මතක ඇවිස්සෙන සෑම මොහොතකදි මම ඇයගෙ මූහුණු පොතට
එබි කම් කරමි.
මිතුරු ලැයිස්තුවෙ නොමැති වුවත් පිට අයට බැලීමට හැකි ආකරයෙන්
ඡායාරූප එකක් හෝ දෙකක් යොදා තිබීමම හිතට සනහයකි..
දවසකට නොවරදවා දෙවරක් හෝ තෙවරක් ඇයගේ මුහුණු පොතට එබිකම් කරන්නෙ
අලුත් ඡායරුපයක් වැරදීමකින් හෝ පිටස්තරෙයෙකුට නැරඹිය හැකි ආකරයෙන්
දමයි යන බලාපොරොත්තුවෙනි..
කාලයකදි ඇයගේ ලඟම යාළුවා අදරවන්තය වූ මම අද පිටස්තරයෙක් වීම ගැන යම් කණගාටුවක් තිබුනද ..
කිසිම විටක ඇයට හෝ ඇයව තොරාගෑනීම ගැන මටද මා දොස්පවරන්නෙ හෝ පවරගෙන්නෙ නැත.
අනන්තයක් වූ මතක වල හිමි කාරිය ඇයය..
ජිවිතයේ එක්තරා පරිච්චෙදයක් ආදරයෙන් සිනහවෙන් පිරවුවේ ඇයය.
මා ආදරණීය පුදගලයෙකු බව මා ජිවත් වන බව මට පසක් කර දුන්නෙ ඇයය..
මගේ ජිවිතයට පැමිණ ඇයට ඉටු කිරීමට ඇති කාර්ය්ය නිමවූ විගස යන්න අතැයි මා විශ්වාස කරමි..
ඇය මා වෙනුවෙන් සිටි සෑම මොහොතකටම සෑම තප්පරයකට මා කෘතඤ වෙමි..
ප්රේමයයට විවිදාකරයේ තෙරුම් විචාර ඉදිරිපත් කර තිබෙන්නට ඇත නමුත් මාගෙ දැක්මට අනුව මා ඇයට ප්රේමය යැයි කීමට කැමැත්තෙමි..
නැවත වරක් ප්රේමය මා තුලට නොපැමිනෙන බව මා දනිමි..
මන්ද ඇය නැවත වරක් මේ ජීවිත චාරිකාව තුල මුණ නොගැසෙන නිසාවෙනී..
ඉතින් ප්රේමිය බොහොමයක් මතක දුන්නාට තුති..
ඔබෙන් අවසන් කරමි ප්රේමය පරිච්ඡේදය නිමි…
උපුටා ගැනීම: Yomal Baddage