සති අන්තේ නිවාඩුවට ගෙදර ගිහින් කොටුවෙන් 138 බස් එකක නැගලා හෑන්ඩ් ෆ්‍රී දෙකත් ගහගෙන ජනේලෙට ඔලුව තියන් …හෙට සදුදා කියලා මතක් උනාම දැනෙනෙ සාමාන්‍ය කාලකන්නි හැගීමත් එක්ක එකට එකතු උන මනෝ පාරක් ගහගෙන බෝඩිමට එන ගමන් හිටපු මගේ මනෝපාරට හෙන ගැහුවා වගේ කෙලඋනේ සීට් එක එහා පැත්තෙන් ඉදගත්ත මැදි වයසේ ඩයල් එකක් නිසා.
දැක්ක වෙලේම ඩයල් අවුල් කියලා තේරුනත්, ඩෝන්ට් මෙශර් බුක් බය් කවර් කියලා කව්ද එකෙක් කිව්ව එකක් මතක් වුන නිසා මම ටිකක් එහාට වෙලා මනුස්සයාට ඉදගන්න ඉදගන්න ඉඩ දුන්නා.
ඉදගන්න කොටම කුප්ප හිනාවක් දාගෙන ආපු ඩයල් එක දෙතුන් වතාවක් මගේ ෆෝන් එකට එබෙනවා යාන්තමට දැක්කත් මම බලන්න ගියේ නැත්තේ කනාවට හරි අන්කල් කාරයා රටේ දේශපාලනය හරි සන්ස්කෘතික වැදගත්කම හරි වගේ මාතෘකාවක් ඇදලා අරන් කතාවකට සෙට් උනොත් වෙන්න යන අටමගලේ ගැන හිතුන නිසාමය්.
හරියටම දවස් දහයක් වගේ නාපු නැති කුජීත සුවදක් නහය පසාරු කරගෙන මගේ හුස්ම එක්ක පපුවට බැස්සත්, පාඩුවේම හිටියේ බහින්න තියෙන හෝල්ට් ගාන වගේම බස් එකේ හිටපු සෙනග කන්දරාව මතක් කරලමය්.
මොනා උනත් ඩයල් එක දෙපාරක් තුන්පාරක් අපේ සීට් එකට ඉස්සරහින් හිටපු කපල් එක දිහා එබි එබී බලනවා මම නෝට් කරපු මට හිතුනෙම අන්කලයාගේ දුව කොල්ලෙක් එක්ක අතේ මාට්ටු වෙන්න යන සීන් එකක් වගේ…
ඒත් බැලූ බැල්මට නම් කෙල්ලය් අන්කලයය් තාත්තාය් දුවය් වගේ තියා හත් මුතු පරම්පරාවේ ලගින්වත් තියන්න බෑ කියලා මට තේරුනා.. මොනා උනත් කොල්ලය් කෙල්ලය් උන් දෙන්නගේ ලෝකේ තනිවෙලා ලෝකෙ පෙරලුනත් අපිට මොකෝ කියන ලෙවල් එකෙන් ෆුල් ලව් සීන් එකට එන්ටර් වෙලා තමා හිටියේ…
විනාඩියක් ගියේ නෑ, අන්කලයා කෙල්ලගේ පැත්තට දිව උලුක් කරලා ටොක් ගාලා මහ අමන සවුන්ඩ් එකක් දැම්මා අරුන් දෙන්නට ඇහෙන්නකොල්ලා අනික් පැත්ත හැරිලා මගේ දිහාය් අන්කලයාගේ දිහාය් මාරුවෙන් මාරුවට බැලුවේ ඒ සද්දේ කොහෙන් ආව එකක්ද කියලා හිතාගන්න බැරුවමය්. ඒත් කොල්ලට අන්කලයාගෙ ඩයල් එක දැක්කම තේරුම් ගියා සද්දේ ආවේ කොහෙන්ද කියලා. කොල්ලා මොකුත් නොවුන ගානට අනික් පැත්ත හැරිලා කෙල්ල එක්ක ආයෙම චැට් එකට වැටුනා.
විනාඩි ගානක් ප්‍රශ්නයක් නැතුව ගෙවුනා. මෙන්න බොලේ අන්කලයා කෙල්ලගේ කනටම ලන්කරලා ආයෙම අර තුප්පහි සවුන්ඩ් එක දැම්මා. ක්ශනිකවම කෙල්ලය් කොල්ලය් දෙන්නම අපේ පැත්ත හැරිලා ඇය් අන්කල් ප්‍රශ්නයක්ද කියලා ඇහුවත් අන්කලයා නෙමේ ගානකට ගත්තේ. මම හිතුවෙම අන්කලයා දැන් කය් දැන් කය් වගේ. මිනිස්සුත් එකා දෙන්නා බලනවා දැක්කම මටත් පට්ට චාටර් එකක් දැනුනා හරියට මම කරා වගේ.ඩයල් එකත් එක්ක කතා කරලා වැඩක් නෑ කියලා තේරුම් ගත්ත කොල්ලා ආයෙම පාරක් ලව් සීන් එකට එන්ටර් උනා.
ආයෙම විනාඩියක් ගියේ නෑ කලින්ට වඩා සද්දෙන් අන්කලයා ආයෙම අර කාලකන්නි සද්දේ දැම්මා. කොල්ලා නැගිට්ටා, අන්කලයාගේ මූනට ලන්වෙලා කිව්වා අන්කල් මොකක් හරි අවුලක්ද ? ආයෙ පාරක් කරලා කන පලා ගන්න හදන්න නම් එපා කියලා. ඒ කිව්ව කතාවට නම් මාවත් හීතල වෙලා ගියා.
කොල්ලා සීට් එකට ගිහින් කැඩිච්ච තැනින් ආයෙම ඌගේ ලව් ස්ටෝරිය පටන් ගත්තා. විනාඩි දෙකක් තුනක් ගියත් අන්කලයා නෙමේ සද්දයක් දැම්මේ.
බස් එක ෆුල් වෙලා කාටවත් අනික් එකා මොනා කරනවද කියලා හිතාගන්න බැරුව ඉන්න වෙලාවක තමය් මම දැක්කේ අන්කලයා ෆෝන් එකෙන් කැම් එක ඔන් කරන් ඉන්නවා. හොද බ්රේක් පාරක් ගහන වෙලාවක් බලලා මමත් අන්කලයාගේ ඇගට බරවුනා විතරය් හන්ගන් හිටපු ෆෝන් එක බිමට පතබෑවුනා.කාලා වරෙන්කෝ.. ඔය යකාගේ ඩිස්ප්ලේ එහෙම ගියා නම් ආත්ම ගානකට මූ මාව අමතක කරන එකක් නෑ…
චේතනාව යහපත් නිසාද මන්දා දෙවියනේ කියලා ෆෝන් එකට නම් අවුලක් නෑ වගේ.. රවලා මගේ දිහා බලපු ඩයල් එක, ෆෝන් එක බෑග් එකට ඔබා ගන්නවා දැක්කම ඇත්තමය් හිතට ආවේ පට්ටම කුප්ප ආතල් එකක්.ඕනේ මගුලක් කියලා මම ඇස් දෙක පියා ගත්තා..
තුම්මුල්ල බැහැගන්න බැහැගන්න කිව්ව සද්දෙට තමා ආයෙම ඇස් දෙක ඇරුනේ.හප්පච්චියේ මෙන්න අන්කලයා මගේ උරහිසේ නිදි… ඌගේ ආච්චිට… ඒ මදිවට කෙලත් නිකන් පෙරෙන්න වගේ හදන්නේ.. උරහිසින් පොඩ්ඩක් තල්ලු කරාම ඩයල් එක හරියට මම උරහිස කුලියට දුන්න වගේ මල පැනලා ඔලුව හදාගත්තා..
අන්කලයා හිටගෙන ඉන්න කෙල්ලොන්ගෙන් බෑග් බලෙන්ම ඉල්ලගන්න හෙනම ට්‍රය් එකක් දෙන්නේ.. බලෙන්ම තමා බෑග් ඉල්ලගන්නේ…යකෝ මූ ඒ කාලේ බෑග් මහන ඩයල් එකක්ද මන්දා..
ඔය වෙලාවෙම තමා ඇහැට කනට පේන කෙල්ලෙක් ඇවිත් අන්කලයටය් මටය් එහා පැත්තේ ඉදගත්තේ… හම්මට මෙන්න බොලේ අන්කලයගේ නින්ද කොහේ ගියාද නෑ … මූ ඒ පාර අර කෙල්ලට පැනි පෙරනවා…විනාඩි පහක් ගියේ නෑ අන්කලයා කෙල්ලගෙ උරහිසේ නිදි.හරිම රොමෑන්ටික් සීන් එකක්… කෙල්ල දෙපාරය් ගැස්සුවේ අන්කලයා ඇහැරුනා… දත් තිස් දෙකම පෙන්නලා කෙල්ලට පැනි හිනාවක් දැම්ම අන්කල්නාන්සේ ඊට පස්සේ නිදාගන්න ගියේ නෑ… ඒ වෙනුවට කෙල්ලගේ පැත්තට නිකන් තද වෙලාවගේ ඉදගන්න හැදුවා… මූ එහාටය් මෙහාටය් ඇබරෙනවා හතිලව්ව්වේ මට නම් මාරයා මතක් උනා… කෙල්ලගේ මූනත් රතු වෙලා …සෙනග වැඩි නිසා කෙල්ලට මොකුත් කර කියාගන්න දේකුත් නෑ…
දෙල්කද බහින්න ලන්වෙන්න කිව්වා ඇහුනා විතරය්, මම සීට් එකෙන් නැගිටින ගමන් ඕනේ මගුලක් කියලා හිතාගෙන … කෙල්ලට පොඩි ඇහැක් ගහලා …ඒ ටික වෙලාවට ප්‍රැක්ටිස් කර ගත්ත අන්කලයා දාපු කුප්ප සවුන්ඩ් එක දිවෙන් දැම්මා ටොක් ගාලා… අර කපල් එක හිටපු සීට් එක පැත්තට … කාටවත් පේන්නේ නැති වෙන්න …බහිනවත් එක්කමය් දැක්කේ …අර කොල්ලාගෙන් අන්කලයා කෑවා කෑමනක් ආයෙ මාස ගානකට හරියන්න..
කේස් එක කොච්චර සැරට ගියාද කියනව නම්… බස් එකෙන් අන්කලයව බස්සලා තමා පිටත් උනේ..
උපුටා ගැනීම: Dananjaya Yaparathne