ශතවර්ෂ ගණනාවකට පෙර ඇමෙරිකාවේ ලව්ලොක් ප්‍රදේශයේ ජීවත් වුනා යැයි කියනු ලබන ජනප්‍රිය රතු හිසකෙස් සහිත මිනීමරු යෝධයන්ගේ යැයි කියන සිරුරක් ඉතිහාසයේදී සොයා ගැනිනි.
විද්‍යාඥයින් පවසන්නේ මෙම යෝධයින් භූමදාන කිරීමෙන් පසු පොළොවෙහි රසායනික බලපෑම නිසා කළු හිසකෙස් රතු හිසකෙස් බවට පත් වී ඇති බවයි.
1970 දශකයේ මැද භාගයේ දී රෙනෝ හි නෙවාඩා ඓතිහාසික ගොඩනැගිල්ලේ දී ද “යෝධ ඇටකටු” ලෙස සලකුණු කරන ලද මමියක් සොයා ගෙන තිබිනි.
මෙම යෝධයන් ගැන නෙවාඩා හී ආදී මිනිසුන් කියන පරිදි ඔවුන් දරුණු මිනිසුන් සමූහයක් වන අතර අහසට පැන ඊතල හිස මත සගවාගෙන සිට සතුරන්ට විදීමට අතිශයින්ම දක්ශයන් වේ.
නෙවාඩා සහ ඇරිසෝනා යන ප්‍රදේශවලට ආවේණික ස්වදේශික-ඇමරිකානු ගෝත්‍රයන් වන පයූට්ස්, සී-ටෙ-කා වරුන් පවසන්නේ ඔවුන් වහලුන් මරා ආහාරයට ගත් දරුණු මෙන්ම ළඟා විය නොහැකි ජනතාවක් වූ බවත් වසර ගණනාවක යුද්ධයෙන් පසු ගෝත්රිකයන්ගෙන් මිදීමට යෝධයින් ප්‍රදේශයෙන් පලා ගිය බවත් ය.
පලාගිය යෝධයෝ ලව්ලොක් ගුහාවේ රැකවරණය ලැබූ අතර ඔවුන්ට පිටතට පැමිණ සටන් කරන ලෙස ඉල්ලා සිටියද ඔවුන් එය ප්‍රතික්ෂේප කළ බැවින් ඔවුන් පසුපස ලුහුබැඳ ගිය අය යෝධයින්ට එළියට එන ලෙස බල කිරීම සඳහා ගුහාව එලියෙන් ගිනි තබා තිබේ. ඉන් ගුහාව තුළ රැඳී සිටි යෝධයෝ හුස්ම හිර වී මරනයට පත් ව ඇත. සොයාගෙන ඇති එක් සිරුරක් මේ කියන යෝධයෙකුගේ යැයි කියනු ලැබේ.
ලව්ලොක් පතල් ඉංජිනේරුවෙකු වන ජෝන් ටී. රීඩ් ද පැවසා ඇත්තේ 1886 දී ඉන්දියානුවන් ඔහුව ගුහාවට ගෙන ගොස් රතු හිසකෙස් ඇති මිනීමරු යෝධයන්ගේ කතාව ඔහුට පැවසූ බවයි.
පසුව 1911 දී ඔවුන් එහි තිබී ඇටකටු, කූඩ, ආයුධ, මෙවලම්, සහ වෙනත් විවිධ කෞතුක වස්තු මෙන්ම ගුහාවේ මැද කොටසේ අඩි හතරක් පමණ පහළින් හිසකෙස් රතු මෙම මමිය හමු වී තිබේ.
මෙහි 1912 දී පුරාවිද්‍යාත්මක කැණීමක් සිදු වූ අතර 1924 දී දෙවන කැණීම් සිදු විය. එහිදී දහස් ගණනක් කෞතුක වස්තු සහ සාමාන්‍ය උස මමී 60 ක් පමණ සොයා ගන්නා ලදී. සියලුම මාමිවරුන් සංරක්ෂණය කර නොතිබිනි.
උපුටා ගැනීම: රාම් වණා