත් මෙක්සිකෝව හා ජර්මනිය අතර කිසිදු සන්ධානයක් තිබී නොමැති අතර ඔවුන් එලෙස කාසියක් එලිදක්වාද නැත.
එපමණක් නොව, මෙක්සිකෝව 1942 දී ජර්මනියට එරෙහිව යුද්ධය ප්රකාශයට පත් කළ රටක් වන අතර “ඇලන් ඉන් අයිනර් නේෂන්” යනුවෙන් සදහන් නාසි කාසියක් ද එලිදක්වා නැත. අනෙක් අතට මෙක්සිකෝවේ මේ පුද්ගලයා විසින් මෙම කාසිය හැදුවා නම් ඔහුට එරට නීතියෙන් එල්ල විය හැකි බලපෑමක් සුවිශාල වේ.
එබැවින්, එය තවත් එක් කරුනක් ලෙස ඉවත දැමිය හැකිද…?
උපුටා ගැනීම: රාම් වණා