ජැක් ද රිපර් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ජැක් ද රිපර් කියන්නේ අපරාධ ලෝකයේ හමුවුන දාමඝාතකයන් අතරින් ප්රසිද්ධ පුද්ගලයා. ඒකට එක හේතුවක් වන්නේ දාම ඝාතකයින් අතරින් ඔහු පැරණිතම පුද්ගලයෙක් වීම.. ඊලග කාරණය තමයි කිසිම දිනක ඔහු නීතියේ රැහැනට හසු නොවීම. 1888 අවුරුද්දේ ලන්ඩනයේ වයිට්චැපල් දිස්ත්රික්කයේ ගණිකාවන් 5 දෙනෙක් ඝාතනය කරමින් ලන්ඩනයම භයකරපු ජැක් ද රිපර් මිනීමැරුම් සිදු කලේ ඉතා අමානුෂීය විදිහට.
මෙම මිනීමැරුම් වල බොහොමයක් සමානකම් තිබිලා තියෙනවා. සියළුම කාන්තාවන් එකම පිහිය යොදා එකම ආකාරයට කපා කොටා ඝාතනය කර තිබීම ඉන් ප්රධානම සමානකමක්. එක් කාන්තාවක් හැර අන් සියල්ලන්ගේම සිරුරු විවිධ ආකාරයන්ට විකෘති කොට තිබුණා. චැප්මන් නම් කාන්තාවගේ ගර්භාෂයත්, එඩෝව්ස් නම් කාන්තාවගේ ගර්භාෂය හා වකුගඩුවකුත්, කෙලී නම් කාන්තාවගේ හදවතත් ඝාතකයා විසින් කපා ගලවා අරගෙන ගිහින් තිබුණා. ඔවුන් ඇතැමෙකුගේ උදර සහ ලිංග ප්රදේශ කපා කොටා දමා තිබූ අතර, එඩෝව්ස්ගේ සහ කෙලීගේ මුහුණු කපා විකෘති කර දමා තිබුණා.
මෙම මරණයන් සිදු කර ඇති ස්වභාවය නිසාම මස් මරන්නන්, මස්කඩ වල සේවයේ නියැලෙන්නන්, වෛද්යවරුන්, සහ ශල්ය වෛද්යවරුන් සැකයට ලක්වුනා. ලන්ඩනය පුරාම වූ මස් මරන්නන් සහ මස් කඩ සේවකයින් 76ක් පමණ ප්රශ්න කිරීම වලට ලක් වුනා. පොලිස් පරීක්ෂණ වල අසාර්ථකත්වය පිළිබඳව අසතුටට පත් සිවිල් වැසියන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙලා රාත්රී කාලයේ මුර සංචාරයන්හි නියැලුණත් ඝාතකයා හසු හොයා ගන්න බැරි වුනා.
ලෝකයම මේ ගැන කතාකලා.. ච්රිත්රපට ගනනාවක් හැදුනා.. නමුත් ඝාතකයා කවුරුන්ද යන්න තහවුරු කර ගැනීමට නොහැකි වුණා. නමුත් කුප්රකට මිනීමරුවා විසින් ලියන ලදැයි කියනු ලබන බොහෝ විවාදාත්මක වික්ටෝරියානු දිනපොතක් නිවසක් අලුත්වැඩියා කරමින් සිටි පුද්ගලයන් සමූහයකට හමුවෙලා තියෙනවා.
ඒ අනුව කපු වෙළෙන්දෙකු වන ජේම්ස් මේබ්රික් නම් පුද්ගලයා ජැක් ද රිපර් යැයි සැක කරනවා. ඒ මීට වසර 30කට පෙර ලිවර්පූල් හි කපු වෙළෙන්දෙකු වන ජේම්ස් මේබ්රික් ලෙස නම් කරන ලද දිනපොතක නීත්යානුකූලභාවය පිළිබඳව සැක පහළ විමත් සමගයි.
කොහොමහරි දිනපොත සොයාගත් මයික් බැරට් නම් පුද්ගලයා ද මතක සටහන් වල මූලාරම්භය නිසියාකාරව පැහැදිලි කිරීමට පෙර මිය ගිහින් තියෙනවා එමගින් දිනපොත ව්යාජ එකක් විය හැකි යැයි බොහෝ දෙනා විශ්වාස කරනවා.
මෙම දිනපොත සොයාගත් නිවසේ මුල් හිමිකරු වෙන්නේ ජැක් ද රිපර් ජීවත් වුන කාලයේන ජිවත් වුන මේබ්රික්. ඔහුගේ නිවස කඩා අලුත් වැඩියා කිරීමේදී තමා මේ දිනපොත හමු වෙන්නෙ.
වයිට්චැපල් ඝාතන වලින් වසරකට පසු 1889 දී ජේම්ස් මේබ්රික් මිය ගිහින් තියෙනවා. ඊට පස්සෙ 1992 දී විදුලි කොන්ත්රාත්කරුවන් කණ්ඩායමක් විසින් මේබ්රික්ගේ කලින් දේපල බැට්ල්ක්රීස් හවුස් ලෙස නම් කරලා තියෙනවා. කොහොම හරි 1992 මාර්තු 9 වන දින කම්කරුවන් නිවසේ සිටි බව සනාථ කරන කාල පත්රිකා නව සාක්ෂි වලට ඇතුළත් වේලා තියෙනවා.
විශේෂඥයන් පවසන්නේ දිනපොත ජැක් ද රිපර්ගේ සැබෑ අනන්යතාවය සනාථ කරන බවයි. එමෙන්ම මෙම දින පොත සොයාගත් පුද්ගලයාට එතරම් සාක්ෂරතාවයකින් තොර වූ අතර එවැනි ආකාරයක වංචාවක් සිදුකිරීමට ඔහුට හැකියාවක් නොමැති බවද කියවෙනවා.
බොහෝ විචාරකයින්ගේ මතය වන්නේ එම දිනපොත එකල ප්රවෘත්ති වාර්තා වලින් සාදන ලද ප්රබන්ධයක් විය හැකිබවයි. තවත් සමහරු සිතුවේ දිනපොත හෙළි කරන තොරතුරු දැනගත හැක්කේ සැබෑ ජැක් ද රිපර්ට පමණක් බවයි.
Post එක හොදයි නම් තව කෙනෙක්ට දැනගන්න share කරන්න.
උපුටා ගැනීම: රාම් වණා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!