රසිදු, 2 උත්තර (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
රසිදු, 2 උත්තර ටික කියහන්කො
………………………………………………
“අම්මෙ මේ!’
‘මොකක්ද?…..’
‘පිටිපස්සෙ පේලියෙන් ආවෙ?’
මාත් ඇස් කන් ඇරල බැලුවා.
‘කවුද දුන්නෙ?…’
‘දන්නෑ! ‘
‘මොකටද ඒක එවල තියෙන්නෙ?’
‘පේන්නැද්ද ,2 ට උත්තරේ එවන්න කියලනෙ ‘
‘ඉතින් යැව්වද?’
‘යවන්න මන් දන්නෙත් නෑනෙ!”
බකස් ගාලා ආව හිනාව දත් අස්සෙන් එලියට පනින්න නොදී මන් මගෙ ඊලග මෙහෙයුමට කතාව ඇද්දා.
‘ දැනන් හිටියනම් කෝමද යවන්නෙ?’
‘ ඔය යට ඉඩ තියෙන්නෙ ඕන තරම්’
ඇත්ත නේන්නම් සෑහෙන ඉඩක් තියනවනෙ. ලස්සන මල් ඇට, හොද එලවලු ඇට තීනව කියදදි අනේ මටත් එවන්ට කියන ඈයො, බීජ එවන්ට නම් මුද්දර ඇලවූ ලියුම් කවරෙකුත් එවන්ට ඕන කියන කෑල්ල වටහා ගත්තෙ නැතිවට රසිදුගෙ යාලුවා ඒ අතින් පට්ට ප්ලෑනින්.
උත්තරේටත් ඉඩක් එවලා.
‘ඔයා කීයෙ උත්තරේ එවන්ට කියලද චිට් එකක් යැව්වෙ?’
‘මන් යැව්වෙ නෑ!’
‘ගුඩ්. දන්නැත්තන් නිකන් ඉන්නෝන. විබාග වලදි ඉගෙනගන්න ඕන නෑ. විබාග වලට යන්න කලින් ඉගෙන ගෙන යන්න. ‘
මන් එහෙම කියල ආය චිට් එක බැලුවා.
විබාග වලට පාඩම් කිරිල්ල තරම් බයානක දෙයක් එපා කරපු දෙයක් මේ ලෝකෙ නැති කාලයක් මටත් තිබුනා. කොහොමත් අපි එදා වේල පාඩම් කරපු ඩෑල් ඉස්සර. හෙන දර්ශීය චරිත. ගුරුවරුන්ගෙ ලමයිනේ.
එහෙම කිව්වට අපේ ගෙදර පාඩම් කරේ මන් විතරයි. ඉතුරු උන් තුන්දෙනා පාඩම් කරා කියල නම් මීටර් වෙන්නෙම නෑ. ඒත් මන් නම් මදි නොකියන්න පාඩම් කරා.
ඉතින් ටියුශන් ක්ලාස් නෑ. ගෙදර ඇවිල්ල සෙල්ලම් කරලා පාඩම් කරනවා. ආය පාඩම් කරල චුට්ටක් ඉදලා පාඩම් කරනවා .අම්ම උයනකන් පාඩම් කරනවා. මට මතකයි අම්ම පොල් ටිකක් ගාගන්න විතරයි පාඩමකට ඩිස්ටර්බ් කෙරෙව්වෙ. ඒකට පින් සිද්ද වෙන්න තාමත් පොල් ටිකක් විතරයි ගාගන්න පුලුවන්.
ඔන්න අද විබාගෙ කිව්වොත් පොත පැය තුනක් විතර මේ පැත්තෙ ඉදන් අර පැත්තට ස්කෑන් කරනවා . ඔක්කොම දන්නවා . විබාගෙට පට්ට කොන්ෆිඩන්ස්. උත්තර ලියල ඉවර වුනාම ඒ කාලෙ මාකින් ස්කීම් හදන්නෙ අපේ එව්ව බලල.
එක ලකුනක් අඩු වෙන්නෙ කලාතුරකින් . පන්තියෙ එක නැත්නම් දෙක. පලවෙනි වතාවට පේපර් එකකට 98න් පල්ලෙහා ලකුනක් එනවා. ජීවිතේ කඩා වැටෙනවද මිත්රෝරනි,
එහෙම වෙන්නෑ . ආරියශීලි මිස් පේපර් එක මූනට දමල ගැහුවාම දිග ඇරල බලනවා. සූලොජි පේපර් එකට ලකුනු 12ක් එනවා . එදා මට තේරෙනව 1 වසරෙ තාලෙ දිගටම වයන්ට බැරි බව. පේපර් එක උඩු මහලෙන් බොට්නි ගාර්ඩ්න් එක පැත්තට උඩින් යනවා. ලියපු හැම උත්තරේම වැරදියි. මන් ඒක කවදාවත් ආය ඇහින්දෙත් නෑ දැක්කෙත් නෑ.
හම්බ වෙන හැම ප්රශ්න පත්තරේම එකම ෆෝර්මැට් එක නෙවේ. එකම ෆෝර්මැට් එකෙන් හම්බවුනත් උත්තර දෙන ස්ටැයිල් එකත් එකම ෆෝර්මැට් එකම නෙවේ කියල මට තේරෙන්නෙ 12 පංතියෙදි. මන් ජිවිතේ පලමු වතාවට කොපි කරන්න ඕන කියන තැන නවතිනවා. ඒත් ආය මට ඉස්කෝලෙදි කිසිම විබාගයක් හම්බ වෙන්නෑ කොපි කරන්ට. මොකද ඊට කලින් මාව පොඩි බඩ්ඩකට සස්පෙන්ඩ් කරනවා. ඊටත් පස්සෙ ඉස්කෝලෙ වහනව . ආය අරින්නෙ ඒ ලෙවල් එග්සෑම් එකට.
දැන් මම කොපි කරන විදිහ ස්ටඩි කර ගෙන යනවා. ඉස්සරහා ඉන්න ලමයා කවුරු වෙයිද දන්නෑ . මට පේලියක ඉස්සරහම හම්බ වෙනවා .අන්තිම මොහොතෙ මට මාරම කොන්ෆිඩන්ස් එකක් ඇවිල්ල මම ස්වෝත්සායෙන් ලියනවා . ඒ ලියපු ලිවිල්ලට එහෙමම කැම්පස් යනවා. කැම්පස් එකේ ෆයිනල් එග්සෑම් එකේ පීඩියැට්රික්ස් කොපි කරන්ටම හිතාන යනවා. ඉස්සරහ එකාට කියනවා කොලේ පාතට දාන් ඉන්ට කියලත්. ඒත් උගෙ කොලේ මටත් වඩා හිස් කියල වැටහෙනකොට ඒකත් ස්වෝත්සායෙන්ම ලියල වයිද්ය වුර්තියට එනවා.
පීඩනය වැඩි වෙනකොට කොප්පෙ ගහන්න හිතෙනවා . කොපි කරනවට අපි කිව්වෙ එහෙම. ටිකක් පොශ් ලමයි කිව්වෙ කොපිකැට් කරනව කියල. මොන නමින් කිව්වත් ඔක්කොම කරේ එකම දේ . ආත්ම විශ්වාසය ඇරෙන්න කිසිම විබාගයකට හරියන කොප්පෙ ගැහිල්ලක් නෑ.
. ………….
මට මතක විදිහට අවුරුද්ද 2017.
තැන කැබිතිගොල්ලෑව අද්යාපන කොට්ටාශය.
මන් වැඩට ඇවිල්ල අවුරුද්දයි.
කොප්පෙ ගහන්න ගියපු ලමයෙක් ඕලෙවල් විබාගෙ පුදුම විදිහට සැලැසුම් කරන් කොප්පෙ ගහනවා. ඉස්සරහ ලමයා එක්ක හොදම සැලසුමක් එයා හදා ගන්නවා. දවස් කීපයක්ම ලස්සනට වැඩේ යනවා. ඒත් ගනන් පේපර් එක දවසෙ ලමයගෙ ඩෙස්ක් එක මාරු වෙනවා, පන්ති කාමරේ තෙමිලා. ලමයා පේලියෙ ඉස්සරහට වැටෙනවා. කොප්පෙ ගහන්න පේන්න තියෙන්නෙ මූන ඉස්සරහින් තියන සමර ගාපු බිත්තිය විතරයි. එයා ගාව ප්ලෑන් B තිබිල නෑ. පේපර් එක ලියපු ලමයා ඊලග දවසෙ ආය පේපර් එකක් ලියන්න ඉස්කෝලෙට යන්නෑ. එයා බෙල්ලෙ වැල දාගෙන සියදිවි හානි කර ගන්නවා.
ලමයි කොප්පෙ ගහන්නෙ ආත්ම විශ්වාසෙ අඩු වුනාම. ඒත් කොප්පෙ ගහන්න අවශ්යතාව වැඩි වුනාම. නොදන්න කමට කොප්පෙ ගහන එවුනුත් ඇති. දන්නව නම් කොපි කරන්න ඕන නෑනෙ.
විබාගෙකට යනකොට ලෑස්ති වෙලා යන්න. කොපි කරන්න ඕනම නම් විබාගෙට කලින් කොපි කරන්න. විබාගෙට එන ශාලා පරීකශක වරු කියන්නෙ කොප්පෙ ගහන විදි ගැන දන්න ඔස්තාද්ලා. ඉතින් එයාලට ලමයා හැරෙද්දි තේරෙනවනෙ.
හැරෙන්නැතිව කොපි කරන්ට පුලුවන් කියල හිතන ඈයොන්ට කියන්නෙ . බල්ලෙකුට වඩා හීනි සද්ද එයාලට ඇහෙනවා. බල්ලෙකුට වඩා ඉවකුත් තියනවා. බල්ලෙකුට වගේ හොද ඇහැකුත් තියනවා. (දැන් ඉතින් ඉන්විජිලේටර්ස්ලා පෝලිමට එන්න එපා බල්ල බල්ල කිව්ව කියලා. )
කාටහරි තේරෙන්නෙ නැති දෙයක් හම්බ වුනොත් දෙපාරක් නැතිව ශාලා පරීක්ශකගෙන් අහන්න. එයාලා ඔන්න යමින් ගමන් ඇගිල්ල තියල යනව ඕකට කතිරෙ ගහපන් කියලා. එහෙම උන් ලැබෙන්නෙත් හාව හද දකින්නා වගේ. ඒ නිසා කොන්ෆිඩන්ස් විතරක් ඇති විබාගෙකට.
………………….
ආයෙත් රසිදුට
‘ඉතින් ඔයා 2 ට මොනාද අන්තිමට ලිව්වෙ.’
‘මතක නෑ.’
‘මොකක්? ‘
‘මොනා හරි ටිකක් ලිව්වා. ඒත් ඒක උත්තරේ නම් නෙවේ. ‘
‘හෑ..’
ඇත්තටම ඒක ස්ක්රිප්ට් එකේ තිබ්බෙ නෑ. හෑක් ගෑවුනා. ඇස් දෙක ඇරුනා. මේකා යකෝ..
‘ ඒකෙ ඇහුවෙ නව ශිලා යුගේ ගැන. ‘
‘ඉතින්?’
‘මන් පාඩම් කරන් ගියෙ මද්ය ශිලා යුගේ කෑල්ල නෙ. මන් ඒ ටික ඒකට ලියල ආවා. ‘
ටීචර් දැන් ඒ කෑල්ල බලනව ඇති මයෙ හිතේ!
උපුටා ගැනීම: Kiloshini Hendawitharana

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!