කිරි බෝතල් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මනරම් මතකයකින් ටිකක්
මගේ මුල් දැකුමේ මතක මීට අවුරුදු හතලිහකට විතර ඉස්සරය. පෙට්ටගමක හැඩයට හදාපු තරමක ලොකු දුඹුුරු පැහැ ගැන්වුණු ලෑලි පෙට්ටියක් අපේ ගෙදර තිබුණේය. තාත්තා ඒකට රට අඹ ලෑලි පෙට්ටිය කිව්වා මතකය. අම්මා හා අපි එ්කට කිව්වේ පිගන් පෙට්ටිටය කියලාය. අලුතෙන් ගෙයක් හදා එහි පදිංචියට එනදා තාත්තා රට අඹලෑලි වලින් හදවාගෙන ආ බව කිව්වෙ ත් අම්මාමය. එතැන් පටන් ගෙදර තිබ්බ කැඩෙන බිදෙන දේ හා පිගන් කෝප්ප වීදුරු අහුරා තියන්න ට පාවිච්චි කර ඇත්තේ මේ පෙට්ටියේ තිබූ ඉඩකඩය. එදවස අද වගේ අපේ ගම්වල පිගන් බඩු දාන්න වෙනමත් වීදුරුබඩු දාන්න වෙනම ත් අල්මාරි හා සෝකේස් තිබෙන්නට නැත.
අපේ අම්මා ඔය ලී පෙට්ටියේ ලස්සනට හා පරිස්සමට ඔය විච්චූරණ බඩු අහුරලා තිබුණේ එලියෙ තිබුණනම් අපි නිසා ඒවයේ කෑලි අහුලන්න වෙන බව හොදාකාරව ම දන්නා හින්දම වෙන්නට ඇත. .පුංචි පුංචිවට හිටි අපි හය දෙනෙක්ගෙ තරම ඉදහිට අදද මතක් කරන්නේ අතීතයට හිත දුවපු වෙලාවටය.
කොයි තරම් පරිස්සම් කලත් , අම්මා එහෙ මෙහෙ වෙන සුනංගුවට අපිත් අදින්නෙ ඕකමය. ඒ අදින අදින හැම වෙලාවකටම හැමදාමත් අපිත් අතට අරන් බලන දෙයක් එහි තිබුණේය . ඒ ලැවරියා ගෙඩි දෙකක් වන් හැඩැති වීදුරු බෝතල් දෙකක්ය. ඒ මොකද්දැයි දවසක් අම්මගෙන් අහපු වම අම්මා කිව්වේ,
” ඔය අයියගෙයි අක්ක ගෙයි කිරි බෝතල් දෙක ” කියලාය.
ඉතිං මට හිතාගන්න ට බැරිය.
කිරි බෝතල් මෙහෙම ?
බෝතලේ දෙපැත්තෙම කටවල් දෙකක්
ඇයි ?
එහෙම කටවල් දෙකක්
තියෙද්දි කිරි පුරවන්නෙ කොහොමද ?
අනික කිරි බෝතලේ හදපු මිනිස්සු ඇයි මේ කටවල් දෙකක් දාලා බෝතලේ හැදුවෙ ?
අක්කයි අයියයි එකම බෝතලේ දෙපැත්තට කට තියාගෙන කිරි බිව්වද ?
එක පැත්තකට සූප්පුවක් ගැහුවනම් අනිත් පැත්ත වැහුවෙ මොකෙන්ද..?
එකෙන් දෙන්න ම බිව්වනම් එක වගේ දෙකක් මොකටද ?
ඔහොම හිතට එන දේ හිත හිතා ඉන්නකොට එන අම්මා, කලබල නොකර මගෙ අතින් සීරුවට කිරිබෝතල් දෙක අරන් ආයෙත් අර පිගන් පෙට්ටියේ පරිස්සම් ඇති තැනකින් තිබ්බ හැටිත් මතකය.
අම්මා නම් කිව්වෙි බෝතලේ එක පැත්තකට හිල් නොකරපු සූප්පුවකුත් අනිත් පැත්තට හිල් කරපු සූප්පුවකුත් ගහලා ගත්තා කියලාය. 1964 එනම් මෙයට අවුරුදු පනස් හයකට ඉස්සර ⁣අපේ ලොකු අක්කා ගේ ඉපදීමත් එක්ක ගෙනා මේ බෝතල් දෙක අදටත් අපෙ අම්මා ලග ඇත. ඒ අම්මගෙ පරිස්සම හින්දාමය. . අම්මා කියන්නෙ ඒ බෝතල් දෙක එක්ක කිරි හදන්න ට කෝප්පයකුත් හැන්දකුත් ලැබුණ බවය. කෝප්ප යනම් නැත. ඒත් හැන්ද ඇත. එය අමුතු ය. බිම්මලක් වගේය. අපෙ ගෙදර දුටුවාට මෙවැනි කිරිබෝතල් දෙකක් මන් වෙන කොහෙවත් දැකද නැත.
උපුටා ගැනීම: Priyanka Nanayakkara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!