මෙච්චර සරල දේවල් තේරුම් ගන්න බෑනේ.. ඊටපස්සේ නිස්කාරනේ ඉස්පිරිතාල ගානේ රස්තියාදුව
ගෑණි : මේහ් හලෝ මම කොන්ඩේ කපන්නද?
(බලාපොරොත්තු වෙන උත්තරේ : පිස්සුද මරනවා මං තෝව)
මිනිහා : කපමු..
ගෑණි : මොකක්ද අනේ වෙන මිනිස්සු නම් කැමති නෑ කොන්ඩේ කපනවට..
මිනිහා : තව මිනිස්සු ඉන්නවද අනේ ඔයාට????
ගෑණි : අනෙහ් මේහ්
————————————–
ගෑණි : මේහ් මම මේ ෆොටෝ එක දාන්නද පේස්බුක්?
( බලාපොරොත්තු වෙන උත්තරේ : එපා මැණිකේ ඔයාට ඇස්වහ කටවහ වදී )
මිනිහා : ඇයි? කව්රුත් දාන්න එපා කිව්වද?
ගෑණි : එහෙම නෙමේ අනේ.. වෙලාවකට හිතෙනවා ඔන්නෑ කියලා
මිනිහා : එහෙනම් ඔන්නෑ නේහ්?
ගෑණි : හරියට කියන්නකෝ අප්පා
මිනිහා : මෙහෙම කරන්නකෝ ඔයාට හිතෙද්දි දාන්න ඕන කියලා දාන්න. ආයි එපා කියලා හිතුණම අයින් කරන්න
ගෑණි : 

————————————–
ගෑණි : අද කෑම රසද අනේ?
( බලාපොරොත්තු වෙන උත්තරේ : ඒ තරම් රස කෑම කොහෙද මැණික )
මිනිහා : ම්ම්ම්..
ගෑණි : මොකක්ද අනේ ඒ උත්තරේ
මිනිහා : රසයි ඉතින්
ගෑණි : ඉතින් කියන්නේ
මිනිහා : අමුතුවෙන් කියන්න දෙයක් තියෙනවද බන්, රසයි
ගෑණි : කියන හැටි විතරක්. ගහන්න හිතෙනවා හට්ටිය ඔලුවේ..
————————————–
ගෑණි : මේහ් මං මැරුණොත් ඔයා මොකද කරන්නේ?
( බලාපොරොත්තු වෙන උත්තරේ : මූසල කතා කියන්න එපා දෙයියනේ )
මිනිහා : වල දාන්න වෙයි නේ..
ගෑණි : නෙදකින් ගල් මූසලයා මං මැරෙනකන් බලන් ඉන්නේ
මිනිහා : ඉතින් බන් මැරුනොත් වල දාන්නැතුව වෙන අහවල් එකක් කරන්නද?
ගෑණි : ඔව් තොට පුළුවන්නේ එතකොට දුක කියලා අඬලා අඬලා තව ගෑනියෙක් ගන්ඩ
මිනිහා :
( හිත ඇතුලෙන් : තව නම් එපා )

————————————–
ගෑණි : මේහ් ඔයා මට ආදරෙයිද?
( බලාපොරොත්තු වෙන උත්තරේ : මට මේ ලෝකේ වෙන කවුරුත් නෑ රත්තරනේ )
මිනිහා : නෑ
ගෑණි : අම්මෝ මං බය වුණා ඔව් කියයි කියලා
මිනිහා : ඒකනේ මම නෑ කිව්වේ
ගෑණි : #%^*€¥~<¥•!?@$& 

————————————–
ගෑණි : මේ මම ඉස්සරහින් කොන්ඩේ කැපුවොත් කැත වෙයිද?
( බලාපොරොත්තු වෙන උත්තරේ : කපන්න අනේ… ලස්සනට තියෙයි )
මිනිහා : අමුතු කැතක් වෙන එකක් නෑ නේ..
ගෑණි : ම්ම්ම්… ඔව් මම කලින් පාරකුත් කපලා හිටි… මේහ් මොකක්ද කිව්වේ…
මිනිහට ලොකු අවුලක් නෑ දැන්. අද උදේ වරුවේ සිහිය ආවා. හැබැයි, දෙයියෝ බැලුව වගේ එයැයිට වෙච්ච දේ මතක නෑ. ඒත්, මට දුක මගේ nonstick පෑන් එක සවුත්තු උන එකට අප්පා… අපේ අන්තිම කතාව වෙලාවේ මගේ අතේ තිබ්බේ ඒකනේ.. දැන් ඉතින් මෙයැයිට පොඩ්ඩක් පණ ගහපු ගමන් පෑන් එකක් ගන්න යන්න ඕන..
නිකමට මම ඇහුවා,
” රිදෙනවද පැටියෝ? ” කියලා
” නෑ මයෙ අම්මා පුදුම සනීපයි ” එයා කිව්වා
උපුටා ගැනීම: Ridma Lasanthika