සාප්පු සවාරිය…… (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අප විවාහ වූ අළුත නිවාඩුවක් ලැබුන වහාම ඔහු හා සාප්පු සවාරියේ යෑමට (පොත් සාප්පු වල වැඩියෙනුත් රෙදි සාප්පු වල අඩුවෙනුත් ) මම මහත් සේ ප්රිය කළෙමි.
මිලදී ගන්නට යමක් තිබුන ද නැති ද ඔහේ පොත් කඩ රෙදි කඩ ගානේ ඇවිඳිමින් අළුත් පොත් පෙරලා බලමින් ඒවාගේ පිටුවක් දෙකක් කියවමින් තියනා තරමක් රෙදි ඇඳ බලමින් ඒවාගේ වර්ග මිල හැඩය සොයමින් කාලය ගත කරන්නට අනෙක් ඕනෑම ගැහැණියක සේම මමද ආශා කලෙමි.
එහෙත් ඔහු ඊට කෙතරම් අකමැති වීද යත් මට පොතක් නැතිනම් ඇඳුමක් ගන්නට ඕනෑයි කීම ඔහුව භීතියෙන් මුසපත් කර සිහි මුර් ජා කරවීමට තරම් කම්පනය කරනවන සුළු වැකියක් විය.
එවිට ඔහුට මේ ලෝකයේ නොව සමස්ථ විශ්ව ධාතුවේ නැති වැඩ කන්දරාවක් සිහිවේ.එතරම් වැඩ ගොඩක් ඇමරිකාවේ ජනාධිපතිටවත් නැති අතර මුළු ජීවිත කාලය නොනැවතී ඒ කරමින් සිටියද ඒවා අවසන් නොවන තරමේ වැඩ කන්දරාවකි.
නිවසින් පිටත් වූ මොහොතේ පටන්
ඉක්මන් කරන්න ඕක හොඳයි මොනවද ඔච්චර තෝරන්නෙ ගෙදර ගිහින් කියවන්න බැරිද.. ගන්නෙ මොනාද කියලා හිතාගෙන නෙවී ද ආවේ..
යැයි සිය දහස් වාරයක් අසනා ප්රශ්න මාලා නැවත නැවත අසා සිටිම අප්පිරියා වූ විට සාප්පු සවාරිය අවසන් කර මා නිවසට පැමිණෙන්නෙ හිස් අතිනි.
අනිත් ඕනෑම දෙයක් වෙනුවෙන් වැය කරන්නට කාලය තිබුනාට මා වෙනුවෙන් වෙන්කරන්නට ඔහුට කාලය නැතැයි නෝකාඩු කීමටද මම අමතක නොකරමි. කලක් අප දෙදෙනා අතර නෝකාඩු ඇති වන්නට බලපෑ ප්රධානම හේතුව වූයේ මගේ මේ සාප්පු සවාරියයි.
මම මොනා හරි ගන්න යමු කිවාම තමා මෙයා ට ලෝකෙම වැඩ මතක් වෙන්න..
මම ඔහුට නොක්කාඩු කියමි.
ලංකාවෙම තියන රෙදි ගෙනත් දුන්නත් තෝර ගන්න එකක් නෑ අන්තිමට..
ඔහු පිලිතුරු දෙන්නෙ එහෙමය.
වරක් මගේ මිතුරියකගේ විවාහ මංගල්ය උත්සවයට සහභාගී වීම සඳහා අළුතින් ඇඳුමක් මිලදී ගැනිමට මට උවමනා විය.
කෙරම් පෙර වැරදි තිබුනත් ඔහුවත් ඇදගෙන සාප්පු සවාරියේ යෑම මම කිසිසේත්ම අතපසු නොකලෙමි. ඔහුගේ තත්වයද එසේම විය.
කෙතරම් අකමැති උවත් රවමින් බැනවඳිමින් ඔරවමින් හෝ ඔහු මා සමඟ අර පුරුදු කියවිල්ල ද සමගින්ම ආවාය. අවසානයේ පුරුදු පරිදිම කිසිවක් නොගෙන ආපසු ඒම වෙනමම දෙයකි.
අය කතා කරනවකො මට ඔය එක එක රෙද්ද වල් ගන්න යන්න ගන්න රෙද්දකුත් නෑ රස්තියා දුව ඉවරෙකුත් නෑ.
නිරර්ථක සාප්පු සවාරිය නිසා ඔහුගේ අත්යාව ශ්ය රාජකාරි කටයුත්තක් මඟ හැරීම නිසා කෝ පයට පත්ව ඔහු මට බැන වැදුනේය.
ගන්න දුන්න ද මට ඉක්මන් කරන්න ඉක්ම න්න කරන්න කරන්න කිය කිය මැරෙන්න හැදුවෙ.
පැය තුනකට කඩේකට සාරි ගන්න තිබුනා.
කඩේට සාරි ගන්න පුළුවන් අඳින්න එකක් නෙ ගන්න ඕනි.
ඇයි ඔය විකුණන්න තියෙන්නෙ අඳින සාරි නෙවීද.
දන්න තරම තමා ඔය එහෙම රෙදි ගන්න පුළුවන්ද..?
කොහොම ගත්තත් ඔච්චර තමා කතා කරන
වකො අය මට ඔය එක එක රෙද්දවල් ගන්න යන්න.
නැතුව මං පාරෙ යන එකෙක් යන්නය රෙදි ගන්න.
ගෙදර ඉන්න දවස්වලත් පාරෙ යන එවුන් එක්ක ද රෙදි ගන්න ගියෙ..?
එතකොට පාරෙ යන එවුන් එක්ක යන්න පිස්සු ද මට.
එහෙනං දැන් පාරෙ යන එවුන් එක්ක යන්නෙ පිස්සුවටද..?
ගෙදර ඉන්න දවස්වල වගේ දැන් ඉන්න පුළුවන්ද.
ඇයි ඒ දවස්වල රෙදි නැතුවද හිටියෙ.
රෙදි නැතුව ඉන්න මට පිස්සු නෑ.. මං තනියම ගිහින් ඕනි තරං රෙදි අරන් තියනවා.
ඉතිං දැනුත් තනියම ගිහින් ඕනි තරං රෙදි ගන්න එකනෙ ඇත්තෙ කවුරුත් තහනං කරලා තියනවද.
යනවා තමා මට තනියම යන්න බැරි කමක් නෑ.
එසේ කියාගෙන මම ගස්සාගෙන ගෙට ගියෙමි.
පහුව දා මා සාප්පු සවාරියේ යාමට සැරසුනේ තනිවමය. ඔහු මා හා ඒවි යැයි බලාපොරාත්තු වෙන් සිටියට ද පැමිණෙන්න යැයි ඉල්ලා සිටින්නට මා කැමති නොවීමි.
මම සාරි එකක් ගන්න යනවා. යැයි මා කී විට
පරිස්සමින් ගිහින් එන්න සල්ලි තියනවා දැයි ඇසුවේ මගේ අන්තිම බලාපොරොත්තුවද බිඳ දමමිනි.
සල්ලි නැතුව සාරි දෙන්න කඩේ අයිතිකාරයා මගෙ බාප්පා නෙවී.
තිබුනට කමක් නෑ මේකත් අරගෙන යන්න. කියමින් ඔහු නෝට් කිහිපයක් මගේ අත්බෑග යට දැමීය.
නොරිස්සුමෙන් නිවසින් පිට උවද නිවසේ සිටි කාලයේ මෙන්ම තනිවම සාප්පු සවාරියේ යෑම අතිශයින් ප්රිය ජනක එකක් බව මා වටහා ගතිමි.
මට උවමනා ආකාරයට ඕනෑ තරම් සාප්පු ගානේ ඇවිඳිමින් කැමති කැමති ඇඳුම් තෝරමින් නිදහසේ ඇඳුම් මිලදී ගන්නට මට හැකිවිය.
එදායින් පසු මා කිසි දිනක සාප්පු සාවාරියේ යන්නට ඔහුට ආරාධනා කලේ නැත. මට උවමනා ඕනෑම දෙයක් මිලදී ගන්නට තනිවම යන්නට මා පුරුදු වීමි.
එය ඔහු හා ගොස් නිකරුනේ හිත් අමනාපකම් ඇතිකර ගන්නවාට වඩා එය හොඳය.
ඔහුට නම් එය බෙහෙවින්ම අවාසි දායකය. ඒ මා සමඟ සාප්පු සවාරියේ යනවිට මෙන් දෙගුනයක් මුදල් වියදම් වන නිසාය. එහෙත් අර වදකාර රස්තියාදුවට වඩා ඔහු ඊට බෙහෙවින්ම මනාපය.
උපුටා ගැනීම: Priyanga Gunathilaka

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!