මේක නම් අපි දෙන්නගේ කතාවක් නෙවෙයි . අපිට ඉන්නවනෙ තුන් වෙනියෙකුත් . අන්න ඒ තුන් වෙනියා ගැන . ඒ කියන්නේ අපි දෙන්නගෙම පුත්ර රත්නය ගැන .
අපේම පුතා වුනාට එයා අපි දෙන්නට වඩා ගතිගුණ අතින් සෑහෙන්න වෙනස් . අපි වගේ නෙවෙයි . ගොඩක් නිවිච්ච ළමයෙක් අපි දෙන්නා ඇරනම අනිත් හැමෝම හොදමයි කියන්නේ . මටම විතරද මංදා කොල්ලගේ වැරදි පේන්නේ . මේ අවුරුදු දහතුනට කවදාවත් අපිට දුකක් දීලවත් අපිව අපහසු තාවයට පත් කරලවත් නෑ.
ගතිගුණ එහෙම උනාට හැම පෝයකටම සිල් සමාදන් වෙන මේ උපාසක මහත්මයා කරන කියන සමහර වැඩවලට අපි නිරුත්තරයි.
ඔන්න ඉතින් ඉස්කෝලේ ප්රින්සිපල්ගෙන් පියන් ඉන්න තැන අහන මල් කඩන්න එපා කියලා බෝඩ් ගහල තියන පන්සලේ ලොකු හාමුදුරුවන් ටම කියලා මල් කඩලා ඒ පන්සලටම පූජා කරන මේ කොලූට හැම දේකටම උත්තරයක් කියන එයාගේ අම්මව නිරුත්තර කරන්න අවස්ථාවක් ලැබුණා .
මේ ලගදී දවසක් එයාගේ පාසලේ ප්රින්සිපල් සර් මේ කොල්ලා ට සෑහෙන්න වටින කියන ආයුධයක් පෙන්නලා . දැන් මේ අති උතුම් පුත්ර රත්නය ඒ ආයුධ ය භාවිතා කරන්නෙ එයාගේ අම්මා ව නිරුත්තර කරන්න . කොටින්ම කිව්වොත් අම්මගේ කට වහන්න .
ආ…මට අමතක වුණානේ ආයුධ ය මොකක්ද කියලා කියන්න . ඒ තමා ,
“පාසලේ ලොග් පොත”
දැන් ඔයාලා බලනවා ඇති පාසලේ තියන ලොග් පොත කොහොමද මේ ළමයා ගෙදරදී හෝ එයාට අවශ්ය කරන ඕනෑම මොහොතක ඕනෑම තැනක එයාගේ ආරක්ෂාවට භාවිතා කරන්නේ කියලා.
එහෙනම් ඔන්න බලාගන්න ඒක කරන විදිහ . මෙන්න මෙහෙමයි . හැම කෙනෙක් ගාවම මොකක් හරි දුර්වල තාවයන් තියනවා නේ . ඉතින් පාසල් අධ්යාපනය ලබන දරැවෙක් විදිහට මෙයාගෙ ලොකුම දුර්වලකම තමයි . අකුරු . විභාග ලකුණු සෑහෙන්න හොද මට්ටමේ තිබුණත් අත් අකුරු ගැන නම් කතා කරලා වැඩක්ම නෑ.සෙනරත් පරණවිතාන ගේ අකුරු තව හොදයි.
මෙයාට සර් ලොග් පොත පෙන්නුවම සේරටම කලින් බලාගෙන තියෙන්නේ මේකේ ලියල තියෙන්නෙ කවුද අත් අකුරු ලස්සනද කියන එක.
ඉතින් එදායින් පස්සෙ මම අත් අකුරු වලට බණිද්දි මේ ළමයා මන්තරේ වගේ හැමදාම කියන්නේ එකම දේ .
“අනේ අම්මේ මට ප්රින්සිපල් සර් ලොග් පොත පෙන්නුවනෙ සර්ගෙ අකුරුත් කැතයි . තව මහාචාර්යවරයෙක් , වෛද්ය වරයෙක් , අධ්යාපන අධ්යක්ෂක කෙනෙක් ,( ආදී වශයෙන් විවිධ මට්ටම් වලින් රැකියා කරන අය ගැන පවසා ) එහෙමත් ඒකෙ ලියල තිබ්බා . අම්මා දැක්කෙ නෑනෙ එයාලාගේ අකුරු වලට වඩා මගේ අකුරු හොදයි . “
දීපන්කො උත්තර . අපෙත් තියෙන්නේ කකුළු
තියරියනෙ ඉතිං . මහ එවුන් ඇදේට යන ගමන් පොඩි එකාව කන්න හදනවා කෙලින් පලයන් කියලා . අනේ මංදා ඉතින් ඕවා නම්.
( මගේ අකුරුත් ඉතිං පරණවිතාන මහතාගේ නංගිගෙ අකුරු වගේ තමයි )
උපුටා ගැනීම: Menaka Jayasekara