අතර මග (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක ටික වෙලාවකට කලින් අතර මග වුන දෙයක් නිසා මග ඉඳන්ම ලියන්න හිතුනා. මං සාමන්යයෙන් රාජකාරිමය කට යුත්තකට නොවෙන්න යන්නෙම බයික් එකේ. ඒකට මං කැමති හේතු සෑහෙන්න තියෙනවා. ට්රෆික් වෙලාවට කොහෙන් හරි රිංගල යන්න පුලුවන් කියන එක ප්රධානයි. ඒ ඇරුනම අව්ව වැස්ස කියන දේවල් අමතක කරලා බැලුවොත් බයික් එකක යන එක මට නම් නිදහසක්. උදේම රාජකාරි වැඩක් ඉවර කරලා එනගමන් ඉන්නකොට පෑලියගොඩ කිට්ටුව පොඩි ට්රෆික් එකක් ඒරියා එකට සාමන්ය දෙයක් නිසා වැඩොය ගනම් ගත්තෙ නෑ. හැබැයි ඉස්සරහට එද්දි දැක්කා ත්රීවීල් එකක් පාර මැද ඒකෙ රියැදුරා ඒක පාරෙන් එහා පැත්තට තල්ලු කරගන්න මාර ගේමක් දෙනවා ඇතුලෙත් කවුරු හරි හිටිය කියලා දැක්කා. පස්සෙ මං අපේ රියදුරු මහත්තයට කිව්ව නවත්තපං පාර මැදින්ම මොකද වාහන වල යන එවුන් නවත්තන්නෙ නෑ නැත්තම් අර මනුස්සයට ඕක තල්ලු කරගන්න බැරුව මෙතනටිකකින් දඩ ට්රැෆික් එකක් වෙනවා කියලා. අපේ එකත් ආයෙ ඕන මගුලකට රෙඩී නිසා පාර මැදම නවත්තලා ඩබල් සිග්නල් දාලම බැස්සා. අපේ වාහනේ පිටිපස්සෙ වාහනේ අයිති කාටද කියලා ගහල තියන නිසා කොහොමත් පාරෙ එන අනිත් එවුන් දඟලන්නෙ නෑ කියලත් මටතේරුන නිසා තමා මං කිව්වෙ අපේ මෑන් ට පාර මැදම නවත්තපං කියලා.
ලඟට ගියාම තමා තේරුනේ කේබල් එක කැඩිලා වාහනේ යන්න බෑ. වයසක අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකුයි හිටියෙ ඇතුලෙ. හයර් එකක් ඇවිල්ලා තිබ්බෙ කෝට්ටේ ඉදන්. අර වයසක මිනිස්සුන්ට තල්ලු කරන්න තියා හිතන්නවත් බෑ.පාරෙන් එහා පැත්තට දාන්නෙ ඒපැත්තෙ පාර ඉඩ තියෙන නිසාකියලත් ත්රීවීල් එකේ පොර කිව්වා. පස්සෙ අපි පාරෙ එන වාහනත් නවත්තලා තල්ලුවක් දාල දුන්නා එහා පැත්තට. එතන ලඟ කඩයක් තියෙනවා ඒකෙන් කේබල් එක ගන්නම් කියලා ත්රීවීල් එකේ පොර කිව්ව නිසාම අපිත් එහෙනම් යන්නම් මචං කියලා ආවා.
සේරම වැඩ ඉවර වෙලා අපේ කොල්ලත් නිදහස් කරලා මාත් බයික් එක අරන් සුපුරුදු පරිදි ගෙදර එන්න කියලා පිටත් වුනා. කෝට්ටෙ පැත්තෙන් එද්දි මට අර ත්රීවීල් එකේ සීන් එකක් මතක් වෙලා අවුලක් නෑ හදාගන එන්න ඇතිනෙ කියලා මාත් දිගටම ආවා. ශෝට් කට් වලින් දාල මාදිවෙල හන්දියෙන් තලවතුගොඩ පැත්තට හරවන්න ඉන්නවා එකෙක්වත් වාහනයක් ස්ලෝව් කරන්නවත් හිතන්නෙ නෑ. සමහරවිට මං බයික් එකක එන නිකන්ම නිකන් එකෙක් හින්ද වෙන්න ඇති කියලා හිත හිත ඉන්නකොට දෙන්නෙක් පාර මැදට ආවෙ පාරෙන් අනිත් පැත්තෙ ඉදන්. පාරෙ වාහන ටික නවත්තලා මටපොඩිසිග්නල් එකක් දුන්නා දාගන්න කියලා.මොනව වුමත් හොඳ මිනිස්සු කියලා හිතාගන දාලා බයික් එක අයිනට කරලා නවත්තලා බැස්සා. මොනවවුනත් පොඩිහරි මනුස්සකමක් තියෙන්න එපැයිනෙ කරපු උදවුවට. බැහැලා ගිහින් බොහොම ස්තුතියි කරපු උදවුට. මිනිස්සුන්ට බ්රේක් ගහන්න හිතෙන්නෙම නෑනෙ කියල මං කියද්දි හුරුපුරුදු මනුස්සයෙක් කිට්ටුවෙලා මහත්තය ට මාව මතකද දන්නෙ නෑ හැබැයි මහත්තය මොන විදියට හිටියත් මට මහත්තය අමතකවෙන්නෙම නෑ කිව්වා. මොන අවනඩුවක්ද යකෝ මේ කියලා හිතාගන බැලුවම මේ අර උදේ ත්රීවීල් අයියා. අම්මට සිරි අයියෙ අවුලක් නැතුව හදාගන ආවද ඇහුවම මෑන් කියපි එවෙලෙ ම වගේ හදාගත්තා මහත්තයා. මොනව වුනත් මං මහත්තය ගෙ හැඩ රුව හොඳට මතක තියාගත්තා කිව්වා. මං ඇහුවම පොර කිව්වා. මහත්තයෝ හැම එකාම අපේ අම්මට බැන බැන එතනින් ගියෙ. මං ගියා හයර් එකක් තමා. ඒ හිටපු මහත්තයට බෙහෙත් වගයක් ගන්න. ඒ හිටිය අනිත් කෙනා මගෙ අම්මා මහත්තයො. අර මහත්තය තමා අපේ අම්මටත් ඒ මහත්තයට බෙහෙත් කරන තැනින් බෙහෙත් අරන් දෙන්නෙ. පාරෙ මිනිස්සු අම්මට බැන බැන යද්දි අම්මගෙ ඇස් වල කඳුලු පිරුනා මං දැක්කා අසරණ වෙලා හිටියෙ. මහත්තයල ආවම හිතට මාර සැනසීමක් ආවෙ කිව්වා. සමහර වෙලාවට මිනිස්සු අපිටත් බනින හැටිමතක් වුනා. පස්සෙ මෑන් මෙහෙමත්කිව්වා. මං මහත්තයව හොඳට මතක තියාගත්තා , මොකද මං හිතාගත්තා කවදම හරි මහත්තය කරදරේක ඉන්නවා දැක්කොත් පණ හරි දීලා මහත්තයට උදවු කරනවා කියලා මං අපේ පාක් එකේ එවුන්ටත් කිය කිය හිටියෙ කිව්වා. මාත් එහෙම නම් දැං හරිනෙ මටත් උදවුවක් කලානෙ. එහෙනම් මං යන්නම් කියද්දි පොර එක ප්රශ්නයක් මගෙන් ඇහුවා. මහත්තය ඇයි මේ බයික් එකක යන්නෙ ? දීපු උත්තරේ මේකෙ උඩ තියෙනවා.
මේක ලිව්වේ මං කවුද කියන්නවත් මගෙ ලොකු කම කියන්නවත් නෙවෙයි. ඒමනුස්සයට නොකියපු වෙන දෙයක් කියන්න. මේ වගේම සීන් එකක් කාලයක් මේකෙ ශෙයා වුනා දොස්තර මහත්තයෙක්ට ත්රීවීල් එකේ ගිය පොලිස් OIC මහත්තය හම්බෙලා වෙච්ච සීන් එකක් ගැන. මේකත් එහෙම සීන් එකක්. අපිට ලැබෙන තනතුරක් , බලයක් කියන්නෙ තාවකාලිකව අපේ සුදුසුකමකට ලැබෙන දෙයක් විතරයි. ඕනම වෙලාවක ඒ දේවල් නැතිවෙන්න පුලුවන්. ඊට පස්සෙ අපිත් සාමන්ය මිනිස්සු මේ රටේ. ඉතිං ඒ තනතුරු බලය ඒඒ තැනට විතරක් අදාල කරගත්තම ජීවිතේ සෑහෙන්න ලේසී. ඒ වගේම පුදුමාකාර නිදහසක් තියෙනවා. මාව කවුරි හරි මරයිද වෙඩි තියයි ද ගෙදර අය කිඩ්නැප් කරයිද වගේ ඓඉන් හිතන්නම ඕන නෑ. වැඩිම වුනොත් මැරෙනවා. ඒක කවදම හරි වෙන නිසා ඒක ගැන හිතන්නම ඕන නෑ. තමන්ගෙ රාජකාරිය විතරක් හරියට කලානම් ඇති. අනික තනතුරක් බලයක් කියන්නෙ අපිට ආභරණයක් විතරයි. ඒ දේවල් බෙල්ලට පහලින් තියාගන්න ඕන හැම වෙලාවෙම. ඔලුවටම ගත්තොත් ජීවත් වෙන්න හරි අමාරුයි. නිදහස කියන එක නැත්තටම නැතිවෙනවා. මේකටපොඩි උදාහරණයක් දෙන්නම්. හැමෝම දැකලා ඇති හමුදාවක නිළයන්. සෙසු නිළයන්ගෙ අතේ පැත්තක තනතුරු හඳුන්වලා තියෙනවා නිළධාරීන් ගෙ උරහිසේ.ඉහලට යන්න යන්න උර හිසේ තරු හො පටි වැඩි වෙනවා. ඒකෙන් කියන පොඩි කතාවක් තියෙනවා කෙටියෙන් කියනම්. ඒ හැම සලකුණකින්ම කියන්නෙ වගකීම ගැන. සෙසු නිළයන් ගෙ වගකීම තියෙන්නෙ අතේ , නිළධාරීන් ගේ උරයේ නැත්නම් කරමත කියන එක තමා හඳුන්වන්නෙ. උරයේ පළඳින ආයිත්තම් වැඩි වෙන තරමටම ඒ නිළධාරියාගේ වගකීමත් වැඩිවෙන එක තමා හඳුවන්නෙ. බොහෝ දෙනෙක් අවුරුදු විසි දෙකකට පස්සෙ නැත්තම් පනස් පහක්ට පස්සෙ මේ සේරම තියලා තමයි ගෙදර එන්නෙ එතකොට එයාලත් සාමන්ය මිනිස්සු. රාජකාරියෙන් බැහැර ඉන්න හැම වෙලාවකම එයාලා සාමන්ය මිනිස්සු. ඉතිං විනය ගරුක හමුදාවකට එහෙම ඉන්න පුලුවන්නම්. අනිත් අයටත් ඒක ඒතරම් අමාරු දෙයක් වෙන්න බෑ මං හිතන්නෙ .
පලි. පහල දාලා තියෙන ෆොටෝ එක මේ පෝස්ට් එක ලියන්න නැවතුන තැන ගත්ත එකක්. බයික් එකේ යන්න ආසම තව හේතුවක් තමයි හිතෙන ඕනම තැනක නවත්තලා මෙහෙම නිදහසේ ඉඳලා යන්න පුලුවන්. හැබැයිඒ නිදහස තියෙන්නෙ අපි අපි ගැනම කොහොමද හිතන්නෙ කියන එකත් එක්ක. එහෙනම් ජයවේවා…
උපුටා ගැනීම: Kasun Berugodaarachchi II

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!