අපේ ආරණ්යයේ දානෙට මේ පාර ඉන්නෙ හාමුදුරුවරු දෙනමයි කියල පණිවිඩේ එවල තිබ්බා. දෙනමක් නම් ඉතින් මහ හුගක් ප්රමාන උයන්න ඕන නෑනෙ. ජාති කීපයක්ම හොදට දෙමු කියල තාත්තා කිව්වා. අපේ අම්මා ඔන්න දානෙට ලෑස්ති උනා.
හාමුදුරුවෝ දෙනමයි,
අපේ ගෙදර පහයි,
මාමායි,
ලොකු පුන්චිලගෙ ගෙදර හයයි,
පොඩි පුන්චිලගෙ ගෙදර පහයි,
පොඩි පුන්චිලගෙ බාප්ප වැඩ කරන තැන ඉන්න මාමටයි නැන්දටයි බත් නොයව බාප්ප කන එක හරි නෑ කියල ඒ දෙන්නටයි,
සුදු මාමටයි එයාට තනියම කන්න බෑ ගෙදර උදව්වට ඉන්න කෙනාටත් යවන්න ඕන කියල එයාටයි,
වටේ ගෙවල් වල බබාල ලැබෙන්න ඉන්න අම්මල තුන් දෙනයි,
එහා ගෙවල් දෙකෙන් හැමදාම දානෙට බත් දෙන බව කියල ඒ ගෙවල් දෙකටයි,
ඒ ගෙවල් දෙකට බත් ගෙනියන කොට පල්ලෙහා ගෙදරින් දකී කියල ඒ ගෙදරටයි,
දානෙ අරන් ගිය ත්රී වීල් එකේ අයියටයි, එක්ක කෑම උයන්න අපේ අම්මා ප්ලෑන් කරා.
ඔක්කොම කෑම හතලිහයි. ආරණ්යයේ හාමුදුරුවෝ මස් මාලු වලදන්නෙ නැති උනාට අනිත් බත් වලට මාලුත් බෙදුවා.
අතුරුපසට ගෙනිච්චෙ කැවුම්, වැලිතලප , ජෙලි. අර හැමෝටමත් කැල්ල කෑල්ල හරි දෙන්න ඕන කියල වැලිතලප කැපුවා. කැවුම් උයන එක මොන කජ්ජක්ද කියල මහා කැවුම් ගොඩක් ඉව්වා. මස්සිනා වැඩ කරන බැංකුවෙ අයටත් කැවුම් යවන්න ඕන කියලා ඒගොල්ලන්ටත් එක්ක කැවුම් හැදුවා. හදිස්සියේ අපිට දානෙ තිබිල ඒක බැංකුවට ආරන්චි උනොත් මස්සිනාට ලැජ්ජ බව කියල තමයි බැංකුවට කැවුම් යැව්වෙ. අපිට සිල්ලර බඩු කඩයක් තියෙන්නෙ. ඒකෙ බඩු දාන්න එන ඩිලිවරි වෑන් වල ඔක්කොටම එදාට කැවුම් සමග කහට දුන්නා.
ඔන්න ඔහොමයි අපේ අම්මගෙ දානෙ ඉවිල්ල. ගේ ලග තියෙන අනිත් මහ පන්සලේ පිරිවෙනකුත් තියෙනවා. ඒ පන්සලට අවුරුද්දට දෙවරක් දානෙ තියෙනවා. ගොඩක් වෙලාවට හාමුදුරුවරු තිහක් විතර දානෙට ඉන්නවා. එතකොට ඔක්කොම කෑම සීයකට විතර හදනවා.
අපේ අම්මට උයනව කියන එක කජු කනව වගේ වැඩක්. ඒ වගේමයි කැවිලි හදන එකත්. අපේ ගෙදර ආව කෙනෙක්ට කැවිලි නොකා තේකක් බොන්න උනා නම් ඒක බොහොම අසාමාන්ය දෙයක්. අපේ ෆ්රිජ් එකේ එක තට්ටුවක තියෙන්නෙ කැවුම් පිටි, මුං කැවුම් පිටු, එතකොට දැවටිල්ලට ගන්න කහ පිටි, ආප්ප පිටි වගේ එකී මෙකී නොකී පිටි වර්ග වලින්.
අපේ තාත්තා නම් මේ සංකල්පයට තදින්ම විරුද්ධයි. තාත්තා නිතරම කියන්නෙ අම්මගෙ මේ කල් කිරියාව නිසා අපි හැමදාම එක තැන බවයි. අම්මගෙ මේ හදනව බෙදනව සංකල්පය ආච්චිගෙන් පැවතගෙන එන එකක්. අපේ ආච්චිත් ඒ වගේ. ගෙදර කෙනෙක් වැඩට ආවත් කනව බොනව ඇරෙන්න වැඩ කරන්න වෙලාවක් නැති බව පුන්චි කන් කෙදිරි ගානවා.
මගුල් ගෙදරකට ආරාධනයක් ආවොත් බොහෝ වෙලාවට අපේ ගෙදරින් කැවිලි පෙට්ටියක් ශුවර්. දානයක් කිව්වොත් වැලිතලප පාර්සලයක් අනිවාර්යයි. කඩේ වැඩත් කරන ගමන්, ගෙදර වැඩත් කරන ගමන්, උයන පිහන අපේ ලමයිත් බලන අතර අම්මා කැවිලිත් හදනවා. කිසිම දෙයක් බෑ කියල අම්මගෙ පොතේ නෑ.
ගමේ ගෙවල් වල ගොඩක් අම්මල තාම මේ වගේ තමයි. සක්කරයා ඇවිල්ල කිව්වත් බෙදන්න එපා කියල අපෙ අම්මගෙ මේ පිලිවෙල නම් වෙනස් කරන්න බෑ සහතිකයි. ඉන්න කාලෙ හොදට කාල බීල දීල ඉන්න ඕන කියන එක තමයි අපෙ අම්මගෙ මොටෝ එක.
අදත් අපේ ගොයම් කැපිල්ලට කෑම හදනවා. තේ බොන්න දෙන්න කැවුම් උයනවත් මම දැක්කා.
උපුටා ගැනීම: Buddhika Abeysundara