ප්‍රේම කතන්දර වල අවසානය කොටස් වසයෙන්….. (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මයෙ අවුරුදු විසිතුනක් යන්තං ගෙවාගත්ත ජීවිත කතාව ඇතුළෙ ලද බොළඳ වගේම ලද ඇඩ්වාන්ස් ප්රේම කතන්දරද අටෝරාසියක් නෙවේ අතලොස්සක් තියෙනවා.ඕවා නිකං සතිඅන්තයෙ දි අර දවස් පහේම පෙන්නන කතා එක පොකුරට පෙන්නනවා වගේ කියන්න ගියොත් කියවන ඈටයා නිසා අපෙ අම්මට පීනස් හැදෙනන බැරි නැ.
මුලක ඉඳල අපේ ආච්චි කියන්නැහෙ කියනවනං ගායෙ මූලාරම්භය පටන්ගන්නෙ ඕ ලෙවල් වලින්.ඒ කාලෙ දෙකක් තිබ්බා.එකක් පාසල් ප්රේමය අනික ටියුශන් ප්රේමය.එකක් තමයි අපේ ඉස්කොළේ වැඩිමල් අයියල ප්රාණ හා සමානව සම කරපු පරම පිවිතුරු සම්ප්රදායික ක්රමේට හොයාගනිපු එකක්.සම්ප්රදාය තමයි සහෝදර බාලිකාවෙන් එකක් සොයාගැනීම.ඕක සම්ප්රදායක් වුනේ මිශ්ර පාසල වෙන වෙනම බෙදල කඳු දෙකකට ගැහැණු පිරිමි වශයෙන් වෙන් කරාම තමයි.දෙයියනේ කියල මල්ලිලත් ඒක ඒ විදියටම පරිස්සම් කරනවලු තාමත්(වෙන් කරපු එකාටනං ජාති ජාතිත් හොඳක්නං වෙන්නෙපා දෙයියනේ.තාමත් තනිකඩ ඒකයි මේ.හෙනම ගහනවා ඕකට) වටේ ගියා වැඩි වුනා.කතාවස්තුව අනුව ඒ කාලේ ඒ කෙල්ලට තිබ්බෙ මයෙ අකාශ වස්තුව වුන අපෙ අම්මගෙම නම.ඕක තමා ඒකිට කැමති වෙන්න ප්රධාන හේතුව.හරි හරි යකෝ බොළඳයි තමයි.මට වඩා අවුරුදු දෙකක් බාලයි සමීපව හම්බුණේ දහම් පාසලේදි තමයි.ඉතිං ලියුම් හෙමත් හුවමාරු වුනේ නැතුවම නෙවේ.ඇඹරි ඇඹරි කතා කරේ පන්සලේ බෝධි මළුවෙදි.ඕක ඉතිං දෙයියනේ කියල යහතින් ගියා මයෙ ප්රාණ සම මිත්රයා ඒ කෙල්ලට කුප්ප කතාවක් නොකියනකං.ඔය එකටම ඉන්න උන්නං අනේ මන්ද ඉතිං.ඌ තාමත් එකටම හින්දද මන්ද මට හරියන්නෙම නැ.පුදුම මූසලකමක් ඌනං.ඉතිං උන් දෙන්නගෙ රණ්ඩුව වැඩි දුර ගිහින් සමත මණ්ඩලය වෙච්ච මං ගාවට ෆයිල් එක ආවම මං වැඩි වශයෙන් යාලුවට පක්ශව කතා කරපු නිසා “තමුසෙ මහ බොරුකාරයෙක් අයියෙ” කියන ශ්රේෂ්ඨ කියමනත් සහිතව අපෙ ටවුන් එකේ ප්රසිද්ධ පාලමක් උඩදි කුඩපාරකුත් කාලම වැඩේ ඉවර වුනා.ජුකයි ටිකයි ටික දවසයි කියල ඇරියෙ නැ බැස්සා බොක්කෙන්ම ටියුශන් එකේ කෙල්ලගෙ පැත්තට.නම කිව්ට විශ්වාස කරපං සිරිරේඛා.යා යා යා අයි නෝව් ඉට් ලිට්ල් බිට් නොන්සස් නෝහ් තමයි
පස්සෙ හිත හදන් එක සිතින් ඕ ලෙවල් ටියුශන් කාලෙ සිට ඒ ලෙවල් දක්වා ට්රයි කරපු ⁣ඒ කෙල්ලගෙ කතා වස්තුව මෙහෙමයි.ආවේ ඕ ලෙවල් කොමස් ක්ලාස් එකට ඉතිං ගණං හිලව් කියල දෙන්න ගිහින් තමයි ඒ ප්රේමය පත්තු වුනේ හැබැයි ඕ ලෙවල් ටියුශන් අන්තිම කාලෙ විභාගෙ කට උඩ.අන්නේනිසා තමයි ඒක ඒ ලෙවල් වෙනකං කන්ටිනිව් කරන්න මං අහිංසකයට සිද්ධ වුනේ.ගණං කියල දීලා මං ඉල්ලගත්තෙ නම්බරේ.ඕ ලෙවල් කාලෙ ෆෝන් තියෙනවයැ.අම්මගෙ දුරකථන රාජය උස්සල රෑට රෑට කොට කොට නානප්රකාර වු රැස් බලමින් මං ඒක පාර්ශවික ප්රේමයක් මේන්ටන් කරන් ඒ ලෙවල් වලට ආපි.හැබැයි මමනං කියන්නෙ ඒ වගේ බලු වැඩක් මෙලොව කොල්ලෙක්ටනං වෙන්න එපාමයි කියල.යන්තම් දහිරිය දාලා ටෝක් වුනා කියල හිතපු කාලෙක මං මහ විරු පණ්ඩු වගේ රෑන පිරිවරාගෙන ගාල්ලෙ ස්ටේසම අබියසදි අදනං අහනවමයි කියල හිතාගෙන යද්දි ඒකි කොල්ලා එක්ක ස්ටේසමේ.2015 මුල්හරියෙම සෙනසුරාදා දවසක දවල් එකහමාරට හීන පිච්චිලා අලු හුළගෙ ගියේ නිකං තෑනෝස් ස්නැප් එක ගහපු ගානට.එවලෙ මට දැනුනෙ මුලු ලොව නිහඬයි සඳ තරුද හඩයි වටේම හෙන ගහල සුළි හුලං හමල වටේම කොල විසිරිලා යනවා වගේ හරියට හින්දි පිලුමක් වගේ රජා බලු වෙලා කොල්ලන්ගෙ හූ හඬ මැද මං හැඬූ කදුලින් ගාල්ලෙ බස් ස්ටෑන්ඩ් එක හරහා ගිහින් ගෙදර එන්න බස් එකට නැග්ගෙ.අදටත් ඒකිගෙ ගෙවල් ඉස්සරහින් යද්දි ගෙදරට බෝම්බ ගහන්න තරම් කේන්තියි මට කරපු ධාතු වැඩේට.හැබැයි ඒ ලෙවල් වලි්න පස්සෙ මං එළඹෙන්නෙ ඇඩ්වාන්ස් යුගයට ඒ ගැන වෙනම ලියන්නං නැත්නම් මේක මාගලක් වෙලා මං මළගමක් වෙනවා.රහ කරන්න දන්නැ ලියවෙන විදියට ඔයාලත් කියවන්ඩ
උපුටා ගැනීම: Da Zun

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!