“මම කොච්චර සල්ලි හෙව්වත් මට දවසට බත් පිඟන් සීයක් කන්න බෑ. රත්තරන්වලින් මැණික්වලින් කෑම හදාගන්න බෑ. රටේ දුප්පත්ම මිනිහා කන්නෙත් බත්. මම කන්නෙත් බත්. එතකොට රුපියල් පන්දාහක කමිසෙකයි රුපියල් ලක්ෂෙක කමිසෙකයි අතර රුපියල් අනූපන්දාහක වෙනස්කමක් නැහැනේ… කීයකට ගත්තත් ඔරලෝසුවකින් කරන්නේ වෙලාව බලන එක… මම ඒකෙන් කියන්නේ කොච්චර සල්ලි හම්බ කළත් මිනිහෙකුට පරිභෝජනය කරන්න පුළුවන් ප්රමාණයක් සීමාවක් තියනවා. ඒක හරි පුංචියි. එතනින් එහාට කරන්නේ ගොඩගහගන්න එක හරි බොරු දේවල්වලට වියදම් කරන එක හරි තමයි. එහෙම බොරු අවශ්යතා අපට ඕන තරම් හදලා දීලා තියනවා. ඒක තමයි වෙළෙඳපොළ ආර්ථිකයේ හැටි… හැබැයි මගේ ප්රතිපත්තිය ඒකට අහුවෙලා එන එන කාර් එක සල්ලි දීලා ගන්න එක නෙමෙයි.”
ආරියසීල වික්රමනායක
සභාපති, මව්බිම ලංකා පදනම
උපුටා ගැනීම – කෙම්බිමට ගමනක් කෘතියෙනි.
මූලාශ්‍රය : නුවා-Nuwa