ඊයේ අන්තර් ජාතික කාන්තා දිනය නිසා, මට මේ කතාව මතක් වුනා.
මීට අවුරුදු පහකට විතර කලින් පාටියක් නැති සිකුරාදාවක්,මම තනියම සිංදුවක් අහහෙන ගිලන්පස රස විඳිමින් සුවසේ ඉන්න කොට ටෙලිෆෝන් එක වැදෙන්න ගත්තා.
ටෙලිෆෝන් එකට උත්තර දුන්නම, ඇමෙරිකන් උච්චාරණය විදියට කතා කරන්න උත්සාහ කරන ඉන්දියානු කෙල්ලෙක් කතා කරමින්
‘සර් මම එක්ස් ටෝක් ටෙලිෆෝන් කොම්පැනියෙන්. අපි ලඟ හොඳ ඩීල්ස් තියෙනවා. සීමා රහිතව ඕස්ට්රේලියාවෙ ඕන තැනකට කෝල්ස්, හයි ස්පීඩ් ඉන්ටනෙට් කනෙක්ෂන් ඕස්ට්රේලියාවෙ අඩුම මිලට’ කියාගෙන කියාගෙන යනවා මට කතා කරන්න අවස්ථාවත් නොදී.
මට තව මාසෙකට ඩොලර් දහයක් අඩු නිසා දැනට ඕස්ට්රේලියාවෙ ලොකුම ටෙලිකොම් කොම්පැනියෙ සර්විස් එක නවත්තලා ඊමේල් ඇඩ්රස් මාරු කරගෙන මේ නොදන්න කොම්පැනියකට යන්න අදහසක් තිබුනෙ නෑ. අනික ටෙලිෆෝන් බිල මගේ ටැක්ස්වලින් අඩුකරගන්නත් පුලුවන්.
මම විහිලුවක් කරන්න හිතාගෙන ඒ අවස්ථාවේ මොලය යථා තත්වයේ නොතිබුනු නිසා,
‘මට ඔය ඩීල් ඕන නෑ. හැබැයි ඔයාගෙ කට හඬ නම් සෙක්සි’ කිව්ව
‘ඇත්තට?’
‘ඔව්. ඔයාගෙ නම මොකක්ද?’
‘ඇන්ජලීනා’
‘ඔයාගෙ කටහඬයි කතා කරන විදියටයි නම් නම ඇන්ජලීනා වෙන්න බෑ. ඇත්ත නම’
‘ප්රියා සෙල්වරාජා’
‘ඉන්දියාවෙන්?’
‘නෑ ලංකාවෙන්’
‘රියලි? ලංකාවෙ කොහෙන්ද’
‘කොලඹින්’
‘මාත් ලංකාවෙන්’
‘මම නමින් දැන ගත්තා. මම ගියේ බම්බලපිටියේ හෝලි ෆැමිලි’
‘සන්තෝසයි හඳුන ගන්න ලැබීම’
‘මටත්. මගෙ සුපවයිසර් සමහරවිට අහං ඇති. පස්සෙ කෝල් කරන්නම්’
මම ඉතින් හිතුවා ආයේ නම් එක්ස් ටෝක් මට කරදර කරන එකක් නෑ කියලා. ඒත් පැය දෙකකින් විතර ආවා කෝල් එකක්.
‘හලෝ දේව්, මේ ප්රියා. මම ගෙදරින් කතා කරන්නේ. දැන් බය නැතුව කතා කරමු’
කියලා එයා MBA එකක් කරල ඉන්නේ, ඕස්ට්රේලියාවෙ එන්න ආසයි. එයා දැන් ඉන්නේ ඉන්දියාවේ, එහේ කෝල් සෙන්ටර් එකක වැඩ කරන්නේ ආදී විස්තර සේරම මට කිව්වා.
ඒ සති අන්තේ මට මැච් එකක් තිබුන දකුනු නිව් සවුත් වේල්ස් කන්ඩායම සහ කැන්බරා කන්ඩායම අතරේ. ඉතින් සති අන්තයම එහේ ඉන්න මම නිම්මිත් එක්ක එහේ හොලිඩේ බංගලාවක් බුක් කරල ගියා. නිම්මිට ක්රිකට් පේන්න බැරි නිසා, මුහුදට ආසත් නිසා එයා බංගලෝ එකේ රිලැක්ස් එකේ හිටියා මම මැච් ගහන කම්. මැච් එකෙන් පස්සේ ටීම් එකේ අයයි නෝනලයි ඩිනර් ගියා, ඒකට නිම්මි ආවා. ඊට පස්සෙ දවසේ ඇට මිදුලු සීතල වෙන ශාන්තිකර සාගරේ වතුරෙන් නාලා, අත් අල්ලගෙන වැල්ලෙ ඇවිදලා හොඳ රොමැන්ටික් සති අන්තයක් ගත කලා.
අපේ ගේ බලාගන්න මට ටයිසන්ව දීපු බර්ගර් යාලුවා මෙල්බර්න් ඉඳල ආවා. ඉතින් අපි ආපහු ගෙදර ආවම මිනිහ මට කිව්වා
‘කවුද ගෑල්ලමයෙක් කතා කලා ප්රියර් කියලා. (ඌට ඇහිච්ච හැටි). එයා උඹව ඇහුවා. මම කිව්වා එයා ක්රිකට් මැච් එකකට සවුත් කෝස්ට් ගියා කියලා. අම්මට සිරි කෙල්ල ඇහුවා. එයා ක්රිකටර් කෙනෙක් ද කියලා. මම උඹව නග්ගල තියල කිව්වා, දේව් කිව්වම කැන්බරා නොදන්න කෙනෙක් නෑ කියලා. කව්ද බං ඒ කෙල්ල’
‘උඹට ඒක වැඩක් නෑ නෙ. ඒ උනාට උඹ හොඳ එකා’ කියල ඌට ඩ්රින්ක් එකක් දුන්නා. නැතත් කොහොමත් දෙනවා.
ඔන්න ඊලඟ දවසෙ සඳුදා අර කෙල්ල කතා කරලා
‘හොර ගෙඩියා, මට කිව්වෙත් නෑ ඔයා ප්රසිද්ද ක්රිකට් ක්රීඩකයෙක් කියලා’
මට දොස් කිව්වත් එක්ක.
මම අඟහරුවාදා වැඩ ඇරිල ගෙදර එනකොට නිම්මි ඉන්නව හිනා වෙවී.
‘කවුද ප්රියා කියන්නේ?’
‘එක්ස් ටෝක් කෙල්ල නේ. ඇයි?’
‘එයා කෝල් කරා. මම කතා කරාම මගෙන් ඇහුවා මම කවුද කියලා. මම නිම්මි, දේව්ගෙ වයිෆ් කියලා මම ඇහුව ඔයා කවුද කියලා. එයා කිව්වා යාලුවෙක් කියලා. ටක් ගාලා බායි කියල කට් කරා. ඔයාට එහෙම යාලුවෙක් ඉන්න බව දැනගෙන හිටියෙ නෑ නේ’
මම ඉතින් ‘අර කට හඬ සෙක්සි’ කියන කෑල්ල කපලා තොරනෙ ඉතුරු විස්තරෙ නිම්මිට කිව්වා. ඊට පස්සේ ආයේ කවදාවත් එයා කෝල් කලේ නම් නෑ. මොකද දන්නෙ නෑ ඇත්තටම කෝල් නොකලේ, මම කිසි වැරැද්දකුත් කලේ නැහැ නේ. සමහර විට ඕස්ට්රේලියාවෙ එන අදහස අත් හැරල දාන්න ඇති.
ඉතින් ඕක කාන්තා හිංසනේ කියලා නිම්මි බැන්නම තමයි මට ඒක ගැන හිතුනේ, එයා ජොබ් එක කරන වෙලාවෙ මම බුලි කිරීමක් කලේ කියලා මට පැය ගානක ලෙක්චර් එකක් දුන්නා. දැන් ඉතින් ඔයාලත් බනින්න එපා. එක වරදට දෙපාරක් දඬුවම් කරන්න ඕන නෑ නේ, නැද්ද?
උපුටා ගැනීම: Devapriya Siriwardena