මම රාවණාට ඉතා කැමතිය.
එයට හේතුව වාල්මිකීය.
වාල්මිකී විසින් විෂ්ණුගේ දස අවතාර වලින් එකක් යැයි කියන රාමා උත්කර්ෂයට නැංවීමට ලියූ ප්‍රබන්ධය රාමායනයයි. හැබැයි සිතා හෝ නොසිතා වාල්මිකී උත්කර්ෂයට නංවා ඇත්තේ රාවණාය.
සමහර ප්‍රබන්ධ සත්‍ය වූ නිමිත්තක් වටා ගොඩ නැගෙයි.
ඒ නිසා රාවණා සිටියේ නැතැයි කීමට ඉක්මන් නොවෙමි.
එසේම හිටියා හෝ නැතා වාල්මිකීගේ සිතේ මැවුනු රාවණා මගේ සිත අරන් ඉවරය. මගේ සිත අමන්දානන්දයට පත්කර ඉවරය.
හැබැයි නැවත නැගිටින රාවණා කෙනෙක් වාල්මිකී කිව්වත් මං විශ්වාස නොකරමි. එක් වරක් පැමිණ ගිය රාවණා හොදටෝම ඇතිය.
ඇයි මං රාවණාට කැමති. වාල්මිකී නොකී කතාව දැනගත් විට ඔබද කැමති වනු ඇත.
රාවණා නියම හෙළ පුරුෂයෙකි. ඔහුගේ නැගණිය ඉපදුනු විගස පරපුර නසන යෝගයක් ඇතැයි අනාවැකිවලට කියැවුණි. ඒ නිසා මුහුදේ පාකර යැවූ විට ජනක රජුට ලැබෙන පුංචි සිගිත්තිය ඇයයි. පසු කලෙක මුළු දැඹදිවම වශීකල රූපයෙන් ගුණයෙන් අග්‍ර වූ රාජිනිය වූ සීතා කුමරිය වූයේ ඇයයි. ඇය අතපතා පැමිණි සියගණනක් රාජ කුමරුවන්ට හිස් අතින් යෑමට සිදුවූයේ ජනක රජු ඔවුන්ට දුන් අභියෝගයක් නිසාය. ඒ තුමාගේ දුන්න තිබූ තැනින් එසවිය හැකි පුද්ගලයකුට දියණිය දෙන්නට ඔහු අදහස් කළ නිසාය. ශක්තිමත් සැමියෙක් ලබාදී දියණියට ආරක්ෂාව සැලසීම සිතූ නිසාය.
සීතාගේත්, ලංකාවේත් අවාසනාවට දුන්න එසැවීමට ශක්තිය තිබ්බේ රාමා නම කුමාරයාටය. ඉතිං සීතා අයිති උනේ ඔහුටය.
මේ සැම දෙයක්ම රාවණා ඇතුළු සොයුරෝ චරපුරුෂයන් මගින් දැනසිටියහ.
රාජ්‍යත්වය පිළිබද ප්‍රශ්නයක් නිසා රාමා සීතා අයෝධ්‍යාව අතහැර වනගතවිය.
මෙය දැනගත් රාවණා නැගණියගේ දුක සැප බැලීමට සුපර්ණිකා නම් තම අනෙක් නැගණිය යැව්වේය. රාමාගේ සහෝදර ලක්ෂ්මන් ඇගේ නහය කපා දැමුවේ එවන් අවස්ථවක ඇය සීතා හමුවූ විටකදීය. අක්කා නගෝ රහස රැකගන්නට කළ රගපෑම අහවර වූයේ සුපර්ණීකාගේ නාසය අහිමිවීමෙනි.
රාවණාට නැගණියන් දෙදෙනාම පීඩාවිදි අන්දම දැක යක්ෂයන් දහසක් එකවිට ආරූඪ විය. ඔහු සීතා පැහැරගෙන පැමිණ ඇයට සුවෙන් සැපෙන් වෙසෙන්නට ඉඩ ලබා දුන්නේය.
රාමා අවේ සීතා අරන් යන්නටය. එය ලෙහෙසි වූයේ නැත. අන්තිමට හනුමා උදව්වට පැමිණියේය. වරක් රාමා බරපතල තුවාල ලැබූ විට හනුමා හිමාලයට ගොස් බෙහෙත් උස්සන් අහසින් එන විට කොටසක් රිටිගලටත්, කොටසක් රූමස්සලටත් වැටුණු බව කියති.
කෙසේ හෝ භාරත ඉතිහාසය පුරාම ඇති හිරිකිතම උපක්‍රමය රාමා විසින් රාවණා ජය ගන්නට යොදා ගත්තේය. ඒ රාවණාට එරෙහිව ඔහුගේ සොහොයුරා යොදාගැනීමෙනි. විභීෂණ රාමාට රැවටුණි. එතෙක් භාරතය දැක අසා නොතිබූ , රාවණා විසින් නිපදවූ නවීනතම ආයුධය විභීෂණ විසින් රාවණාගේ අවිගබඩාවෙන් හොරාගෙන රාමාට දුන්නේය. කුමටද? ලංකාරාජ්‍ය තුළ රජ වෙන්නටය.
අවසානයේ ඒ අවියෙන්ම රාවණා මරා ව්භීෂණ නාමික රජෙක් කර, හනුමන්තා ලවා ලංකා රාජ්‍ය ගිනිතබා රාමා සීතාත් රැගෙන යන්නට ගියේය. මේ සටනේදී රාවණාගේ සොයුරු කුම්භකරණ, පුතුන් වූ ඉන්ද්‍රජිත් , ආක්ෂේ මරා දැමෙන්නේය
ලංකාවෙන් යෑමට පෙර සීතා පතිවත රැක්කාදැයි දැන ගන්නට රාමාට ඕනෑ විය. සිතා ගින්නට පැන සත්‍ය ක්‍රියාකොට පතිවත ඔප්පු කළාය.
රාමා සීතා සමග රජ සැප විදින විට දවසක් අහම්බෙන් අඹුසැමි රංඩුවක් කණ වැකෙන්නේය. එහි සැමියා බිරිදට මෙසේ කියයි. “රාම රජ්ජුරුවෝ සීතා විශ්වාස කරන්න මෝඩ උනාට මං මෝඩ නෑ”
මෙය ඇසූ රාමා කළකිරී සීතා මාලිගයෙන් පිට කරන්නේය. ඇය ඒ වන විටත් ගැබිණියකි.
වනගතවන ඇය වනයේ තවුසන්ගේ උපකාරයෙන් නිවුන් දරුවන් හදා වඩා ගනී. ඕං අහම්බෙන් රාමාගේ සෙබළුන්ට හසුවූ මේ කණඩායම මාළිගාවට රැගෙන එන්නේය. දරුවන් රාමාගේ කපාපු පළු වැනිය.
ඒ රාජ සභාවේදී සීතාට නැවතත් පතිවත ඔප්පු කරන්නට රාමා පවසන්නේය.
සීතාට තම පරපුරේ අභිමානය මතුවීමෙන් ඇය එය ප්‍රතික්ෂේප කර රාමාගෙ හිණ තිබූ කිණිස්ස උදුරාගෙන ඉන් පපුවට ඇණගෙන මැරෙන්නේය.
එය දුටු රාමා මැරෙන්නේය , ඊලගට ලක්ෂ්මන් මැරෙන්නේය. ඒ අයුරින් රජ වාසලෙන් භාගයක්ම මියගොස් කතාව අහවර වන්නේය.
මේ කතාවේ හැටියට රාමා පුම්බපු රජෙකි. තීරණයක් ගත නොහැකි, තමන්ගේ බිරිද විශ්වාස කළ නොහැකි, කාලා සික්ස් පැක්ස් පමණ හදා ගත් ගොබිලෙකි
රාවණා රණශූරයෙකි, බුද්ධිමතෙකි, අගනා වෛද්‍ය ග්රන්ථ හතරක් ලබා දුන්,ශල්‍ය වෛද්‍යවරයෙකි.
අහසින් යා හැකි යානා නිපදවූවෙකි. පරපුරම නසනවා කිව්වත් නැගණිය ආරක්ෂා කෙරුවෙකි.
මේ දිග කතාව කිව්වේ
රාවණා පිට දමා ඉන්දියාව මේ මොහොතේ මේ රටේ ඉන්න මෝඩ සිංහලයන් අන්දන්නට හදන උප්පරවැට්ටියක් කරළියට ගේන්නට සැරසෙන බැවිණි.
මේවාට නොරැවටෙන්න. රාමයණයේත් හැරීපොටර් කතාවේත් ලොකු වෙනස් කම් නැත
ඒ නිසා අප දන්නා රාවණාට ආදරය කරමු. ඔහු නැවත ඇවිත් රට බේරගන්නකං බකංනිලං නොඉද මේ මොහොතේ කළ යුතු දේ කරන්න.
අනුන් ඔක්කොම කරලා දුන්නම භුක්ති විදින කම්මැලි මොළගෙඩියට ඔක්සිජන් ටිකක් වැටෙන්න, සෙරෙප්පු නැතුව, උදෑසන හිරු එළියේ වැඩක් කරන්න. තම ජාතියට ආදරය කරන්න, එය රකින්න. රාවණාලා, ගැමුණුලා, විජයබා, පැරකුම්, ගජබාලා ඉබේම මතුවේවි.
ආදරෙයි රාවණා. මොහොතකට හෝ
ලැබෙනවා නම් අයියණ්ඩියෙක් නුඹ වගේ මං මගේ නාසය විතරක් නොව කණ් දෙකද බෙල්ලද දෙමි සතුරන්ට.
නැවත එන්න එපා. මේ පුරයේ විභීෂණලා සහ හනුමන්තලා විතරමයි ඉන්නෙ. ඉන්න තැනක සතුටින් ඉන්න රජතුමනි!
උපුටා ගැනීම: Esharma Kariyakarawana