නැවත උපන් හෙදි දියණිය (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
රෝහලක කොහොමත් වැඩිපුර සිටින්නේ කාන්තාවන්ය ,ඉනුත් ප්රසුතිකාගාරයක
මාතෘ වාට්ටුවක සිටින්නේ සියයට අනූ නවයක්ම කාන්තාවන්ය
එතැන කාන්තාවන්ද බහුල ,එමෙන්ම කාන්තවන්ම උදෙසා ස්ථානයක් මුත් කාන්තා
සංවිධාන නම් එහි අඩුපාඩු සදහා දායක වන්නේ ස්වල්ප වශයෙන්ය යනු මගේ අත්
දැකීමය .ඔවුන් ඊට වඩා සත්ව හිංසනය ,අයාලේ යන සතුන් රැක ගැනීම වැනි කටයුතු
සදහා උද්යෝගිවත්ය .
එකල මා සේවය කලේ නොමේරු ළදරු එකකයකය .එහි රාත්රී සේවා මුරයක් අතිශය කාර්ය
බහුලය .සවස හතරේ සිට පසුදා අට වන තෙක්ම දුරකථන ඇමතුම් වැල නොකැඩි එන්නේ
රෝහලේ විවිධ තැන්වල සිටින නවජ ළදරුවන්ගේ ගැටළු විසදීමටය
එදින සවස පහට පමණ ලැබුණු දුරකථන ඇමතුමකින් කියවුනේ ළදරුවෙකුගේ හර්ද
ස්පන්දන ප්රමාණය අඩු වෙමින් යන නිසා ඉතා හදිසියෙන් සිසේරියන් සැත්කමක් කරන බවත්
ළදරුවාට අවශ්ය වුවොත් ප්රතිකාර සදහා වහා ශල්යාගාරයට පැමිණෙන ලෙසත්ය .
ශල්යාගාරයට මා යද්දී එහි පිටතද පිරිසකි . ඔවුන්ගේ මුහුණුවල කිසියම් කෝපයක් ,
කලකිරීමක් මෙන්ම සියුම් වික්ෂිප්ත දුකක්ද දක්නා ලැබුණි .
මා යන විට සිසේරියන් සැත්කම අරබා තිබිණි . ටික වෙලාවකින් ප්රසුතිය සිදුවූ නමුත්
හැඩීමක් නොමැතිය . දරුවා හොදින් වැඩි ඇති කෙල්ලකි ,රෝස පාට වෙනුවට මලානික සුද
මැදින් සිරුර පුරා දරුවාගේම මළ කොළ පාටින් තැවරිලා ය කුසේදීම හුස්ම අරන් ඒ මල ද්රව්
ස්වසන මාර්ගයට ගොසිනි
ඉක්මනින් ස්වසන මාර්ගයට නලයක් දැමු මා හැකි පමණ අප ද්රව්ය ඉවත් කර කෘතීම
ස්වසනය දෙමින්ම ,හර්දයද පණ ගන්වා ගතිමි , ඉක්මනින්ම දරුවාද ඔතාගෙන පහලට
ඔසවාගෙනම පැමිණියේ විදුලි සෝපානයෙන් එන්නට ගියහොත් වෙලා ගතවන බැවිනි
දරුවා කිලෝ තුනකට ආසන්න බරය ,වෙනත් කිසි ආබාධයක් නොමැතිය
නමුදු පැය ගණනාවක්ම සියයට සියයක් ඔක්සිජන් දුන්නත් ලැබුනේ මද
ප්රගතියකි
සාමාන්ය යෙන් මෙසේ ගර්භාශයේදී මළ ද්රව්ය බෙහෙවින් පෙවුණ විට ළදරුවෙකු ජිවත්
කිරීම බෙහෙවින් අපහසුය
රාත්රී කාලයේ බෙහෙවින් අපහසුවෙන් ස්වසන යන්ත්ර ආධාරයෙන් තබා ගත් දරුවා
බැලීමට පාන්දරින් ම ආවෙමි
දැන් නම් යාන්තම් රෝස පාටක් පෙනේ
“ඩොක්ටර් දන්නවද ,මේ අපේ හොස්පිටල්ම නර්ස් කෙනෙක් ගේ බබෙක් “
“හා ඇත්තද ? එතකොට සීසර් කරන්න පරක්කු උනේ .?”
“හරියටම දන්නේ නෑ , මිස් නෝමල් ඩිලිවරි ලේබර් රුම් දාලා
පලවෙනි බබානේ ,මිසුත් විටින් විට සීසර් කරන්න කියලා
කොහොම මුත් සවස් වෙලා “
“එයා හොදින්ද ?”
“එයා වාට්ටුව දෙක වෙන්න අඩනවලු
මහත්තයා පොලිසියේ අයි .පි කෙනෙක්
වී .ඕ ජි .සර්ටත් බැනලා ..”
“අපි ඒවා ගැන හොයන්න ඕනි නෑ ,ළමයා බෙර ගන්න බලමු “
දරුවා සතියක කාලයක්ම ස්වසන යන්ත්රයේ පිහිටෙනි . රෝහලේම තරුණ හෙදියක්
හා උසස් පොලිස් නිලධාරියෙකු වූ සැමියා දුකින් මෙන්ම කිසියම් නුරුස්නාවකින්
හැසිරෙයි
එකල එල් ටි ටි යුද්ධය පැවති කාලයයි
එකල තත්වයේ හැටියට හෙදියකගේ හා පොලිස් නිලධාරියෙකුගේ ජිවන
ගමන කෙතරම් ආදරණිය උවද දුෂ්කරය ,ඒ දුෂ්කරතා මැද පෙරුම් පුරා ලද
කුලුදුල් දියණිය ස්වසන මැෂිමක සිරව සටන් කරන්නීය .
ඒ ආතතිය කෙතරම්ද කිව්වොත් නළයකින් හෝ දරුවාට දෙන්නට මවගේ කිරිද
නොමැති ලෙසකි
කෙලෙස හෝ දින දහයකින් පසු ස්වසන යන්ත්රයෙන් දරුවා ඉවත් කර ගත
හැකි විය
නමුත් ඛේදනීය තත්වයකි
විටින් විට දරුවාට වලිප්පුව සේ ගැස්ම හැදෙ ,ඒ වලක්වා ගත හැක්කේ
බෙහෙත් වර්ග දෙක තුනකිනි ,ගැස්ම පමණක් නොවේ දරුවා
හුස්ම ගන්නේ දැඩි වෙහෙසිණි .අයගේ ස්වාස නාලය කුඩා වී ඇත ඒ
කාලයක් නලයක් දමා තිබීමේ ප්රතිපලයකි
මේ නම් සංවේදී තත්වයකි
ගැස්මෙන් හැගෙන්නේ ඔක්සිජන් අඩුකමින් මොලයට හානි වූ සැකයකි
හුස්ම ගැනීමට අපහසුව වැඩි උනොත් ගෙල සිදුරු කර නාලයක් දැමිය
යුතුය
ඒ අතර දැරියගේ පවුලේ සියල්ලෝ චෝදනා කරමින් හැසිරෙති
අන්තිමේ දැරිය බොරැල්ල ළමා රෝහලට වැඩිදුර ප්රතිකාර සදහා
ගෙන යාමට තීරණය කෙරිණි ,
ඒ ගමනද යාමට වුයේ මටමය
ගිලන් රථ වල පහසුකම්ද මෙකලටද වඩා එකල අඩුය ,කොලබ යාම එනිසා කොහොමත්
දුෂ්කර ගමනකි
නලා දාගෙන හය්යෙන් යාමත් දරුවාට අපහසුවකි
සාමාන්ය වේගයෙන් කෑගල්ල දක්වා ගමන නිමා කළෙමු
අධික උණුසුම නිසා අප කුරුම්බා ගෙන පානය කළෙමු , දැරියගේ මවට දරුවාට කිරි
ස්වල්පයක් දෙන්නට උවමනා විය
“වෙනදා විදියට පරිස්සමින් ටිකක් දෙන්න මිස් “
පරිස්සම තමාය .
දරුවා ඉරුවේ එක කිරි උගුරකි ,ගැස්ම හැදී හය්යෙන් ගැහෙන්නට විය
මා ඊට අවශ්ය බෙහෙත් විදින්නට කීවත්
අභාග්ය වන්නේ කිසියම් ප්රමාද දෝශයකින් ඒ බෙහෙතම අමතක් වෙලාය
“මිස් මෙන්න සල්ලි ෆමසියකවත් බලමු “
ගිලන් රථයේ හෙදිය නිල ඇදුමින්ම නගරය පුරා බෙහෙත් සොයයි
දරුවා ටිකින් ටික නිල් පාට වෙයි
හෙදිය වූ අම්මා මර ලතෝනි දී මගේ දෙපා වදිමින් දැරියගේ ජීවිතය අයදී
මෙසේ නිල් උනොත් දැරිය මිය යයි
කුඩාම නලයක් ගෙන ස්වසන මාර්ගයට ඇතුල් කිරීමට උත්සාහ කලෙමි
එය බොරු වැඩකි .ස්වසන මාර්ගය එතරම්ම කුඩා වෙලාය
ෆාමසි කිසිවක ඒ බෙහෙත් නැත
කිසියම් නිර්භීත තීරණයක් ගත යුතුය
ඇති බෙහෙත් විද දැරිය සිහි නැති කලෙමි , යාන්තම් ඇගේ මුඛය නාසය හරහා
ඔක්සිජන් මිරිකමින් ගිලන් රථයේ රියදුරාට හැකි වේගයෙන් යන්නට කිව්වෙමි
විටින් විට හර්ද ස්පන්දනය අඩු වද්දී බෙහෙත් දෙමින් දැන් හෙමින් ආ ගිලන් රථය
බල්බ පත්තු කරගෙන මහා හඩින් වේගයෙන් ද්ගාවනය වෙයි
දැන් ඉතින් රාජා හෝ මාහෝ ගංගා හෝ කියා මෙලෙසින් යා යුතුමය
පුවක් ගසක් ගියත් දෙබලක් යයි කියා කියමනකි
කවදාවත් නැතිව කැළණි පාලම උඩදී හමුදාවෙන් ගිලන් රථය නතර කලෝය
ඒ යුද්ධ කාලය උවත් ,හැම තැන බෝම්බ සෝදිසි තිබුනත් මට ඇති උනේ කෝපයකි
“මේ මොන කෙහෙල්මලක්ද ?”
මා අසල උන් හෙදියට මැතුරුවෙමි
විසි ගණනක් හමුදාවෙන් වට විය , කෙසේ මුත් දැරිය දුටු විට ඔවුන් කල්පනා බරිත විය
“සමාවෙන්න ඩොක්ටර් කෑගල්ලෙන් කොටි ඇම්බියුලන්ස් එකකින් එනවා කියා
වන් වන් නයින් කෝල් කරලා ..එකයි හොයන්නේ ,ඔයාලා යන්න “
අපේ කලබලය එකල තත්වය මත මිනිසුන් හිතා ඇත්තේ කොටි වැඩක් කියාය
කෙසේ හෝ මේ කරදර මද දැරිය නිරුපද්රිතව ළමා රෝහලට ගෙන ගියෙමු
ඉන් මාස දෙක තුනකට පසු ඇය මා හමු වන්නට පැමිණියා
එවිට දැරියගේ ගෙල සිදුරු කර නළයකින් හුස්ම ගනිමින් සිටියාය
දැරිය හුරු බුහුටි ලස්සණ කෙල්ලකි
“හා කොහොමද ,දුවට කොහොමද මිස් ?”
“එදාම ට්රකියෝස්ටෝමි කළා
පස්සේ ෆිට් එකත් නැති උනා
හෙට ආයි කොලබ යනවා ට්රැකිය අයින් කරන්න
ඩොක්ටට පින් දෙන්නයි ආවේ ?”
ඈ කුඩා ත්යාගයක් ද දී මට වැන්දාය
මම හදවතින්ම ඇයට යහපත පැතුවෙමි
ඊටත් වඩා මා සතුටු වූ දිනයක් තිබේ
එනම්
අවුරුදු ගණනකට පසු මේ මවත් ,පියාත් දියණියත්
මල් පහන් ගෙන කතා බහ කරමින් නුවර වැව රවුමේ මට ඉදිරියෙන් යනු
දුටු වේලාවේය .
උපුටා ගැනීම: Premanayake Cyril

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!