කොවිඩ් එන්නතේ වත්මන් තත්වය (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ලෝක කොවිඩ්-19 එන්නත් සැපයුමෙන් සියයට 75 ක්ම රටවල් 10 ක් විසින් බෙදාගෙන ඇති අතර, ලොව අන්ත දිළිඳු හෝ දිළිඳු රටවල් 130 කට පමණ මේ දක්වා පළමු එන්නතේ මාත්රාවවත් ලැබී නැති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් පවසනවා.
“රටවල් කීපයක් විසින් මේ විදිහට එන්නත් ගබඩා කිරීම අසාධාරණයි” ගුටෙරෙස් පවසනවා.
එන්නත් බෙදීයාමේ මේ අසමානතාවයට විසඳුමක් ලෙසින් ගෝලීය එන්නත් ප්රවේශය ප්රවර්ධනය කිරීම සඳහා හදිසි කාර්ය සාධක බළකායක් ඇති කිරීමට ජී-20 රටවල් පියවර ගත යුතු බවද මහ ලේකම්වරයා කියනවා.
“මේ තීරණාත්මක මොහොතේදී එන්නත් සමානාත්මතාවය ගෝලීය ප්රජාව ඉදිරියේ ඇති විශාලතම සදාචාරාත්ක පරීක්ෂණයයි” ඔහු පෙන්වා දෙනවා.
ඩිජිටල් දත්ත ගබඩාවට අනුව මේ වන විට ලොව පුරා එන්නත් මාත්රා මිලියන 188 ක් බෙදා හැර ඇති අතර, ඉන් මිලියන ගණනක් ලබාගෙන ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, එක්සත් රාජධානිය සහ ඊශ්රායලය යන රටවල් විසිනුයි.
කෙසේ වෙතත් එන්නත් තොග වශයෙන් රැස්කරගෙන ඇති රටවල් 10 නිශ්චිත වශයෙන් හෙළිකිරීමට මහ ලේකම්වරයා කටයුතු කර නැත. කෙසේ වෙතත් ඇමෙරිකාව මෙම ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින අතර, ඇමෙරිකාව මේ වන විට එන්නත් මාත්රා මිලියන 72.4 ක් අත්පත් කරගෙන ඇති අතර, ඉන් මාත්රා මිලියන 56 ක් දැනටමත් ජනතාවට ලබාදී ඇත.
උපුටා ගැනීම: Parakrama Kuruppu

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!