බ්රිතාන්ය රජ පවුල ලෝකයේ ජනප්රියම රජ පවුල වගේම ලොව ධනවත්ම පවුලක් වෙනවා වෙනවා. මේ නිසාම ඔවුන් සතුව සුවිශාල ආභරණ එකතුවක් පවතිනවා. මේ ආභරණවල ප්රමාණය කොතෙක්ද කියන එක ගැන කිසිම අදහසක් රජ පවුලෙන් පිටත කිසිම කෙනෙකුට නැහැ. බ්‍රිතාන්ය රජ පවුල සතුව මේ මේ ආභරණ පවතිනවා කියලා දැනගන්න ලැබෙන්නේ ඔවුන් ඒ ආභරණ පළදින්න ගනිද්දී විතරයි. මේ සටහන බ්රිතාන්ය රජ පවුල සතු ටියාරාවන් එහෙමත් නත්තම් ඔටුනු සම්බන්දවයි.
කාටියර් හේලෝ ස්ක්රොල් ටියාරාව ( The Cartier Halo Scroll Tiara )
කේට් කුමරිය විසින් විලියම් කුමරු ව විවාහ කර ගැනීමේදී ඇගේ හිස සරසන ලද්දේ මේ කුඩා කිරුලයි. මේ කුඩා කිරුළ සඳහා විවිධ ප්රමාණයේ දියමන්ති ගල් දාහක් පමණ භාවිතා කර තිබෙනවා. හයවැනි ජෝර්ජ් රජු විසින් තම බිරිඳ වන එලිසබෙත් බිසවට විවාහ සංවත්සර අවස්ථාවකදී මේ කිරුළ ත්යාගයක් ලෙස ලබාදී තිබෙනවා. ඒ බිසව මෙය තම දියණිය වන වර්තමාන දෙවන එලිසබෙත් රැජිනට 18 වැනි උපන් දිනය දා ත්යාගයක්ලෙස ලබාදී තිබෙනවා .ඇතැම් අවස්ථාවල දෙවැනි එළිසබෙත් රැජිනගේ සහෝදරිය වූ මාග්රට් කුමරිය මේ කිරුළ පැළඳි බව පුවත්පත් ඡායාරූප වලින් හෙළි වෙනවා.
02) මේරි රැජිනගේ දියමන්ති බැන්ඩු ටියාරාව ( The Queen Mary Diamond Bandeau Tiara )
මේ කිරුළ 1925 දී එවකට බ්රිතාන්ය රජ කළ පස්වැනි ජෝර්ජ් රජුගේ බිසව වූ මේරි රැජින වෙනුවෙන් සුප්රකට ආභරණ නිෂ්පාදකයකු වන ගැරඩ් සමාගම නිපදවා තිබෙනවා. ආරම්භයේ දී නිල් මැණිකක් මෙහි ප්රධාන මැණික ලෙස ඇතුළත් වුණත් පසුව ඒ වෙනුවට දියමන්තියක් ආදේශ කෙරුණා. පසුව මේ කිරුළ මාග්රට් කුමරිය විසින් භාවිතා කර තිබුණා. මේ කිරුළ පිළිබඳව නැවතත් කතාබහක් පැමිණියේ මේගන් මාර්කල් කුමරිය සහ හැරී කුමරු විවාහ වන අවස්ථාවේ දී මේ දැන් විසින් මෙම කිරුළ පැළඳ සිටීම නිසා.
03) දිල්ලි දර්බර් ටියාරාව ( The delhi Durbar Tiara )
මේ කිරුළද මේරි රැජින වෙනුවෙන් ගැරඩ් සමාගම විසින් නිෂ්පාදනය කර ඇත. 1911 වර්ෂයේ ඉන්දියාවේ දී පස්වැනි ජෝර්ජ් රජු සහ මේරි රැජින ඉන්දියාවේ අධිරාජයා සහ අධිරාජිණිය ලෙස අභිෂේක ගැන්වීමේ උත්සවය සඳහා මේරි රැජින මෙම කිරුළ භාවිතා කොට තිබෙනවා. වර්තමානයේ දී දෙවැනි එළිසබෙත් රැජින විසින් මෙම කිරුළ නිල අවස්ථා වෙනුවෙන් භාවිතා කිරීම සඳහා චාල්ස් කුමරුගේ බිරිඳ වන කෝනල් හී ආදිපාදවරිය වන කැමිලා කුමරිය වෙත ලබා දී තිබෙනවා.
4 ග්‍රෙවිල් ටියාරාව ( The Greville Tiara )
වර්තමානයේ දී කැමිලා කුමරිය විසින් භාවිතා කරනු ලබන මෙම කුඩා කිරුළ ආරම්භයේ දී බ්රිතාන්ය රජ පවුලට අයත් අයත් වී තිබී නැත. බ්රිතාන්යයේ ඉතා සුප්රකට සමාජ සේවිකාවක් සහ වංශවත් පවුලක ද අයත් තැනැත්තියක් වන මාග්රට් හෙලන් ග්රෙවිල් හට අයත් ව තිබූ කුඩා කිරුළ සහ ඇගේ සම්පූර්ණ ආභරණ කට්ටලය සිය අන්තිම කැමැත්ත මගින් දෙවන එලිසබත් රැජනගේ මවට පරිත්යාග කර තිබුණා. එලෙසයි මෙම කිරුළ බ්රිතාන්ය රජ පවුල සතු වන්නේ .
05) කෙම්බ්රිජ් ලවර්ස් නොට් ටියාරාව ( Cambridge Lover’s Knot Tiara )
පස්වැනි ජෝර්ජ් රජුගේ බිරිඳ වුණු මේරි බිසව සැලකෙන්නේ විවිධාකාර ආභරණවලට අතිශයින් ප්රිය කළ තැනැත්තියක් විදිහට. ඇය තමන්ගේ ඥාතිවරියක වන ජර්මානු රජ කුමරියක් වන එහෙත් එය හෙසේ කාසල්හි ඔගස්ටා කුමරිය සතුව තිබූ කුඩා කිරුළක් දැක ඒ ආකාරයටම කිරුළක් තමන්ට සකස් කර දෙන ලෙස ගැරඩ් සමාගම වෙත දැනුම් දෙනු ලැබුවා. දෙවැනි එළිසබෙත් රැජින විසින් මෙම කිරුළ තම ලේලිය වන ඩයනා කුමරිය ද ලබා දුන් අතර වර්තමානයේ දී මෙය කේට් කුමරිය රාජ උත්සව සඳහා භාවිතා කරනු ලබනවා.
06) යෝක් ටියාරාව ( The York Tiara)
1986 දී සිදු වූ සිදු වූ යෝර්ක් හි ආදිපාදවරයා ඇන්ඩෘ කුමරුගේ සහ සාරා පර්ගියුසන් ආර්යාවගේ විවාහය සඳහා දෙවැනි එළිසබෙත් රැජිණ සහ edinborough ආදිපාදවරයා ගෙන ත්‍යාගයක් ලෙස මේ කිරුල ලබාදී තිබෙනවා මෙම කිරුළද නිපදවා ඇත්තේ ගැරඩ්සමාගම විසින්. ඇන්ඩෘ කුමරු සමඟ දික්කසාදයෙන් පසුව මේ කිරුලේ අයිතිය සාරා පර්ගියුසන් ආර්යාව වෙත පැවරුණු අතර ඇය විසින් එම කිරුළ ඇගේ දියණියන් දෙදෙනාගෙන් එක් අයෙකුට ලබා දෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා.
07) ප්රින්සස් ඇන්ඩෘස් මියැන්ඩර් ටියාරාව ( Princess Andrew’s Meander Tiara )
මෙම කිරුළ දෙවන එලිසබෙත් රැජින රැජින විවාහ වන අවස්ථාවේ දී පිලිප් කුමරුගේ මව වන ඇලිස් කුමරිය විසින් ත්යාගයක් ලෙස ලබා දෙන ලද්දක්. එලිසබත් රැජින විසින් මෙම කිරුළ තම එකම දියණිය වන ඈන් කුමරිය විවාහ වන අවස්ථාවේ දී ඇයට ලබාදුන් අතර පසුව ඈන් කුමරිය ගේ දියණිය වන sara විසින් ද තම විවාහ උත්සවයේ දී පළඳනු ලැබුවා.
08) බුරුම රූබි ටියාරාව ( The Burmese Ruby Tiara )
දෙවැනි එළිසබෙත් රැජිණ බොහෝ උත්සව අවස්ථා සඳහා භාවිතා කරන මේ ටියාරාව හැදෙන්නේ තවත් ටියාරාවකින්. හයිද්‍රාභාදයේ නිසාමි වරයා ඇගේ විවාහය වෙනුවෙන් අමුතුම ආකාරයේ ත්යාගයක් ලබා දුන්නා. ඔහු යුරෝපයේ රාජකීයයන්ගේ රාජකීයයන් ගේ ප්‍රියතම ආභරණ නිශ්පාදකයා වන කාටියර් වෙතින් ඕනෑම ආභරණයක් මිලට ගැනීමට ඇයට හැකියාව ලබා සලසා දුන්නා. එහිදී ඇය විසින් ටියාරාවක් මිලට ගත් අතර ඊට ruby වර්ගයේ මැණික දාහක් පමණ ඇතුළත්ව තිබුණා. පසු කලෙක දී ඇය විසින් එම ටියරාව මැණික් භාවිත කොට බුරුම ruby ටියාරාව සකස් කළ අතර ටියාරා ව පාදක කරගෙන ගෙල පළඳනාවක් ද සකස් සකස්කරගත්තා.
09) මහා බ්රිතාන්යේ අයර්ලන්තයේ තරුණියන් විසින් ලබා දුන් ටියාරාව ( The Girls Of Great Britain Of Ireland Tiara )
බ්රිතාන්යයේ නිකුත්වන නෝට්ටු සහ මුද්දර වල ඇතුළත් වන රැජිනගේ රුවෙහි පළඳා තිබෙන මෙම ටියාරා ව 1893දී මේරි බිසව එවකට බ්‍රිතාන්යයේ ආදිපාදවරයා ව සිටි පස්වැනි ජෝර්ජ් රජු විවාහ කර ගන්නා අවස්ථාවේදී මහා බ්රිතාන් සහ අයර්ලන්තයේ තරුණියන්ගේ කමිටුව මගින් ලබාදුන් මංගල ත්යාගයයි පසුව මේරි බිසව විසින් තම මිණිබිරිය වන දෙවන එලිසබෙත් රැජින රැජින විවාහ වන අවස්ථාවේ දී ත්යාගයක් ලෙස එය ලබා දුන්නා.
10) ස්ට්රැන්මෝර් රෝස ටියාරාව ( The Stranmore Rose Tiara )
දෙවන එළිසබෙත් රැජිනගේ මව වන එලිසබෙත් බිසව විවාහ වන අවස්ථාවේ දී ඇයගේ පියා විසින් ලබාදුන් ත්‍යාග අතරට මෙම ටියාරා වත් එක් වනවා. ඇතැම් වාර්තා වලට අනුව මෙම ටියාරාව ඔහු විසින් මිලදී ගෙන ඇති අතර ඒ වන විටත් එය සිය වසක් පමණ පැරණි බවට විශ්වාස කෙරෙනවා. එහි රෝස මල් වැනි දියමන්ති කොටස් ටියාරා වෙන් වෙන් කොට ඇඳුම් අලංකාර කරන ආභරණයක් ලෙස වුවත් භාවිතා කළ හැකියි.
11) හතර වෙනි ජෝර්ජ් රජුගේ කිරුල ( The George 4 State Diadem )
1821 වසරේ දී වසරේදී 4 වැනි ජෝර්ජ් රජුගේ රාජ අභිෂේකය වෙනුවෙන් සකස් කරන ලද මෙම කිරුළ පසුව වික්ටෝරියා රැජින සහ මේරි බිසව විසින් භාවිතා කරනු ලැබුවා දෙවනි එලිසබෙත් රැජිණ රාජ රාජාභිෂේකය සඳහා මෙම කිරුළ භාවිතා කළ අතර පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය සඳහා නොකඩවා ඇය පළදින්නේ මෙම කිරුළ යි.
12) ඇක්වමැරීන් පයින්ෆ්ලවර් ටියාරාව ( The Aquamarine Pineflower Tiara )
හයවෙනි ජෝර්ජ් රජු විසින් තම විවාහ සංවත්සරය වෙනුවෙන් 1940 දී එලෙස elizabeth බිසව වෙත මෙම කිරුළ තෑග්ගක් ලෙස ලබාදී තිබුණා. මෙම කිරුළද නිර්මාණය කර ඇත්තේ කාටියර් ආයතනය විසින්. 1973 දී elizabeth බිසව විසින් තමන් ගේ මිණිබිරිය වන ඈන් කුමරිය ට මංගල තයාග යක් ලෙස මෙම කිරුළ ප්රදානය කළා බොහෝ උත්සව අවස්ථා සදහා ඈන් කුමරිය විසින් මේ කිරුළ පළන් දෙනු ලබනවා.
13) ඔරියෙන්ටල් සර්ක්ලට් ටියාරාව ( The Oriental Circlet Tiara )
මෙම කිරුළ ඇල්බට් කුමරු විසින් තම බිරිඳ වන වික්ටෝරියා රැජින වෙනුවෙන් සකස් කරන ලද ටියාරා හතර අතරෙන් ඇගේ ප්රියතම ටියාරාව බවට පත්වුණා. අනෙක් විශේෂත්වය වන්නේ එම කිරුළේ මල් වැනි කොටස් වලින් නිරූපණය වන්නේ නෙලුම් මල් වීමයි අනෙකුත් ටියාරා මෙන් බරින් වැඩි නොවීම නිසා දෙවැනි එළිසබෙත් රැජිණ මෙන්ම ඇගේ මව වූ elizabeth බිසව ද බොහෝ රාත්රි උත්සව වලදී මෙම ටියාරාව භාවිතා කරනු ලැබුවා.
14) මේරි රැජිනගේ ෆ්රින්ජ් ටියාරාව ( The Queen Mary Fringe Tiara )
විවිධ ආභරණ වලට අතිශයින් ප්රිය තාවයක් දැක්වූ මේරි බිසව වෙනුවෙන් සකස් කරන ලද තවත් අලංකාරවත් ශීර්ෂ ආභරණයක් වන මෙම ටියාරාව බොහෝ දෙනාගේ අවධානයට යොමුවූයේ දෙවන එලිසබෙත් රැජිණ සිය විවාහය සඳහා එය පැළඳීම නිසයි. පසුව ඇයගේ දියණිය වන ඈන් කුමරිය ඇගේ මංගල උත්සවය සඳහා මෙම ටියාරා ව ම භාවිතා කර තිබුණා. ඉතා මෑතකදී ඇන්ඩෘ කුමරු ගේ දියණිය වන බියට්රිස් කුමරියත් සිය මංගල උත්සවය වෙනුවෙන් මෙම ටියාරාව භාවිතා කළා.
15) බ්රසීලියානු පාරාරු ටියාරාව ( The Brazilian Pararu Tiara )
දෙවැනි එළිසබෙත් රැජිනගේ ආභරණ එකතුව සරසන බොහෝ චිත්තාකර්ශණීය අභරණ ඇයට පෙර සිටි බිසෝවරු සහ කුමරියන් විසින් සකස් කරන ලද ඒවා නමුත් මෙම ටියාරාව සකස් කර ඇත්තේ ඇයගේ උපදෙස් පරිදි වීම නිසා මෙම ටියාරා ම වඩාත් සුවිශේෂී වනවා. 1953 වසරේදී බ්රසීලියානු ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් ඇයට දියමන්ති සහ aquamarine වලින් සකස් කරන ලද මාලයක් සහ කරාඹු යුවලක් ලබා දුන්නා. එම ආභරණ වලට දැඩි ලෙස ප්රිය කළ ඇය ඊට ගැළපෙන ලෙස ටියාරාවක් සකස්කරගැනීමට ගැරඩ් සමාගම වෙත උපදෙස් ලබා දුන්නා.
16) ග්රෑන්ඩ් ඩචස් ව්ව්ලැඩ්මිර් ටියාරාව ( The Grand Duchess Vladmir Tiara )
රුසියානු රජ පවුලේ සාමාජිකාවක් වුණු වුණු මාරියා පවුලෝනා මහා ආදිපාදවරිය සතුව තිබූ අලංකාර ආභරණ එකතුවට මුළු යුරෝපයේම රාජකීය කාන්තාවන් ඉරිසියා කලා . රුසියානු විප්ලව සමයේ දී සාර්ථකව රුසියාවෙන් පලා යාමට සමත් වූ ඇය විවිධ ක්රම භාවිතා කරමින් තම ආභරණ එකතුවක් රුසියාවෙන් පිටතට ගැනීමට කටයුතු කළා. ඇගේ මරණයෙන් පසුව ඇගේ දරුවන් විසින් එම ආභරණ වෙන්දේසි කිරීමට කටයුතු කළ අතර මේරි බිසව විසින් මෙම ආභරණ එකතුවේ බොහෝ ආභරණ මිලට ගනු ලැබුවා. අද වන විට දෙවැනි එළිසබෙත් රැජිනගේ ප්රියතම ක්රියාවක් බවට පත්ව තිබෙන්නේ එලෙස මිලදී ගැනුනු එකකි.
18) ඇලෙක්සැන්ඩර් බිසවගේ කොකෝශිනික් ටියාරාව ( Queen Alexander’s Kokoshinik Tiara)
හත්වන එඩ්වඩ් රජු ගේ බිරිඳ වූ ඇලෙක්සැන්ඩ්රා බිසව සහ සාර් අධිරාජයාගේ බිරිඳ ඇලෙක්සැන්ඩ්රෝවා බිසව සහෝදරියන් වූණා. රජුගේ බිරිඳ ලෙස ඇයට අනර්ඝ ආභරණ එකතුවක් හිමි වූ අතර ඒ අතරින් රුසියානු ගැමි ලියන්ගේ හිස් පළඳනාව අනුකරණය කරමින් සකස් කොට තිබූ ටියාරාවක් තමයි මෙම ටියාරාව . බොහෝ දෙනාගේ අවධානයට ලක්වන ඇලෙක්සැන්ඩර් බිසව එවැනි ටියාරාවක් සඳහා ප්රිය කළ අතර ඒ පිළිබඳ පිළිබඳව දැනගත් කාන්තා සංවිධානයක් විසින් මංගල සංවත්සර ත්යාගයක් ලෙස අයට මෙම ටියාරාව ලබාදී තිබුණා.
19) ෆේස්ටූන් ටියාරාව ( The Festoon Tiara )
1973 වසරේදී වසරේ දී හොංකොං නෞකා සමාගම නෞකාවක් දියත් කිරීම සඳහා පැමිණි ඈන් කුමරිය වෙත එම සමාගම විසින් තිළිණයක් ලෙස මෙම ටියාරාව ලබා දුන්නා. පසුව විවිධ අවස්ථාවල දී ඇය විසින් මෙම ටියාරාව හා ඊට ගැළපෙන ආභරණ පැළඳි අතර 2008 වසරේදී ඇය තම පුත්රයා සමඟ විවාහ වූ ඕටම් ට මංගල උත්සව අවස්ථාව සඳහා පැළඳීමට මෙම ටියාරාව ලබාදී තිබුණා.
20) ස්පෙන්සර් පව්ලේ ටියාරාව ( The Spenser Family Tiara )
මෙම ටියාරා ව බ්රිතාන්ය රජ පවුලට අයත් ටියාරාවක් නොවුනත් ලෝකය පුරාම ජනප්රිය වුණු ආභරණයක් නිසා එයත් මෙම ලැයිස්තුවට ඇතුළත් කිරීමට අප තීරණය කළා. ඩයනා කුමරිය විසින් තම විවාහයේදී භාවිතා කරන ලද්දේ තම පවුලේ පාරම්පරික උරුමයක් ම පවතින ස්පෙන්සර් ටියාරාවයි. ඇය පමණක් නොව ඇයගේ සහෝදරියන් ද ඇගේ සහෝදරයා විවාහ වූ තැනැත්තිය ද තම විවාහ උත්සව සඳහා මෙම ටියාරා ව භාවිතා කරනු ලැබුවා.
21) බෙල්ජියම් සෆායර් ටියාරාව ( The Belgian Sapphire Tiara )
දෙවැනි එළිසබෙත් රැජින විවාහ වන අවස්ථාවේ දී ඇගේ පියා වූ හයවන ජෝර්ජ් රජු විසින් ආභරණ කට්ටලයක් ත්යාග ලෙස ලබා දුන්නා. පසුකලෙක ඈ විසින් මෙම ආභරණ සඳහා ටියාරාවක් සකස් කිරීමට තීරණය කරා. ඒ වන විට බෙල්ජියමේ ලුවිස් කුමරිය සතු ආභරණ එකතුව වෙන්දේසි වෙමින් පැවති අතර එම එකතුවෙන් මිලදීගත් sapphire ගෙල පළඳනාවක් භාවිත කරමින් මෙම තියා රාව සකස් කොට තිබෙනවා.
22) ග්ලෝසෙස්ටර් හනී සක්ල් ( The Gloucester Honeysuckle Tiara )
මේරි බිසව සඳහා සකස් කර තිබූ මෙම ටියාරාව පසුව ඇය විසින් තම පුතකු වන ග්ලෝසෙස්ටර් අධිපතිවරයාගේ බිරිඳ වෙත තිළිණයක් ලෙස ලබාදීමට කටයුතු කළා. මෙම ටියාරාව මැද කොටස වෙනස් කිරීමට ඇති හැකියාව නිසා විවිධ ආභරණ මැණික් දියමන්ති වැනි දෑ එකතු කරමින් සිය ඇඳුම් පැළඳුම් වලට අනුව ක්රියාව වෙනස් කිරීමේ හැකියාවක් ලැබී තිබෙනවා.
තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි
රන්දිකා සමරකෝන්