බැනුම (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අවුරුදු 8 -10 විතර කාලයකට ඉහත සිරිපා අඩවියට පහළින් කුඩා ජලවිදුලි බලාගාරයක් ඉදිකිරීමේ ව්යාපෘතියකට අපි සම්බන්ධ වුනා.
මේ ව්යාපෘති භූමිය පිහිටියේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවැති කැලෑවක් තුලයි. ප්රවේශ මාර්ගයේ අවසාන කොටස සමන්විත වුනේ ඉතා තියුණු බෑවුමකින් යුතු වූ කැඩී බිඳී ගල් මතු වූ කිමී 5-6ක කඳුකර මාර්ගයකින්. මේ කොටසේ මුල් හරියේ අපේ වාහනවල පළලට සමාන පළලකින් යුතු ඇඳි නැති පාලමක් තිබෙනවා. මේකට වාහන ඇතුළු කරන්න බොහෝ රියැදුරන් බයයි. මේ මාර්ග කොටසේ බොහෝ තැන්වල ජංගම දුරකථන වැඩ කරන්නේ නැහැ.
එක දවසක අපි මේ ව්යාපෘති භූමියට යමින් හිටියා. ගමනට සම්බන්ධ වුනේ මමත් තවත් එක මිතුරෙකුත් විතරයි. වාහනය පැදෙව්වේ මිතුරා.
මේ යද්දී ඔහුට වයිෆ්ගෙන් කෝල් එකක් ආවා. ඒත් සිග්නල් වරින්වර නැති වෙන නිසා ඇයට අවශ්ය දේ කියා ගන්න බැරි වුනා. මාර්ගයේ හා සිග්නල්වල තත්වය නොදන්නා ඇය හිතුවේ අපේ මිත්රයා ෆෝන් එක කට් කරන බව. ටිකෙන් ටික ඇයගේ ඇමතුම උණුසුම් වෙන්න වුනා. මාර්ගයේ ඇති අනතුරුදායක ස්වභාවය හා ඇමතුමක් පවත්වා ගෙන යාමට ඇති අපහසුව නිසා සයිට් එකට යාමෙන් පසු එහි ඇති සීඩීඑම්ඒ දුරකථනයට කතා කර ගන්නැයි මම ඔහුට කීවා.
යන්තම් ඉඩ ඇති තැනක වාහනය නැවැත්වූ ඔහු නොසැඟවූ කෝපයෙන් යුතුව ඇයට පසුව කතා කරන්නැයි දන්වා සීඩීඑම්ඒ දුරකථනයේ අංකය යැව්වා.
අසීරු ගමනකින් පසුව හෙම්බත්ව අපි ව්යාපෘති භූමියට ගියා. සයිට් ඔෆිස් එකේ අපට තේ පැන් සංග්රහයක් සූදානම් කර තිබුණා. අප තේ පානය කරමින් සාකච්ඡා කරන අතරතුර දුරකථනය නාද වුනා. මීරිගම ප්රදේශයේ පදිංචිකරුවකු වූ තාක්ෂණික නිලධාරියා දුරකථනය ගත්තා.
දුරකථනයට ඇහුම්කන් දී සිටි ඔහු වචනයක් වත් නොකියාම මූණ රතු කර ගෙන ගොස් ඇඳ පැළඳ ගෙන ඔහුගේ ප්රධානියා අමතා, “*** මහත්තයා, පොඩි ප්රශ්නයක්. මම පොඩ්ඩක් ගමේ ගිහින් එන්නම්” යනුවෙන් කියා ගෙන මඟට බැස්සා. ඔහුගේ හදිසිය දුටු ප්රධානියා බස් පාරක් කරා යාමට කැබ් රථය ලබා දුන්නා. ඒ වෙනකොටත් ඔහු මඟක් ගිහින් හමාරයි.
මොහුට මොකද වුනේ ? පොඩ්ඩක් විපරම් කරන විට දැනගන්න ලැබුණේ අළුත විවාහ වී සිටි ඔහු බිරිය කවදාවත් නැති ලෙස, හේතුවකින් තොරව කෝපයෙන් බැණ වැදීම නිසා කලබල වී ගෙදර ගිය බවයි.
වැඩේ තේරුනේ එතකොටයි. “තමුසෙට මොකද වෙලා තියෙන්නේ ? කෝල් එකක් දුන්නාම කට් කරනවා”.. යනාදි වශයෙන් මගේ මිතුරාගේ භාර්යාව තමන්ගේ ස්වාමිපුරුෂයාට එල්ල කළ ප්රහාරය තමන්ගේ බිරිඳ තමන්ට කළ බැනවැදීමක් ලෙස පටලවා ගත් ඔහු ඒ වන විටත් සෑහෙන දුරක් ගිහින් ඉවරයි !
උපුටා ගැනීම: Parakrama Kuruppu

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!