බුලී (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මටම පුදුමයි මගේ ලොකු ලමයි දෙන්නා ගැන. එයාලා KFC, මැක් ඩොනල්ස්, පීසා ආහාර වලට ආසාවක් නෑ, ගියත් ඉල්ලන්නේ චිප්ස්, හරි රයිස් හරි තමයි. හැබැයි ඒ වගේ තැන් වල තියෙන ප්ලේ ඒරියා එකටනම් පන ඇරලා, ඉතින් ඔය අහලකින් පහලකින් යන ගමන් මෙයාලට ක්ශනික / දරුනු බඩගින්නක් ආවොත් එහෙම මම දන්නවා මේ නටන්න තමයි සෙට් වෙන්නේ කියලා.
දවසක් ලමයි දෙන්නයි, අහුනන දුවලා දෙන්නෙකුයි එක්ක ගියා ඒ වගේ තැනකට කෑමට. දොරෙන් ඇතුලට යනවා විතරයි දැක්කේ, ඊලග තප්පරේ මේ 4ම හිටියේ කොඩි ගහේ දල්ලේ. අපි ඉතින් කෑමත් අරන් කයියක් ගහගෙන ඉන්නවා. මෙන්න එකපාරටම පොඩි-බල-සේනාව කඩාගෙන ආවා අපේ ලගට, ඒකනම් වෙන්නම බැරි දෙයක්, මොකො පස්ස පැත්තට වැදලවත් වෙනදටනම් ඔතනින් එලියට ගන්නවා බොරු, ආපු හේතුව මොකක්ද කියලා කිවුවේ යාලුවගේ පොඩි දෝනි.
අංකල් අංකල් . අයියා කෙනෙක් අපිට ගහනවා. චනූටත් ගැහුවා. කෙල්ලට හොදටම රිදෙන්න පාරක් වැදිලා වගේ කියලා. අඩන්නේ නෑ හැබැයි ඇස් වල කදුලු. මගේ දෙන්න මේ වෙනකොට අවුරුදු 3ක් කරාටේ පන්ති ගිහින් තියෙනවා, ලමයි එක්ක ගහගෙනනම් අඩාගෙන ඇවිත් නෑ.
බුලී ලමයා ටිකක් අපි බලන් හිටියා, සරීරයෙන් හොදට වැඩුනු ලොකු ලමයෙක්, එයාගේ සෙල්ලම තමයි එතන ඉන්න ගෑනු ලමයින්ට කරදර කරන එක, පිටිපස්සෙන් ගිහින් පිට මැද්දට ගහනවා රිදෙන්නම, ඊට පස්සෙ හිනා වෙවී දුවනවා. ඒ ලමයගේ තාත්තා මේවා දැක්කේ නෑ වගේ ඉන්නව. මටත් හිතාගන්න බෑ මොනවා කරන්නද කියලා, පොඩිලමයෙක් නිසා බනින්නත් බෑ
මම පුතාට කීවා, පුතේ (9y) ඔයා ටිකක් මෙයාලව බලාගන්න කියලා. මෙයාලා කියන්නේ නංගිවයි, යෙහෙලියෝ 2නවයි. එයාලත් මේ වයසෙමයි. කොල්ලා යමු කියලා කට්ටිය එක්කරගෙන ගියා, යන ගමන් මගදිත් මොන හරි කතාකරගත්තා වගේ දැක්කා. මම කෝකටත් බුලී ලමයා ගැන අවදානෙන් හිටියේ.
ටිකකින් මගේ කොල්ලා බුලීගෙ මූනට මූන ඇගේ හැප්පුනා, කෙල්ල එයාට ගැහුවා වගේම පාරක් බුලීගේ පිට මැද්දට අතඇරියා, අනිත් දුවල දෙන්න හැකි පමනින් පිංකමට දායක උනා. බුලී අඩාගෙන ගියා තාත්තට කියන්න, ඒ වෙනකොටත් ඒ තාත්තා සිද්දිය උන තැනට කේන්තියෙන් ඇවිදන් එනවා. මම එයාව මගින් වලක්වලා ඇහුවා ඇයි මහත්තයෝ ප්රස්නයක්ද කියලත්. එයා ටිකක් බැක් උනා.උත්තර දුන්නේ නෑ. අර කේන්තිය පිටින්ම ලමයගේ අතින් ඇදගෙන පිට වෙලා ගියා. යන ගමන් ලමයට බනිනවත් දැක්කා
අනේ මන්දා. මගේ උන් හරි කියලා කින්නත් බෑ, ඒත් ඉතින් අයියා එයාට පුලුවන් විදියට නංගිවයි යාලුවොයි බලාගත්තා. සමගිය වේ රට කබලේ කියනවනේ
උපුටා ගැනීම:Nathanielsz Dunil Roshan

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!