ගුරුවරු ළමයින්ට ගහන එක හරිද? (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ එක පොටෝ එකක තියෙන්නේ පෙබරවාරි 13 වැනිදා ලංකාදීප පත්තරේ ගියපු සිරස්තලයක්. අනිත් එකේ තියෙන්නේ මේ වගේ නිවුස් එකක් දැක්ක ගමන්ම කුලප්පු වෙන ෆේස්බුක් පේජ් ඇඩ්මින්ල හදන පෝස්ට් එකක්.
මේ පෝස්ට් හැම එකකින්ම කියන්නේ පාසල් දරුවන්ට ගහන්න ගුරුවරුන්ට අවසර දෙන්න ඕනේ කියලා. සරළවම කිව්වොත් ඒ පෝස්ට්වල සාරාංශය මේකයි.
“එදා ගුරුවරු අපිට ගහපුවට අපි නඩු දැම්මේ නැහැ. ඒ දැම්ම නම් ගුරවරයත් හිරේ. එදා අපිට ගැහුවේ නැත්නම් අපිත් හිරේ… ඒ නිසා ළමයින්ට ගහන්ඩ ඕනේ”
ලංකාදීප පත්තරේ ගියපු ප්රවෘත්තියට අනුව සිද්ධිය වෙලා තියෙන්නේ 2017 අවුරුද්දේ පෙබරවාරි මාසයේ. ඒ මාතර පුහුල්වැල්ල මධ්ය මහා විද්යාලයේදී.
ඒ පාසලේ විනය භාර ආචාර්යවරයා විසින් එවකට අවුරුදු 15 ක් වෙච්චි මේ කියන දරුවගේ කණ පළන්ඩ හේතුව තමයි කෘෂිකර්ම කාලපරිච්ඡේදයෙන් පස්සේ විදුහල්පති එපා යැයි පවසා ඇති බෝක්කුවක් උඩ වාඩිවී සිටීම.
ඒ ගුරුවරයා කනට ගහපු පාරට ඒ ළමයගේ කනට මුළු ජීවිත කාලයටම බලපාන විදිහේ හානියක් වෙලා කියලා අධිකරණයේදී අනාවරණය වෙලා. තේරෙන විදිහට කිව්වොත් ඒ දරුවට එයාගේ මුලු ජීවිත කාලයම ගෙවන්න වෙන්නේ එක කනක් ඇහෙන්නේ නැති මිනිහෙක් විදිහට.
මට නම් හිතෙන්නේ මේ විනයභාර ආචාර්යවරයා මහ තිරිසනෙක්. මම තාත්තා කෙනෙක්. මගේ පුතාගේ වයස අවුරුදු 11 යි. ඒ නිසාමද මන්දා මට මේ ප්රවෘත්තිය කියවලා විශාල කම්පනයක් දැනුණා. තමන්ගේ ළමයව තමන්ට කොච්චර වටිනවද කියලා දන්නේ අම්මෙක් තාත්තෙක් විතරයි.
එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තියෙන් දරුවන්ට ශාරීරිකව දඬුවම් කිරීම තහනම් කරලා තියෙනවා. ඒ වගේම ශ්රී ලංකාවේ අධ්යාපන අමාත්යාංශය විසින්ද ළමයින්ට පහර දීම අනුමත කරන්නේ නැහැ. අපේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 11 වැනි වගන්තියට අනුව දරුවන්ට පහර දීම මූලික අයිතිවාසිකම් කඩකිරීමක් විදිහට සැළකෙන්නේ.
ඒ හැම දෙයක්ම පැත්තකින් දාන්න, මනුස්සකම පැත්තෙන් බැලුවොත් අවුරුදු 15 ක පොඩි එකෙක්ගේ කණ පැළෙන්ඩ ගහන එක අනුමත කරන්න පුලුවන්ද?
ළමයෙක්ගේ වැරැද්දකට දඬුවමක් දෙන්නම ඕනේ නම් ගුරුවරයෙක්ට පුලුවන් වේවැලක් වගේ දෙයකින් පස්ස පැත්තට ගහන්න. අඩුම තරමේ ඒක දරුවට දරා ගන්න පුලුවන් වගේම, ඉන් ලොකු හානියක් වෙන්නෙත් නැහැ.
අනික් අතට ගුරුවරු ළමයින්ට ගහන්නේ ඔවුන්ව හරි මගට ගන්නද? බහුතරයක් එහෙමයි කියමුකෝ. එතකොට වෙන වෙන පෞද්ගලික කාරණා නිසා ළමයින්ගෙන් එළවා එළවා පළිගන්න ගුරුවරු නැද්ද? එක්කෝ තමන්ගේ ටියුෂන් පංතියට එන්නේ නැති නිසා, එක්කෝ තමන්ගේ දරුවට වඩා හොඳට ඉගෙන ගන්න නිසා, එක්කෝ බාහිර පෙනුම නිසා, නැතිනම් දෙමවුපියන් සමග තියෙන තරහක් නිසා, දරුවන්ට ශාරීරික වගේම මානසිකව හිංසා කරන ගුරුවරු නැද්ද?
මම ඉස්කෝලේ යන කාලේ මාව දකින දකින තැන දරා ගන්න බැරි තරමට මානසිකව හිංසා කරපු ගුරවරයෙක් අපේ ඉස්කෝලේ හිටියා. එහෙම අය ඕගොල්ලන්ට මුණ ගැහිලා නැද්ද…?
කණට හානි වුණු ළමයට ලක්ෂ එකහමාරක් ගෙවන්න කියලා ගුරුවරයට නියම වුණා. ඒ වගේම රජයෙනුත් ලක්ෂ 5 ක වන්දියක් දෙන්න කියලා අධිකරණය නියෝග කළා. ඔක්කොම ලක්ෂ හයාමාරයි. එතකොට ඒ දරුවගේ කන වටින්නේ ලක්ෂ හයාමාරද?
ඒ නිසා දැක්ක පළියට ගොන් පෝස්ට් ෂෙයාර් කරන්න එපා. කවුරුහරි කෙනෙක් තමන්ගේ දරුවට මේ විදිහේ අපරාධයක් කළාම ඒ අම්මා තාත්තට දැනෙන හැඟීම දැනෙයි.
මේ වගේ ගොබ්බ පෝස්ට් ෂෙයාර් කරන අයට ළමයෙක් කියන්නේ තවත් එක ළමයෙක් උනත්, අම්මලා-තාත්තලා වෙන අපිට දරුවෙක් කියන්නේ අපේ ජීවිතය… හරියටම කිව්වොත්, දරුවෝ කියන්නේ අපිට අපේ ජීවිතයටත් වඩා වටින දෙයක්.
May be an image of 3 people and text
– අනිල් කරුණාරත්න –

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!