K-pop කලාවේ අඳුරු පැතිකඩ (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

k pop කියන්නේ වර්තමානය වෙනකොට trend එකක්. BTS , blackpink වගේ music teams ජාත්යන්තරව ලෝකය පුරා ලොකු fan base එකකට හිමිකම් කියනවා. ඔවුන්ගේ ගීත, විලාසිතා, අංග චලන, හැසිරීම ලෝකය පුරා රසික රසිකාවියන් විසින් අනුකරණය කරනවා. ඒත් මේ දක්ෂ කුසලතා පූර්ණ ගායක ගායිකාවන්ගේ ගේ ඇත්ත ජීවිතය අතිශයින් ම අඳුරු එකක් කියලා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?
අපිට එහෙමත් නැත්නම් බාහිර ලෝකයට පෙන්වන විදිහට k pop කියන්නේ perfect සුපිරි තරු කණ්ඩායමක්. ඒත් මේ සුන්දර මුහුණු වගේම සාර්ථකයි වගේ පෙන්වන ජීවිත ඇතුලේ ගොඩක් දුක්බර සත්යයක් හැංගිලා තියනවා. මෙම සුපිරි තරු k pop සමාගම් සමග එළඹෙන බොහෝ ගිවිසුම් ගොඩක් බරපතලයි. ඒවා ගෙන් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ සියලුම දේවල් පාලනය කරනවා. අවුරුදු දහතුනක් වගේ පුංචි කාලෙම මොවුන් කොහෙත්ම සෞඛ්යමත් නැති ආහාර රටාවකට ඒ කියන්නේ diet එකකට හුරු කරනවා. ඔවුන් උදේ ඉඳන් හවස් වෙනකන්ම නර්තන අභ්යාස වල නිරත විය යුතුයි. ඒත් ඔවුන්ට දෙන්නේ දෙන්නේ බොහොම අඩු ආහාර ප්රමාණයක් මොකද ඔවුන්ගේ ශරීරයේ හැඩය පවත්වා ගැනීම අත්යවශ්ය වෙන නිසා. තරමක් හෝ මහත ශරීර තියෙන අය ඉන්නවනම් ඔවුන් වතුර පමණක් පානය කරමින් සිටිය යුතු වෙනවා. ඒ වගේම සම්මත දකුණු කොරියානු නිර්ණායකයන් වලට අනුව රූමත් නැති අය ප්ලාස්ටික් සැත්කම් සදහා සඳහා යොමු විය යුතු වෙනවා. සමලිංගික අය ඒ බව ලෝකයෙන් සැඟවිය යුතු වෙනවා.
ඒ වගේම මේ සුපිරි තරු වලට එයාලගේ contract එක ඉවර වෙනකම් dating වගේම තමන්ගේ පවුල් වලට යාමත් තහනම් වෙනවා. ඒ ඒවගේම මේ හැමදේම ඔවුන් කරන්නේ සාර්ථකවීමට ඇති ඉතා කුඩා සම්භාවිතාවයක් පදනම් කරගෙනයි. මොකද මේ හැම අයෙක්ම ජනප්රිය තරු වෙන්නේ නැහැ. හැමෝටම සංගීත කණ්ඩායම් වලට ඇතුලත් වෙන්න බෑ.
හරි කොහොමහරි අපි හිතමු ඔබ වාසනාවන්ත වුණා කියලා k-pop කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න. CONGRATS! මෙතන ඉඳන් ඔයාගෙ ජීවිතේ කොහොමටවත් සම්පූර්ණයෙන්ම ඔයාට අයිති වෙන්නේ නැහැ. හිටපු k pop තරුවක් අනාවරණය කරන විදිහට නව ගායකයෙක් එකපාරට සාර්ථක වෙද්දි වෙද්දී ඔහු හෝ ඇය උපයන මුදලින් බොහෝ ප්රමාණයක් කෙලින්ම යන්නේ k-pop සමාගමට. ඔවුන් කොන්දේසි ලෙස ඉදිරිපත් කරන්නේ මෙම ගායකයන් පුහුණු කිරීමට යෙදූ මුදල් වලට ඔවුන් සමාගම්වලට ණය වී ඇති බවයි. ඒ වගේම ඔයාගේ හැමදේම ඒ සමාගමට ඕන විදිහට කරන්න ඕනේ. ඔබේ කොණ්ඩා විලාසිතා ව අඳින පළඳින විදිහ කතාබහ හැසිරීම වගේ හැමදේම ඔවුන්ට ඕන විදිහට කරන්න සිද්ධ වෙනවා. ඒක හරියට කවදාවත් ඉවර නොවෙන චිත්රපටියක පැය 24 ම රඟපානවා වගේ වැඩක්. ඒ වගේම ඔයාගේ මුළු කාලෙම නර්තන අභ්යාස සංගීත අභ්යාස සහ සංගීත සංදර්ශන වලට කැප කරන්න අවශ්ය වෙනවා. ඒත් මේ හැමදේම වෙන්නේ ගොඩක් දරුණු ආහාර පාලනයක් යටතේ දී. මේ හේතුව නිසා k-pop තරු කිහිප වෙලාවකදීම වේදිකාව උඩ කලන්තේ දාලා වැටෙනවා පහුගිය දවස්වල මාධ්යයෙන් දැක ගන්න ලැබුණා.
ඒ වගේම මේ කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් සමග ඔබට එකම නිවසේ පදිංචි වෙලා ඉන්න සිද්ධ වෙනවා. ඔබට තියාගන්න බැහැ ඒ වගේම විරුද්ධ ලිංගික යාලුවෝ තියාගන්න බෑ. කොටින්ම කියනවා නම් බාහිර සමාජය එක්ක කිසිදු කිට්ටු ඍජු සම්බන්ධතාවයක් තියාගන්න බැහැ. ඒ කියන්නේ මේ K-pop තරු අයිති වෙන්නේත් එයාලා ජීවත්වෙන්නේත් එයාලගේ රසික රසිකාවියන්ගේ romantic fantasies වල ම විතරයි.
රසික රසිකාවියන් ගැන කතා කරද්දි ගොඩක් අය ගෙන් ධනාත්මක ප්රතිචාර හම්බුනත් සමහර වෙලාවට මේ ගායකයන්ට බොහෝවිට hate comments සහ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට හානි වන සමහර දේවල් සමාජ මාධ්ය ඔස්සේ සිද්ධ වෙනවා. මේක මෙයාලගේ මානසික සෞඛ්යයට ලොකු තර්ජනයක්. මේ ගැන කතා කරද්දි සුල්ලි කියලා කියලා කියන්නේ ගොඩක් ලොකු චරිතයක්. ඇය k-pop සමාගමෙන් එළියට ඇවිල්ලා තමන්ගේ පෙම්වතා සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කරනවා. ඒ වගේම දකුණු කොරියාවෙ තියෙන සම්මත රූපය සම්බන්ධ සම්මතයන්ට එරෙහිව නිර්භීතව හඬ අවදි කරනවා. මේ සම්බන්ධව මැයට අනිත් පැත්තට හම්බ වෙන්නේ හොඳ ප්රතිචාර නෙවෙයි. ඇය විශාල වශයෙන් cyber-bullying වලට ලක්වෙනවා අන්තිමට මෙය ලොකු මානසික පීඩනයකට යටත් වෙලා සියදිවි නසාගන්නවා. ඒ වගේම ඊට සමගාමීව තවත් k-pop තරු රැසක් සියදිවි නසාගන්නවා. මෙය සිද්ධ වෙන්නේ මෙම තරු වලට එල්ල වෙන ගොඩක් අසාධාරණ පීඩනය නිසා.
ගොඩක් දක්ෂ මේ වගේ මිනිසුන් සමාජයෙන් මේ විදිහට සමුගෙන යාම දුක්බර කාරණයක් k-pop සමාගම් විසින් මේ තරු වලට එල්ල කරන ලොකු පීඩනය අවම කළේ නැත්නම් මේ වගේ සිද්ධි දිගින් දිගටම වෙන එක අපිට වළක්වන්න බැහැ. සමාජයක් විදිහට අපි දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් තියෙන beauty standerd වලට මේ ප්‍රසිද්ධ පුද්ගලයන් හැම කෙනෙක්ම කෙනෙක්ම යටත් ම යටත් වෙන්ඩ ඕනේ කියන මතයෙන් අපි ඉවත් වෙලා ඉන්න. ඒ වගේම මොකක් හරි දෙයකට comment එකක් දාද්දි අපි හිතන්න ඔනෙ මේක කොයි විදිහට ලබන්නා ට බලපායිද කියලා. ඔයාලා මේ ගැන මොකද හිතන්නේ? පල්ලෙහායින් comment එකක් දාන්න අමතක කරන්න එපා.

 

13 Shocking Times Idols Fainted And Collapsed On Stage - Koreaboo

 

 

Netizen Buzz: Sha Sha's Wanlin faints on showcase stage

 

 

IBC | ARMY's Amino

 

 

රන්දිකා සමරකෝන්

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!