පසුගාමී සමාජයක පුරෝගාමී ලක්ෂයක් විදියට වොයිස් වැඩසටහන දකින්න පුලුවන්. නොඇසූ මිහිරි සිංදු සොයාගැනීමටත් සංගීතය ගැන දැනුමක් ලබාගැනීමටත් හොද තෝතැන්නක් තමයි ඒ වැඩසටහන. අපි කුඩාකාලයේ 2002, 2003 වගේ කාලසීමාව කැසට් ආශ්‍රිතව මල් සිංදු වල ආගමනයක් සිදු උනා. ඒ රටාව තවදුරටත් වැඩිදියුනු වෙලා තනුවකට කතා කියන මට්ටමට මල් සිංදුව පැමිනියා. පසු කාලීනව 2014, 2015 කාලසීමාව වගේ වනවිට අර්ථ විරහිත කුනුහර්ප මිශ්‍ර රැප් සංගීතය කරලියට ආවා. 2016, 2017 වගේ වනවිට ලාංකීය සංගීතයේ මලගමේ ලක්ෂණ පෙන්නුම්කරා අඩා වැලපෙන පින්සේන්ඩු වෙන ගායකයින් හරහා. නමුත් වර්ථමානය වනවිට එය බොහෝ වෙනස් තැනකට පත්වී අවසන්. දැන් ඔව්න්ට කොරෝනාවත් සමග ඉදිරියට එන්න තිබුන අවස්ථාවන් බිඳ වැටුනා. මිනිසුන් සිල්ලර සංගීතය වෙනුවට හරවත් ගීත අහන්න මේ නිවාඩු කාලය භාවිතා කලා
දැන් තරුණ තරුණියන් පැරණි ගීතයේ නිස්කලංක බව විදින්න හුරු වෙලා. Cover song විදියට හෝ පැරණි ගීත වලට ලංවෙලා. සංගීතය ගැන කිසිම ඇකඩමික් දැනුමක් නැති පුස් බැලුම් වගේ උඩයන අයගෙ මාකට් එක අඩු වෙලා. රස සංගීතයක්, රස ගී පද රචනයක් නැවතත් බලාගන්න පුලුවන් කාලයක් උදාවෙලා. එලිමහන් සංගීතයට වඩා ගෘහස්ථ සංගීතයේ ආධ්‍යාත්මික බව විදින්න හුරු වෙලා. තාරුණ්‍යය වෙනස්ම තැනකට ඇදී ගිහිල්ලා. ඒක හොද පුනරාගමනයක්.
BnS ල කියනව වගේ සංගීතය කියන්නෙ එකම රටාවක දෙයක් නෙවෙයි. සංගීතය කියන්නෙ සාස්ත්‍රීය පැතිකඩම නෙවෙයි. එය රැප්, බටහිර සංගීතය, ඔපෙරා ආශිත සංගීතය, කර්නාටක සංගීතය වගේ පැතිකඩ ගනනාවක් තුලින් එලියට දෙන්න පුලුවන්. ඒත් ඒ මොන පැතිකඩ වුනත් අර්ථවත් විය යුතුයි. චරිත් අතලගේ කලාකරුවාගෙ රහත් හිමිවරුන් ගීතය හොද උදාහරණයක්.
ඒ වගේම උතුරෙ දකුණෙ හැම කෙනාටම එකතු වෙන්න ඉදිරියට යන්න පුලුවන් වේදිකාවල් තියෙනවා. ඒ වගේම වර්ථමානයේ ඝෝෂාකාරී අඩෝවැඩියා වෙනුවට සංගීතාත්මක නිර්මාණ බිහි වෙනවා. නව තරුණ තරුණියන් බිහිවෙනවා. එය හොද පෙර ලකුණක්. මොකද අපි හොද කලාවකට හිමිකම් කියපු ජාතියක්. උසස්පෙලත් ලියා අවසන් ඌ පසු නැවත් ශිෂ්‍යත්ව පන්තියට වැටිය යුතු නෑ. ඔබේ කලාවත් ලොවට පෙන්වන්න මේ හොදම කාලයයි.
ජයවේවා.