ලෝකයේ ජීවය බිහිවුණු දවසේ ඉඳලා මේ දක්වා කාලයෙන් කාලයට ආපු වසංගත රෝග නිසා මිය ගිය මිනිස්සු සංඛ්යාව වර්ථමානයේ ලෝකේ ජීවත් මිනිස්සු ගානට වඩා කීප ගුණයකින් වැඩි ඇති.
මේ හැම වසංගත කාලයකදිම මිනිස්සු තමන්ට හැකි පමණින් ඒ වසංගත රෝගය එක්ක සටන් කළා. කවුරැවත් සටන් නොකර මැරැණේ නෑ.
මිනිස්සු ගල් ගුහාවල ජීවත් වෙන කාලෙත් එක එක වසංගත රෝග එන්ඩ ඇති. මිනිස්සු එකා පිට එකා මැරිලා යන්ඩ ඇති.. ඒ අතරවාරයේ කැලේ තියෙන ගහ, කොළ මල්, ගෙඩි සහ අතු වගේ නොයෙක් දේවලින් රෝගයට ප්රතිකාර හොයන්න ඒ මිනිස්සු උත්සාහ කරන්නැති. ඒ මිනිස්සු ඒ කළ සටන තමයි අද වෛද්ය විද්යාව විදිහට දියුණු වෙලා තියෙන්නේ.
අද අපි සටන් කරන කොවිඩ් වසංගතය ලෝකයේ පළවැනි වසංගත රෝගය නෙමෙයි…. ඒ වගේම අවසාන වසංගතයත් නෙමෙයි… ඒත් හැම පාරම වගේ මේ පාරත් මිනිස්සු මරණය වෙනුවට ජීවිතය වෙනුවෙන් සටන් කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා… නොපෙනෙන දෙවියෙක් වෙනුවට ජීවමාන මිනිස්සු මේ ලෙඩේට බෙහෙත් හොයාගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ තවත් එක ප්රතිඵලයක් තමයි අද මට ලැබුණු මේ එන්නත.
කාලිමෑනි කියපු වට්ටෝරැවකින් හදපු පැනියක් ගැන සමහරක් ඕනෑවට වඩා උඩපනින කොට මම විශ්වාස කලේ මිනිස්සු වෙනුවෙන් මිනිස්සු හදන බෙහෙත් ගැන.
“පපුව පලලා හදවත එළියට අරගෙන සනීප කරලා ආපහු පපුව ඇතුළට දාන… ඔලු කට්ට කපලා මොළය එළියට අරගෙන සනීප කරලා ආපහු ඇතුළට දාන, හොඳ කරන්න බැහැයි කියන පිළිකා හොඳකරන ජීවමාන දෙවිවරැ වගේ මිනිස්සු කොවිඩ්-19 මර්ධනය කරන්න ක්රමයක් හොයනවා… මට නොපෙනෙන කාලිමෑනිට වඩා ඒ මිනිස්සු විශ්වාසයි…. ඒක නිසා මම අද ගොඩාක් සතුටෙන් මේ එන්නත විදගත්තා… මේ එන්නත වෙනුවෙන් මහන්සි වුණු, ඒක අත්හදා බලන්න අවදානමක් අරගෙන ඉදිරිපත් වුණු මිනිස්සු හැමෝටම බොහෝම ස්තුතියි… බොහෝම පිං…