Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ ඉන්නේ ජොශප් බයෙනා. ඒත් මෙයාව කවුරුත් දන්නේ සුපිරි හොලිවුඩ් නළු ආර්නොල්ඩ් ස්වාසෙනෙගර් ගේ පුතා කිව්වොත් තමයි. තාත්තගේ අඩි පාරෙම යන්න තීරණය කරපු බයෙනත් මේ වෙද්දි රඟපෑමට යොමුවෙලා.
ජෝශප් බයෙනා කුළුඳුලේම රඟපාපු චිත්රපටය තමයි . විද්යා ප්රබන්ධ ප්රහසනයක් නැතිනම් කොමිඩියක් විදිහට නිෂ්පාදනය කරලා තියෙන Chariot චිත්රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතය.
ජොශප් බයෙනා සුපිරි ක්රියාදාම නළු ආර්නොල්ඩ් පුතා කිව්වට ඉතින් එතැන තියෙනවා පොඩි හුටපටයක්.
ආර්නොල්ඩ් කසාද බැඳලා හිටියේ මාරියා ශ්රීවර් ව. ඉතින් මාරියයි ආර්නොල්ඩුයි ඒ දෙන්නගේ ගෙදර දොරේ වැඩ කටයුතු පහසු කරන්න හවුස්කීපර් කෙනෙක්, එහෙම නැතිනම් අපේ භාෂාවෙන් කියනවා වගේ වැඩකාරියක් බඳවා ගත්තා. මේ වැඩකාරිය තමයි මිල්ඩ්රඩ් බයෙනා.
මිල්ඩ්රඩ් අවුරුදු 20 ක් විතර ආර්නොල්ඩ්ගේ ගෙදර වැඩ කළා. ඔය අතර වාරේදි 1995 අවුරුද්දෙදි මිල්ඩ්රඩ් ගැබ්ගත්තා. 1996 අවුරුද්දෙදි ඇය පුතෙක් හම්බ වුණා. ඒ ළමයගේ තාත්තා කවුද කියලා ඇහුවම මිල්ඩ්රඩ් කිව්වේ තමන්ගේ කලින් සැමියාගේ කියලා. ඒ මනුස්සයගේ වාසගම තමයි බයෙනා.
මෙන්න මේ ළමයා තමයි ජෝශප් බයෙනා.
ආර්නොල්ඩ්ටයි-මාරිය ටයි ළමයි හතර දෙනෙක් ඉන්නවා. පුත්තු දෙන්නයි, දුවලා දෙන්නයි. එක පුතෙක් තමයි ක්රිස්ටෝපර්. මේ ක්රිස්ටෝපර් ඉපැදිලා දවස් ගානකට පස්සේ තමයි ජෝශප් ඉපැදුණේ.
කොහොම හරි ජෝශප් ටික ටික ලොකු මහත් වෙද්දි ආර්නොල්ඩ් ගේ බිරිය මාරියාට යම් අමුත්තක් තේරුණා. ඒ ආර්නොල්ඩ්ගේ නීත්යානුකූල කසාදේ පුත්තු දෙන්නට වඩා ගෙදර වැඩකාරි විදිහට සේවය කරන මිල්ඩ්රඩ් ගේ පුතා පෙනුමෙන් වගේම කතා බහෙනුත් ආර්නොල්ඩ්ට බෙහෙවින් සමාන වුණු නිසා.
එතකොට තමයි වැඩේ පත්තු වුනේ. අන්තිමේදී 2011 වසරේදි ආර්නොල්ඩ් සහ මිල්ඩ්රඩ් පිළිගත්තා ජෝශප් කියන්නේ තමන් දෙදෙනාගේ අනියම් ඇසුර නිසා ඉපැදුණු ළමයා කියලා. එතකොට ජොශප් ට අවුරුදු 13 යි. මිල්ඩ්රඩ් තමන්ගේ රැකියාවෙන් සමුගත්තා. මාරියා ආර්නොල්ඩ්ගෙන් දික්කසාද වුණා.
කොහොම වුණත්, මේ කාලය පුරාම ආර්නොල්ඩ් තමන්ගේ ලෙයින් ජාතික වුණු ජෝශප් ට අසාධාරණයක් කෙරුවේ නැහැ. එයාගේ හැම වියදමක්ම රහසිගතව දැරුවේ ආර්නොල්ඩ්. අම්මටයි පුතාටයි ඉන්න ගෙයක් පවා ආර්නොල්ඩ් අරගෙන දුන්නා. අන්තිමට ජොශප් විශ්වවිද්යාලයේ ගිහින් උපාධියක් ගනන් කම් ආර්නොල්ඩ් එයාගේ හැම වියදමක්ම දරුවා.
ඒ නිසා ආර්නොල්ඩ් කළේ වදරක් වුණත්, ඒ කවුරුවත් ආර්නොල්ඩ් ට දොස් කිව්වේ නැහැ.
ගෑණියෙකුයි මිනිහෙකුයි ආදරයෙන් බැඳෙන්න ඉතින් වයසයි තරාතිරමයි බලපාන්නේ නැහැනේ.
මොනවා වුණත් තවමත් 23 හැවිරිදි වියේ ඉන්න ජොශ්ප බයෙනා නම් පෙනුමෙන් වගේම ඇගපතෙනුත් ඇරපු අතක් නෑ ආර්නොල්ඩ්ම තමයි. කොච්චර හොරෙන් ඇවිද්දත් අපේ පියසටහන් ඒ විදිහටම කොහේ හරි තැන්පත් වෙනවා කියන්නේ ඒක තමයි.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!