ඇය රැජිණකි. එහෙත් ඇය බි්රතාන්යයේ එළිසබෙත් රැජිණ මෙන් නාමික රැජිණක් නොවේ. නැබියාවේ අවසන් ගෝත්‍රික රජ පෙළපතේ සාඩම්බර සාමාජිකාවක වන ඇය ගත කරන්නේ දියුණු යැයි පවසන බටහිර රටවල නාමික රැජිණියන්ගේ මහේශාක්‍ය ජීවිතයට හාත්පසින්ම වෙනස් ජීවිතයකි. හරියටම හඳුන්වා දුන්නොත් ඇය නැමිබියාවේ ඔක්වන්යාමා ගෝත්‍රයේ නායක රැජිණයි. ඇය නමින් “මීකුළු” ය.
ගම් වැසියන්ගෙන් බදු වශයෙන් එකතු කරගන්නා ලද ධාන්‍යවලින් පිරී ඇති “ඔමාඩාව” නැතිනම් රාජ්‍ය ධාන්‍යාගාරය පාලනය කිරීම ඇගේ ප්‍රධානතම රාජකාරියකි. ශිෂ්ඨ ලෝකයේ පාලකයන් මෙන් නොව දුර්භික්ෂ සමයකදී මෙම රාජකීය ධාන්‍යාගාරය පොදු ජනතාව වෙත විවෘත කරන අතර රජ මාළිගාවට ආ කෙනෙකු හිස් අතින් යන්නේ නැත.
ඇය කවුන්සලය ලෙසින් හැඳින්වෙන උපදේශනාත්මක මණ්ඩලයක සහාය ඇතිව ඔක්වන්යාමා ගම්මාන 55 ක් පාලනය කරන්නේ පිදුරු සෙවිළි කර සකස් කරන ලද තම රජ මාළිගාවේ සිටය. එම මණ්ඩලයේ සාමාජිකයන් පත් කිරීම සහ ඉවත් කිරීමද ඇය සතු කාර්යයකි.
රාජ්‍යත්වයට පත්වූදා සිටම මීකුළු රැජිණගේ එකම අරමුණ වී ඇත්තේ ඔක්වන්යාමා සංස්කෘතිය ආරක්ෂා කිරීම සහ තම රට වැසියාව සැපෙන් සහ සුවෙන් තැබීමය. ඒ අතින් තමන් එළිසබෙත් මහා රැජිණටත් වඩා ඉදිරියෙන් සිටින බව මීකුළු රැජින පවසයි.
“ඕනෑම කෙනෙකුට මගේ මාළිගාවට ඇතුළු වෙන්න අවසර තියෙනවා. එංගලන්තයේ රැජිණ හරි නම් අපේ රාජධානියට ඇවිත් අපිව ආදර්ශයට ගන්න ඕනේ”
මීකුළු රැජිණගේ වංකගිරියක් වැනි මාළිගාවට ඇතුළු වීමටද නියමිත විදිහක් ඇත. සාමාන්‍ය වැසියකු මාළිගයට පැමිණෙන්නේ නම් ඔහු පළමු වෙන්ම තම අවශ්‍යතාවය කෑ ගසා පැවැසිය යුතුය. පසුව වංකගිරියක් වැනි මාළිගය තුළට ගොස් නියමිත ආචාර සමාචාර දැක්වීමෙන් පසුව තම වාරය පැමිණෙන තෙක් බලා සිටිය යුතුය.
(ඩේලිමේල් ඇසුරෙනි)
අනිල් කරුණාරත්න