මානව පරිණාමයේ විශ්මය ජනක නව ලක්ෂණයක් සොයා ගනී (විද්‍යා හා තාක්ෂණය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
 වෙනත් ප්රයිමේට් වලින් මිනිසුන් වෙන් කරන නව පරිණාමීය අංගයක් පර්යේෂණයකින් හෙළි වේ.
පර්යේෂකයන් මානව පරිණාමයේ නව අංගයක් සොයා ගත් අතර ඉන් කියවෙන්නේ මිනිසුන් පරිණාමය වී ඇත්තේ අනෙකුත් ප්රයිමේට් වලට වඩා දිනකට අඩු ජල ප්රමාණයක් භාවිතා කිරීමට බවත් මිනිසාගේ නාසය සිරුරේ ජලය කාර්යක්ෂම වීමට ඉඩ සලසන එක් සාධකයක් බවත් ය.
චිම්පන්සින් වැනි අපගේ සමීපතම සත්ව ඥාතීන්ට වඩා මිනිස් සිරුර දිනකට 30% සිට 50% දක්වා අඩු ජල ප්රමාණයක් භාවිතා කරන බව පර්යේෂණයෙන් පෙනී යන බව සදහන් වේ.
නිසැකවම, අපගේ මොළයේ ශක්තිය සහ කෙළින් ගමන් කිරීමේ හැකියාව, මිනිසාව විශේෂ කරවීම සඳහා ප්රධාන වන නමුත් මිනිස් සිරුර ජලය භාවිතා කරන කාර්යක්ෂමතාව තවත් ප්රධාන වෙනසක් වේ. පුරාණ දඩයම්කරුවන්ගේ පරිණාමීය අනුවර්තනයක් ලෙස මෙම ලක්ෂණය ඇති වී ඇතැයි අධ්යයනයේ ප්රධාන කතුවරයා වන ඩියුක් විශ්ව විද්යාලයේ පරිණාමීය මානව විද්යාව පිළිබඳ මහාචාර්ය හර්මන් පොන්ට්සර් පවසයි.
අතීත මිනිසුන් වියලි, සැවානා වැනි භූ දර්ශවල ජීවත් වීමට පටන් ගැනීම මෙම ජලය අඩුවෙන් භාවිතා කිරීමේ තත්වයට අනුවර්තනය වීමත් එක් හේතුවක් වන්නට ඇතැයි අනුමාන කෙරෙ.
අධ්යයනය සඳහා, පර්යේෂකයන් විවිධ පසුබිම්වලින් පුද්ගලයින් 309 දෙනෙකු සහ සත්වෝද්යාන හා අභයභූමිවල පැතිරී ඇති වානරයන් 72 ක් යොදාගෙන ඇති අතර විද්යාඥයින් විසින් අධ්යයනයේ දී එක් එක් පුද්ගලයාගේ ජලය පානය කිරීම ගණනය කිරීමබීම වලින් ද ආහාර වලින් ද යන්න ද සැලකිල්ලට ගෙන ඇත. මුත්රා, දහඩිය මගින් ජලය කොපමණ ප්රමාණයක් අහිමි වී ඇත්දැයි ඔවුහු සොයා ගත් අතර සියලු සංඛ්යා එකතු කිරීමත් සමඟ සාමාන්ය පුද්ගලයෙකුගේ ශරීරය දිනකට ජලය ලීටර් 3 ක් පමණ ගමන් කරන බව පැහැදිලි විය. එය කෝප්ප 12 ක් පමණ වේ. චිම්පන්සින් හා ගෝරිල්ලන්ට ඊට වඩා දෙගුණයක් පමණ ගමන් කරයි.
ප්රතිඵල විශ්මය ජනක වූයේ මිනිසුන් වෙනත් ප්රයිමේටාවන්ට වඩා දහඩිය දැමීම නිසාය. සමේ වර්ග අඟලක, “චිම්පන්සියන් මෙන් මිනිසුන්ට දහඩිය ග්රන්ථි මෙන් 10 ගුණයක් ඇත” යනුවෙන් පොන්ට්සර් පැහැදිලි කළේය. මිනිත්තු 30 ක ව්යායාමයකින් අපට ගැලුම් භාගයක් පමණ දහඩිය දැමිය හැකිය. සත්වෝද්යානයේ වානරයන්ට වඩා අපි ක්රියාශීලී ජීවිතයක් ගත කරන අතර බොහෝ වානරයන් ගමන් කරන්නේ දිනකට පැය කිහිපයක් පමණක් බව විද්යාඥයෝ පවසති. ඉතින් කොහොමද අපි මෙතරම් අඩු ජල ප්රමාණයක් භාවිතා කර ජීවත් වන්නේ.. ?
පර්යේෂකයන් විශ්වාස කරන්නේ අනෙකුත් ප්රයිමේට් හා සසඳන විට මිනිසුන් තුළ ඔවුන් නිරීක්ෂණය කළ ජල සැකසුම්වල සැබෑ වෙනස පරිණාමීය යාන්ත්රණයන්ට සම්බන්ධ බවයි. නිරෝගීව සිටීමට අඩු ජලය අවශ්ය වන පරිදි අපගේ ශරීරවලට හැඩගැසීමට සිදු විය.
විද්යාඥයින් දැන් අවධානය යොමු කර ඇත්තේ මෙම වෙනස හරියටම සිදු වූයේ කෙසේදැයි සොයා බැලීම සඳහා ය.
මේ සදහා අපේ නාසයට ද බොහෝ දේ කළ හැකි ය. මීට වසර මිලියන 1.6 කට පමණ පෙර හෝමෝ ඉරෙක්ටස් මිනිසා එහි පරිණාමීය ඥාති සහෝදරයන්ට වඩා නෙරා ඇති නාසය ලබා ගැනීමට පරිනාමය වීමට පටන් ගත් බව ෆොසිල පෙන්වා දෙයි. නමුත් ඊට හාත්පසින්ම වෙනස්ව, ගෝරිල්ලන් සහ චිම්පන්සියන් ගේ නහය සමතලා ව පවති.
හොදින් ඉහලට එසවී පවතින අප නාසය ජල වාෂ්ප ආශ්වාස කිරීමට නැඹුරු වන හෙයින්, මෙම ද්රව නාසය තුළට එකතු වී නැවත ශරීරයට එකතු වේ. මේ නිසා පුරාණ මිනිසුන්ට හුස්ම ගැනීමේදී වැඩි තෙතමනයක් තබා ගැනීමට උපකාරී වී ඇත
උපුටා ගැනීම: රාම් වණා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!