මාරක කිමිදුම් අත්දැකීමක් (සත්‍ය සිදුවීමක්) (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
දිනය: 1974 අප්රේල් මස දිනක්
ස්ථානය: එන්ගලන්තයේ ෆැල්මත් වරාය තුල
අවස්තාව: overseas clearence diving course
In royal navy.
හැඳින්විම: ඉහත සඳහන් කිමිදුම් පුහුනු පාටමාලව සඳහා ශ්රි ලන්කා නාවික හමුදාවෙන් කිමිදුම් කරුවන් තුන් දෙනෙක් එනම් මා සහ හර්මන් පෙරෙරා,ඇන්ටන් ප්රනාන්දු යන අය සහභාගි වූහ. පාඨමාලාව ආරම්භයේ නයිජීරියා සහ ඉරාන අය කීප දෙනෙක්ම සිටියද ,අවසාන කලේ අප තිදෙනාත් තව දෙදෙනුකුත් පමනි.
අත් දැකීම: එදා පාටමාලාවෙ අවසාන දිනය.රාත්රියේදී දිය යටින් ගොස් සතුරු නැව් යට බෝම්බ ඇටවීම තමයි පුහුනුව.සාමාන්යයෙන් යුගල වශයෙන් තමා කිමිදෙන්නේ.පස් දෙනෙක් නිසා තනි කිමිදුම් කරු ලෙස මම කැමැත්තෙන් ඉදිරිපත් වුනා.එදා ඝන්දුරු රැයක්.එය පාලුවට ගිය වරායක්.සේවයෙන් ඉවත්කල නැව් ගාල් කල තැනක්.
තද ශීතලෙන් බේරීමට යටට ඝනකම් වූල් සම්පුර්ණ ඇඳුමක් අඳිනවා.ඊට උඩින් මුලු සිරුරම වැසෙන බර රබර් ඇඳුම.ඊටත් උඩින් කිමිදුම් කට්ටලය සහ අනෙකුත් ආම්පන්න.සතුරු නැව් අසලට නොපෙනී යාමට නම් දිය බුබූලු මතුපිටට නොයා යුතු නිසා එදා පාවිච්චි කලේ 100% ඔක්සිජන්.ඉතින් නැව් වලට කිලෝ මීටරයක් දුරට ,කුඩා රබර් ඩින්ගියෙන් අපව ගිහින් දැම්මා.
පහර දීමට අවශ්ය නැවට මාලිමා දිශාව ගෙන මම දිය යට ගියා.ඝණ කලුවරයි.මාලිම්මව බලමින් මම ඉදිරියට ඇදුනා.අවශ්ය වුනේ මතුපිටට අඩි දහයක් යටින් යන්න වුනත් මට තේරුනා මාව යටටම යැවෙන බව.කිසි…..දින අත් නොදුටු දෙයක්.හිතා ගන්න අපහසුයි.කොපමන ගැම්මෙන් උඩට පීනුවත් යට යනවා .එතකොට මතක් උනා ” suit inflation” ඒක ඇරියා.වාතය නෙක් සීල් එකෙන් බේරිලා උඩට ගියා.මාව නැවත ගිලෙනවා.
මම ටිකක් කලබල වුනා.හොඳටම හෙම්බත් වෙලා පතුලටම යැවුනා.මගෙ වාසනාවට එතන අඩි හැටක් පමනයී ගැඹුර.අනික 100% ඔක්සිජන් නිසා මහන්සිය ඉක්මනිනට නැති වුනා.ඒත් ලොකු අවදානමක් තිබුනා තනි ඔක්සිජන් අඩි තිහට වඩා යටයනකොට විස වෙනවා. (ජීවිතය රැක දෙන ඔක්සිජන් විසවන බව අසා තියෙනවද. ඒත් ඇත්තයී)සෙට් එකේ ඔක්සිජන් පැයකටයි ඇතිවෙන්නේ.
කිමිදුම් පාඩමේ රන් වැකිය ” never panick ” සිහි වුනා.මම පතුලෙ භාවනවට වගේ ඉඳ ගත්තා.තිත්ත කලවරයි.මේ කලුවර දන්නෙ කලුවර දවසක මූදු පතුලට ගිය අය පමනයි.
විනාඩි පහකට පස්සෙ අම හොඳටම සන්සුන් වුනා.ඊලග විකල්පය ලෙස පෙනුනේ සෙට් එක ගලවා දමා උඩටයාම.ඒත්මම ඒකට මැලි වුනා .අන්තිම ඔක්සිජන් ටිකත් ඉවර උනාම ඒක කරනව කියල හිතා ගත්තා.මේ අතර මට හිතුනා නැවත වරක් උත්සාහ කරන්න.ඔක්සිජන් ඉවර වෙන්න ලගයි,අනික විස වීම.සියුලු ශක්තිය කැටි කරල පටන් ගත්තා .ඉතා හෙමින් ක්ර්මානුකූලව ඉහලට ඇදෙන අතර එක ෆින් එකක් ඉරුනා.
හිස යන්තම් ජලයෙන් උඩට එසවුවා.ඒත් නොගිලී සිටීමට දෙකකුල් ඉතා වේගයෙන් ක්රියාත්මක වුනා.ඔවුන්ට මා සොයා ගැනීම පහසු නෑ.විශාල ප්රදේශයක් නිසාත් කලුවර නිසාත් .මගෙ කකුලෙ බැඳල තිබුනා පන්දමක්.ඒක ගලවන්න හදනකොට මාව ආයෙ යටයන්වා.මෙන්න එතකොට ඝණදෙවි නුවන ආවා.සෙට් එකේ උරහිස ලඟ ඉතා කුඩා බල්බ් එකක් තියෙනවා ලුනු වතුර ගියාම දැල් වෙන.ඒක ඇද්දා.දැල්වුනා.බෝට්ටුව වේගයෙන් පැමිනියා.
ගොඩට ගිය හැටියෙ chief instructor මගෙ සෙට් එක අරන් ඒකෙ පිටුපස ඇති ලොකු සක්කුව අරියා.ඊයම් බෝල මහ ගොඩක් බිමට වැටුනා.සාමාන්යයෙන් කිමිදුම් කරුවන් ඔය පිටුපස ඇති සාක්කුවට ඊයම් බෝල දානවා තම තමන්ගෙ උවමනාව අනුව ඉපිලීම පාලනය කරගන්න.අවශය නම් ඒවා දිය යටදී මුදාහැරීම ඉතා සරල දෙයක්.මුද්දක් ඇදීම පමනයි කල යුතු.
මා කිසි දිනක ඊයම් බෝල පාව්ච්චි නොකරන අතර මගෙ මනසේ එවැන්න්ක් තිබුනේම නැත.
අපත් සමග සමාන්තර සුද්දන්ගේ පන්තියකුත් තිබුනා.”chief instructer” හරිම
කේන්තියෙන් ඒ සුද්දන්ගෙ පන්තියට බැන වැදුනා.මම අදටත් දන්නෙ නෑ මගෙ සෙට් එකට බෝල පිරෙව්වෙ කව්ද කියලා.පසුවදා ඉහලම ලකුනු ලබා පලවෙනියා ලෙස සමත්වූ නිසා මම සියල්ල අමතක කර දැමුවා.
උපුටා ගැනීම:  Antony Perera

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!