සවනි (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එදා නිවාඩු දවසක් උනත් අළුතින් කාර්යාලයට ගිය අපිට හවස් වෙනකම් වැඩ තිබ්බ. ඒකෙ මහන්සියත් එක්ක හවස හයට විතර කොළඹ කොටුවෙ ඉස්ටේෂන් එකෙන් පොල්ගහවෙලට යන කෝච්චිය අල්ල ගත්තේ පන කඩන් දුවන් ඇවිත්.
ඒ දුම්රිය ඩබල් සෙට් එකක්. ඉස්සරහ සෙට් එකේ මිතුරන් සිටින නිසා මරදානෙන් ඉස්සරහ සෙට් එකට ගොඩ උනා. යාළුවො සෙට් එකම ගම්පහින් බහින හින්ද ගම්පහින් බැහැල පස්සේ සෙට් එකට ආවා. මැද ගාඩ් ගාව පෙට්ටියෙ පෙට්ටියෙ විතරයි ගැහැණු තුන් දෙනෙක් හිටියෙ.මට වේයන්ගොඩින් බැහැල යන්න ලේසි නිසා අන්තිම පෙට්ටියටම යන්න දුම්රියේ මැද්දෙන් ඉස්සරහට ගියා. වෙලාව හවස හයයි හතලිස් පහට වගේ.
එහෙම ඉස්සරහට යද්දි පෙට්ටිවල කව්රුත් නෑ. ඒත් ඈතින් පේනවා ගෑණු ළමයෙක් ඔඩොක්කුවේ තියන බෑග් එකට ඔළුව තියන් තද නින්දක.ඒ පැත්තටම එයා විතරයි.රෑත් වෙලා. කතා කරන්නත් මොකක්ද වගේ. එයාගෙ දිහා බල බල මම අනිත් පෙට්ටියට යද්දි එයාගෙ තව බෑග් එකක් උඩ රාක්කෙ දාලා තියනව දැක්ක. මම අනිත් පෙට්ටියට ගිහින් ඇයව පෙනෙන හරියකින් ඉඳගත්තෙ ඇයි කියල මටවත් හිතාගන්න බෑ.
දාරළුවෙන් කෝච්චිය නැවැත්තුවාම මම හිටපු පෙට්ටියට කොල්ලො තුන්දෙනෙක් නැග්ග.ඒ අය පච්ච ගහපු ඇස් රතු වෙලා, ටිකක් රස්තියාදු පැත්තට බර ගතියක් පේන්න තිබ්බ තුන්දෙනෙක්. එකෙක් විතරයි මගෙ දිහා බැළුවේ.පස්සේ එයාලා අර ගෑණු ළමයා හිටපු පෙට්ටිය පැත්තට ගියා. දැන් මෙයාලා අර ළමය කිට්ටුවටම ගියා. ඒ ළමය තද නින්දේ. බහින තැනත් පහුවෙලාද මන්ද. දැකපු ගමන් කතා නොකර ආපු මෝඩකම කියලත් හිතෙනව දැන්.
දැන් අර කොල්ලො රාක්කෙ තියන බෑග් එක දිහයි ළමය දිහයි, මගෙ දිහයි මාරුවෙන් මාරුවට බලනව.මුන්ට මොකුත් කරන්න බෑ මම ඉන්න නිසා.මමත් ඇරියෙ නෑ බලන්ම හිටිය. උන් මට ගැහුවනම් මට තාම ගහනව. උන් තුන්දෙනාගෙන් දෙන්නෙක් මට වඩා සයිස් උන්. දැන් මටත් හිතාගන්න බෑ මොකද කරන්නේ කියල. ළඟ පාතකට ආයෙ ඉන්නේ පිටිපස්සෙන්ම ඉන්න ගාඩ් මහත්තයා. එයාට මේක කියන්න බෙම්මුල්ලට යන්න ඕනෙ.
පස්සේ උන් තුන්දෙනා ටිකකින් අර ළමයට මොකුත් නොකර ඉස්සරහට ගියා. ඕනෙ මඟුලක් වෙන්න කියල ඒ ළමයට ගිහින් කතා කලා. එකපාරටම ඇහැරුණ එයා ගොඩක් බය උනත් මම ටක් ගාලා කිව්වා “අපි දැන් බෙම්මුල්ලට කිට්ටුව ඉන්නේ ඔයා කොහෙන්ද බහින්නෙ” කියල ඇහුවම මෙයා අඹේපුස්සට යන්නේ.
ඒ ළමය කොන්ඩෙ දිඟ, කෙට්ටු, ලස්සන සාමාන්ය යුවතියක්, ඒත් මම ඇහුවෙ ඇයි මේ රෑ වෙනකම් හිටියෙ කියල. එයා කියනව කැම්පස් එකේ වැඩ වගයක් තිබ්බ හින්ද එක කරල බස් එකේ කොටුවට එද්දී තවත් පරක්කු උන බවත් මේ දුම්රිය යන හින්ද සීඝ්රගාමී දුම්රියක් එනකම් නොසිට මේකට නැග්ග බවත් සඳහන් කලා.
පස්සේ මම දාරළුවෙන් වෙච්චි දේ කියද්දි වෙලාවට කලින් ගහට යා ගන්න බැරිවුන වවුලෙක් වගේ බය වෙලා මගෙ දිහා බලන් හිටපු විදියට මට හිනා යන්නත් එනව, හිනා වෙන්නත් බෑනේ. (එවෙලෙ ඒකි දන්නවා නම් මොකක් හරි සිද්ධියක් උනානම් මමත් යන කෝච්චියෙන් පනින්න හිටියෙ කියල)
පස්සේ එයා සාමාන්ය උනාට පස්සේ වතුර බීගෙන බීගෙන ගියා.මටත් දෙන්න හැදුවට එපා කිව්වා. මම කිව්වා මම වේයන්ගොඩට යන්නේ කමක් නෑ මම අඹේපුස්සට එන්නම් කියල. ඒ පාර කියනව අනේ එපා අයියේ ඔයා ගෙදර යන්න කියල. මම කිව්වා ඉස්සරහට යං නැන්දල තුන් දෙනෙක් ඉස්සරහ හිටිය කියල. යද්දි එයාලා බැහැල ගිහින්. පිරිමි විතරයි ඉන්නේ.
දැන් උඹල හිතනව නේද මම හෙන කුකුල. දැන් දඩයමක් හම්බෙලා මේ දැලේ දාගන්න යන්නේ කියල. නෑ යකුනේ මම දන්න පවුලක දරුවෙක් කාලකණ්ණියෙක්ගෙන් අනාථ වෙන්න ගිහින් අනූනමයෙන් ඒ දරුව බේරගත්ත මිනිස්සු එකතු වෙලා. එවෙලේ ඒ දරුවගෙ අම්මා දරුව බඳාගෙන අඬපු ඇඬිල්ලයි ඒ විලාපෙයි අහපු මම දැඩි තීරණයක හිටිය ස්ත්රීන්ට ගරු කිරීමට. අමාරුවෙ වැටිල ඉන්න ඕනෙ මනුස්සයෙක්ට උදව් කිරීමට දෙපාරක් නොහිතන මම ගැන මේ ළමය මොනව හිතනවද දන්නෑ.
ඉතිං පහුවදා නිවාඩු නිසාත්, අදයි හෙටයි විශේෂ වැඩක් නැති හින්දයි මම තීරණය කලා අඹේපුස්සට යන්න මේ අසරණ කෙල්ලට පිහිට වෙන්න. දැන් මේකී විකාරෙන් කියවනව “අයියෙ මට අවුලක් වෙන එකක් නෑ ඔයා වේයන්ගොඩින් බහින්න. මේ කරපු උදව් වලටත් ගොඩක් පිං” දැන් බොලාල හිතයිද මම බහියි කියල? මේ මම හුහ්…. බහී දැන්.
වේයන්ගොඩින් කෝච්චිය නවත්තපුවම ස්වල්ප වේලාවකින් අඹේපුස්සේ නවත්තන එක්ස්ප්රස් එකක් එනව කියල එවනවුන්ස් කරල කිව්ව හිනද “මම යන්නම් නංගි එහෙනම් පරෙස්සමින් යන්න” කියල බැහැල වේයන්ගොඩ ඉස්ටේෂන් එකේ කැන්ටිමෙන් එයාටයි මටයි කන්න ෂෝටීස් ටිකකුයි. කිරි පැකට් හතරකුයි ගත්ත. (රෑට කීයට කන්න වෙයිද දන්නෑනේ). අරන් අරකි ඉන්න තැනට ගියා. යද්දි ඉන්නවා එක්ස්ප්රස් එක එනකම් දිමිය වගේ බයවෙලා බලාන. මාව දැක්ක ගමන් සුසුමක් හෙලනව හොරෙන් දැක්ක මම. “හිතුව නේද ගියා කියල?” මෙයා හිනා වෙවී කියනව “ඇත්තටම හිතුවෙ අයියේ ඔයා යන්න ඇති කියල”
එක්ස්ප්රස් එකෙත් වැඩිය සෙනඟ නෑ. ගෙනාපුව කකා දෙන්න යනව දැන්. යකෝ යද්දිනෙ මතක් උනේ අරකිට ටිකට් තිබ්බට මට වේයන්ගොඩින් එහාට සීසන් නෑනේ.ටිකට් ගත්තෙත් නෑනේ .දැං සෝයි ටිකට් චෙක් කරොත්. මේක දැන් මේ බය වෙලා හිටපු කෙල්ලට කිව්වොත් හාට් ඇටෑක් හැදෙන හින්ද මොකුත් නොවුන ගානට මාත් යනව දැන්. පස්සේ විස්තර අහද්දී කියනව එයාගෙ නම සවනි බවත් අම්මයි තාත්තයි විතරයි ඉන්න බවත්. ඒ දෙන්නත් අසනීපයෙන් බවත් මෙයා එන බවක් අම්මලාට නොකියූ බවත් මෙහෙම දෙයක් වෙයි කියා දන්නවා නම් හොස්ටල් එකේ ඉන්න බවත් සඳහන් කලාය. අඹේපුස්සේ ඉදන් කොච්චර දුරද ඇසූ විට ඇය කිව්වේ කිලෝමීටරයක් වගේ යන්න තියන බවයි.ඒ ටික යන්න පුළුවන් බව ඇය කිව්වාය.
මගෙත් එක්ක කතා කර කර ගිය ඇයට මා ගැන යම් විශ්වාසයක් ඇති වී ඇත. මගේ පෙනුමත් අහිංසක නිසා ඇයට මා හොඳ එකෙක් කියා සිතෙන්නට ඇත.(ඇත්තටම ඉන්න එකා ගැන දන්නවා නම් අරකි කෝච්චියෙන් පනින්නෙ එයා නිදන් ඉද්දි මම කතා කරපු තැනින්⁣ය)
අඹේපුස්සට ගිහින් ටිකට් චෙක් කරනවාදැයි බලා එසේ නොවුන බැවින් හිමිහිට එයාගේ බෑග් උස්සාගෙන ටවුමේ කඩේකින් දෙන්න රයිස් එකක් කා (නැත්නම් අර අහිංසක අම්මා මේකිට ආයෙ උයන්න එපෑ) ත්රීවිල් එකක නැගී ගේ ගාවටම නොගිහින් ටිකක් දුර තබා ඇයව බැස්සවීමට යද්දි මගෙ ෆෝන් එක උදුරාගෙන ඇගෙ නම්බරය ඩයල් කර අහිංසක විදියට යන්නම් කියා බැස ගියාය.
ඒ ත්රීවිල් එකේම අඹේපුස්සට පැමිණ ටිකට්ගෙන සිටියදී ප්රමාද වූ දුම්රියක් පැමිණි නිසා ඉක්මනට වේයන්ගොඩට ඒමට හැකි විය.නිවසට ගිය ගමන් ඇයට SMS එකක් පමණක් යැවුවෙමි. ඔෆිස් එකේ වැඩ වැඩිවූ බව අම්මට කීවෙමි. ගිය දිහා දන්නවා නම් මට ගහන්නේ කොස්ස කැඩෙනකම්ය.
පසුව ඇය හා මා අතර ඇරඹි සුන්දර මිත්රත්වය ඇගේ එකම හා හොඳම පිරිමි යාළුවා මට්ටමට පැමිණීමට මට හැකි විය. පසුව මාස කීපයක් ආශ්රය කර මගේ සියළු තොරතුරු ඇය දැනගත් පසු ඇයම මගෙන් කෙල්ලක් නැත්තේ ඇයි දැයි විමසුවාය. මම කීප දෙනෙක්ගෙන්ම ඇසූ නමුත් රැවුල නැති නිසා අකමැති උනා යැයි විහිළුවක් කලෙමි.
ඇත්තටම ⁣මට කෙල්ලෙක් නැත්තේ වෙනත් හේතුවකටය. අන්ත අසරණ පවුලක් වූ අපි මේ මට්ටමට ඒමට පුදුම දුක් කන්දරාවක් විදීමට සිදුවී අැත. ඉතිං අම්මා තාත්තා අපි වෙනුවෙන් වෙහෙසෙද්දී ගැහැණු ළමයෙක්ගේ සිතක් සැනසීමට තරම් මුදලක් වත් මා වෙත නොවූ බැවින් ගැහැණු ළමුන් ගැන සිතීම රැකියාවක් කල කාලයක සිතීම තබා මගේ ඉදිරි ගමන සඳහා විශාල කැප කිරීමක් කලෙමි.
මේ වන විට මටම කියා ගොඩක් දුරට වැඩ අවසන් වූ නිවසක්ද ඇත. මහ ගෙදරදවැඩ අවසන් කර ඇත. දැන් මල්ලීත් උපාධිය අවසන් කර රැකියාවක් ලැබෙන තෙක් සිටී. දැන් ප්රශ්න ගොඩක් විසදී ඇත.
දිනක් ඇයට විභාගයට පාඩම් කර එපාවී යැයි කියූ නිසා සෙමෙස්ටර් විභාගය අවසන් වූ පසු අපි කොහේ හෝ ඇවිදින්න යමු යැයි මම නිකමට කිව්වෙමි. ගත් කටටම මෙයා කිව්වේ එහෙනම් අපි දෙන්න විතරක් නුවර යමු කියාය. කොහොමද යන්නේ අැහුවම කෝච්චියේ යමු කීවාය.
දිනක් ඇය හෙට නුවර යමු කියූ නිසා මම පාන්දරම ඇයව කැම්පස් එක ගාවින් ගෙන කෝච්චියේ නුවර ගියෙමු. දළදා මාළිගාවට ගොස් වන්දනා මාන කර අවසන්ව ඇය පුදුම කතාවක් කිව්වාය. “අයියෙ අද මගෙ උපන් දිනේ. මට මාළිගාවට එන්න ලොකු ආසාවක් තිබ්බ .කව්රුත් මාව එක්කන් ආවෙ නෑ.අම්මලට වද දෙන්නත් බෑ”
යකෝ අද සවනිගේ උපන් දිනය බව දන්නේ මොකාද. දැන් මොකද කරන්නේ. මම මට හැකි උපරිම මට්ටමේ සුභ පැතීමට භාවිතා කරන වචන වලින් ඇයට සුභ පතා. දළදා හාමුදුරුවන් වැද පුදා. ඇයගෙන් ගුටි හරි කමි සිතා දෙයක් හිමිහිට ඇසීමට තීරණය කලෙමි.
“සවනි නංගි අපි දෙන්න මාස ගානක් අදුරනවනේ දැන්. නංගිට මොකද මගෙ ගැන හිතෙන්නේ”
“අයියෙ ඇත්තම කියන්නම්. ඔයා නම් පුදුම කෙනෙක්. හරි විශ්වාසයක් දැනෙනවා ඔයා එක්ක ඉද්දි. හරිම හොඳයි ඔයා. කවදාවත් මගෙ හිත රිදෙන්න වත් දෙයක් කියල අහල නෑ. අද කාලෙ ඔයා වගේ අය අඩුයි.” කියා තවත් ගොඩක් දේ ඇය මා ගැන කිව්වාය.
“සවනි, මම දෙයක් අහන්නම්. ඒකට කලබල වෙන්න එපා. හිතල උත්තරයක් දෙන්න පුළුවන් නම්”
ඇගේ අැස් දීප්තිමත්ව එක එල්ලේ මගෙ දෙස බලා සිටින්නට විය. ටිකකින් ඇය මොකුත් නොකියා මගෙ අත් දෙකම අල්ලන් ඇගේ පපුවට තියා “අහන්න දෙයක් නෑ මගෙ සුදු මහත්තයො, මම දන්නවා අහන දේ. මට කියා ගන්න බැරුව හිටියෙ. මට වෙන මොකුත් එපා ඔයාගෙ වෙන්න විතරයි ඕනෙ.” කීවාය.
“මගෙ නංගියෙ ඔයා කොහොමද දන්නෙ මම නොකියා ඒක”
“ඔයාව මට දැනෙනවා අයියෙ. මෙලෝ එකෙක් නොකරන උදව්වක් එදා කලාම මම බැළුවේ ඔයා මගෙ නම්බර් එක ඉල්ලයිද කියලයි. මම බැහැල යන්න හදද්දිත් ඉල්ලුවෙ නෑ කියන්නේ ඔයා ගැන පුදුම විශ්වාසයක් මට ආවා. ඒකයි මමම ෆෝන් උදුරාගෙන නම්බර් එක දුන්නෙ. කොල්ලෙක්ට එහෙම නම්බරේ දුන්න පලවෙනි වතාව. ඉතිං ඉතිං.
පසුව අපි ⁣පේරාදෙණිය මල් වත්තට පැමිණ ගොඩක් දේ කතා කරමින් සිටියෙමු. ඒ අතර තුර මගේ අතිජාත මිත්රයෙක් මාර්ගයෙන් පේරාදෙණියේ උගේ මල්ලි කෙනෙක් සම්බන්ධ කරගෙන ඒ මල්ලීගේ මිතුරෙක්ගේ ෆෝන් ශොප් එකකින් හොද වර්ගයේ ෆෝන් එකක් ගැනීමට සවනිට නොකියා පසුව නොදන්න තාලෙට ” සුදු නංගි යාළුවෙක්ගෙ ශොප් එකක් තියනව දන්න. ඒකටත් පොඩ්ඩක් යං” කියා ඒ ශොප් එකට යද්දි අර මල්ලිත් ඇවිත් සිටි නිසා වැඩේ ලේසි විය.
යද්දි උන් දෙන්න ෆෝන් එක ලස්සනට ඔතා HAPPY BIRTHDAY කියා ලස්සනට ලියා කාඩ් එකකුත් ගසා තිබිනි. ඉතාම පුංචි දේකින් පවා සැනසීමට හැකි ඇගේ අහිංසක සිතට මෙය ඉතාම පුදුමයක් විය. ටික වෙලාවක් කතා කරගන්න බැරුව සිටි ඇය. වෙව්ලමින් “අනේ ඇයි අයියේ මෙහෙම මට වියදම් කරන්නේ” කියා ඇසීය.
“බලන්න ෆෝන් එක.. ⁣හොඳද කියල”
ඇය ෆෝන් එක පෙට්ටියෙන් විවෘත කර බලා කඳුළු පිරි දෙනෙතින් “ගොඩක් පිං රත්තරං අයියේ” කියා හීමීහිට කීවාය. ඇයට නොපෙනෙන්නට කාඩ් එකෙන් ගෙවීම් කල මට මිතුරා විසින් ඒ ෆෝන් එක වගකීමක් සහිතව ලබා දුන් මුදල ගැන පුදුම වූවෙමි. ඒකා නම් පෙර පිනකට ලැබුන එකෙකි.
පසුව ඇය නිවස කිට්ටුවට ඇරලවා මම නිවසට ගියෙමි. සවනි ගැන දැන් ගෙදරට කිව යුතුය. ලැජ්ජාවේද බැරිය. හැම මඟුලටම අම්මා ඉන්න නිසා මේ මඟුලත් ඇයටම කිව්වෙමි. ඇයට ඇත්තටම පුදුම සිතී තිබිනි. හීමිජ්ජා වගේ ඉන්න නිසා අම්මා හිතන් ඉදල තියෙන්නේ මට නෝනෙක් සෙවීම අම්මටම කරන්න වෙයි කියාය.
අම්මා කැමති නම් තාත්තා OK ය. අනේ මන්ද තාත්තා අම්මට බයද. නැත්නම් කන්දොස්කිරියාවෙන් බේරීමටද සිතා ගත නොහැක. සවනිත් මගෙ ගැන ගෙදරට කියා තිබිනි. ඇයට නම් කැමැත්ත ගැනීමට අවුලක් වී ඇත්තේම නැත. ඇයට ඇගේ අම්මා උපන්දිනේ දවසේම මාව ඒ ගෙදරට එක්ක නොගිය එකට බැන තිබිනි.
ගෙවල් වලින් කතා කර ඇය බලන්න ගිය දවසේ අපේ මල්ලි මට කොකී දෙයක් නැත. “අම්මෙ මේකගෙ තියන මනමාල පාට…. ආ..ආ…. ඉතිං රතු වෙනව ඔය…ඔය..”
සවනි චාම් ලස්සන සාරියක් ඇඳගෙන මේකප් නැතිවම වාගේ ලස්සනට සැරසී මා ගාවට එද්දී මට හැඩීමට තරම් අමුතු හැඟීමක් ආවේය. ඉතිං රිලවා පැනල ගිය අහිකුණ්ඨිකයා වගේ එතන අඩනනවැයි. කාගෙන හිටියෙම්. ඇය බුලත් හෙප්පුව අල්ලද්දී මම ඇයගෙන් “දැන් මම මේකෙන් විටක් කන්න ඕනෙද?” කියා හීමීහිට ඇසුවෙමි. ඒකට ඇයට බකස් ගා හිනා ගියෙය.
පසුව අපෙ තාත්තා ඇගෙ තාත්තා සමඟත් අපේ අම්මා ඇගේ මව සමගත් පුදුම තරම් මිත්රශීලී විය. අන්තිමට පවුල් වල තීරණය වූයේ සවනි කැම්පස් අවුට් වූ පසු අපේ විවාහය සිදුකිරීමටය. ස්තුතියි!!!
උපුටා ගැනීම: Gayan Widuranga Somarathna

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!