සිහිනය මිය යා යුතුය (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඉසුරු : “මචන්, ඇයි දැන් මට හදිස්සියේම එන්න කිව්වේ.උබ හොදටම බීලා නේද ඉන්නේ ?මොකක්ද උබට මට කියන්න තියනවා කිව්ව ලොකු කතාව.”
අකලංක : “ඉසුරු,මන් ඊයේ රෑ සවිත්රිව දැක්කා ටෙරියාකි රෙස්ටොරන්ට් එකේදි.”
ඉසුරු :” සවිත්රි කියන්නේ කවුද ?ඒ උබේ කී වෙනි කෑල්ලද කියපන්කෝ.”
ඉසුරු මහ හඩින් සිනාසෙමින් ඇසුවේ අකලංක ගැහැනු ලමයි මාරැ කිරීම ඇදුම් මාරැ කරනවාට වඩා ඉක්මනින් කරන බැවිනුත් ඔහුට සබඳතා බොහෝ ගනනාවක් මේ වන විට තිබී ඇති බැවිනුත් ය.
අකලංක : “විහිලු නෙවෙයි යකෝ.එකී බැදලා.”
අකලංකගේ මූනෙන් පිලිඹිබු වූ දැඩි වේදනාව නිසාම ඉසුරු සිනාසීම නවතා සාවිත්රි කවරෙක්දැයි මතක් කරන්නට විය.අකලංක නිතරම විනෝදයෙන් සහ සැහැල්ලුවෙන් ජීවිතේ ගතකරන බැවින් ඔහුගෙන් මෙවැනි බැරෑරුම් කලකිරුනු පෙනුමක් දැකීමෙන් ඉසුරු පුදුමයට පත්විය.
අකලංක :” උබට මතකද මන් කෙල්ලෙක් ගැන කිව්වා මට කැමතියි කියපු.එයා තමයි සාවිත්රි.”
ඉසුරු : “ආ..ඒ කෙල්ලද? ඉතින් උබ එකීට සිරා කරේ නැනේ කවදාවත්.ඇයි ඉතින් මේ දැන් එකී බැන්දා කියලා දුක් වෙන්නේ.මට තේරේන්නේ නෑ.”
අකලංක : “මන් දන්නේ නෑ සාවිත්රි හස්බන්ඩ්ට කේක් කවලා කිස් එකක් දුන්නා.එකී දැක්කේ නෑ මාව.මන් පස්සේ ගිහින් කතා කරා.එයා වෙනසක් නැතුව ඉස්සර වගේ හිනා වෙලා කතා කරා.එකී බැදලා අවුරුද්දකුත් වෙනවලු.ඇනිවසරි එක සමරන්න තමයි ඇවිත් හිටියේ.”
ඉසුරු : “දැන් ඒකී උබට කැමතියි කියලා අවුරුදු 3ට වඩා ගිහින්නේ.ඇයි මේ හදිසියේම.උබ ඉස්සර එකීව සත පහකට ගනන් ගන්නේත් නෑ.එකී මෙලෝ රහක් නෑ කියලා කොච්චර මාත් එක්ක කියනවාද”
අකලංක : “මට හැමදේම වැරදුනා බන්.එකී කොච්චර ලස්සනද කියලා මන් දැක්කේ ඊයේ.මම සවිත්රිව හැමදාම දැක්කේ හරිම සාමාන්ය කෙල්ලෙක් වගේ.මන් එයාගේ විශේෂයක් දැක්කේ නෑ කවදාවත්.ඒත් ඊයේ හස්බන්ඩ් එක්ක ආදරේන් ඉන්නවා දැක්කම මට මාර දුකක් දැනුනේ.මට අයිති දෙයක් වෙන කෙනෙක් එක්ක ඉන්නවා වගේ හැගීමක් ඒක.එකී මාව නොදැකත් අවුරුදු 2ක් මට ආදරේ කරා.ඒ කාලේ එයාට ආපූ සේරම ප්රොපෝසල් මන් නිසා ප්රතික්ෂේප කරලා තිබුනා.මේ හැමදේම මට එයාව මගහැරෙන්න කලින් අන්තිමට හම්බවුනු දවසේ එයා කිව්වා.එයා කිව්වා එයා මට කොච්චර ආදරේ ද කියලා.මන් වෙනුවෙන් ඔනේ තරම් කාලයක් බලන් ඉන්නම් කියලාත් කිව්වා.එකී අඩ අඩ කියද්දි මන් එකීට හිනා උනා.එයා වගේ සාමාන්ය කෙල්ලෙක්ට මන් කවදාවත් ආදරේ කරන් නෑ කියලා මන් එදා එයාට කිව්වා බන්.”
අකලංකගේ ඇස් වලින් දැඩි වේදනාවක් පිලිබිබු විය.
අකලංක :” සාවිත්රි අන්තිමට කිව්වා එයා මට කැමතියි කිව්වේ තනියම දරාගන්න බැරිම තැන කියලා.එයාට බය හිතුනා කිව්වා මාව නැති කරගන්න.ඒක නිසා මන් කැමති උනත් නැතත් මට ඒක කියලා හිත නිදහස් කරගන්න ඔනේ කිව්වා.මන් එයාව ප්රතික්ෂේප කරාම එයා හිනා වෙලා මගේ අනාගතේට විශ් කරලා මට සමුදුන්නා.එයා කිව්වා මන් හොයන විදිහේ ගෑනු ලමයෙක්ම මට ලැබෙන්න කියලා විශ් කරනවා කියල.මාව අමාරුවෙන් අමතක කරන්න ට්රයි කරන්නම් කිව්වා.එයා අහිංසක විදිහට එහෙම කියලා යන්න ගියා.ඊටපස්සේ කවදාවත් මන් එයාව දැක්කේ නෑ.
ඉසුරු : ඒ කියන්නේ අවුරුදු 3කට පස්සේ උබ එයාව දැක්කේ ඊයේ?
අකලංක : සවිත්රි නැතිවෙනකන් මට එයාගේ අගයක් තිබුනේ නෑ.උබ දන්නවානේ මට කෙල්ලෝ කී දෙනෙක් හිටියද කියලා.මේ එක කෙල්ලෙක් වත් මට ඇත්තටම ආදරේ කරේ නෑ.උන් ආදරේ කරේ මගේ ලස්සනටයි, සල්ලි වලටයි.මාත් උන්ට අත දිග ඇරලා වියදම් කරා.ඒත් හැමදාම මන් සවිත්රිගේ ගතිගුන ඒ කෙල්ලොන්ගෙන් හොයන්න ගත්තා.ඒත් සවිත්රි වගේ අහිංසක ඇත්තටම මට ආදරේ කරන කෙනෙක් ආයේ මට හම්බ උනේ නෑ.
මට වැරදුනා.මන් නැති කරගත්තේ මැනිකක් .මන් අද ඒකට සිය දහස්වාරයක් පසුතැවෙනවා.ඒත් මට කාලේ ආපස්සට හරවන්න විදිහක් නෑ.එයා දැන් අයිති වෙන කෙනෙකුට.සමහර විට මේ සංසාරේටම මට එයාව ආයේ ලැබෙන්නේ නැති වෙයි.”
ඉසුරු : “ඉතින් එයා ඊයේ මොකද කිව්වේ?”
අකලංක : මට ඉවසන්න බැරි උනා එයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා දකිද්දි.ඉතින් මන් ඇහුවා දැන් මාව අමතක කරලද ඉන්නේ කියලා.ඉස්සර ඒ ඇස් වල මන් ගැන උතුරන්න ආදරේ තිබුනා.ඒත් ඊයේ මන් එහෙම දෙයක් ඒ ඇස් වල දැක්කේ නෑ බන්.
එයා කිව්වා හදවතට දැනුනු ආදරයක් අමතක කරන එක කොච්චර අමාරුද කියලා.නමුත් එයාගේ ඒ ආදරේට වටිනාකමක් දෙන්නේ නැති මන් වෙනුවෙන් කොච්චර බලන් හිටියත් වැඩක් නෑ කියලා එයා අවබෝධ කරගත්තා කිව්වා.එයා මාසයක් රෑට නින්ද යන්න නිදි පෙති බීලා.භාවනා කරලා බන අහලා තමයි හිත හදන් තියෙන්නේ..ඒකට මාස ගානක් ගිහින්.ඊට පස්සේ තමයි දැන් හස්බන්ඩ් එයාට මුනගැහිලා තියෙන්නේ.එයත් මන් ගැන හැමදේම දන්නවා.සවිත්රි මන් ගැන කියලා.සවිත්රි දැන් හරිම සතුටෙන් ඉන්නවා.”
ඉසුරු ,මචන් දැන් මට තේරේනවා ලග තියන කොට වටිනාකමක් නැති දේවල් අපෙන් ඈත් උනාම කොච්චර වටිනවාද කියලා.සවිත්රි මට ඒ පාඩම කියලා දුන්නා.මගේ අතින් හදන්න බැරි වැරැද්දක් උනා.ආයේ කවදාවත් මට ඒ වගේ අවංක හොද කෙල්ලෙක් හම්බ වෙන්නේ නැති වෙයි.”
“කිසි දින අප හමුනොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින් “
උපුටා ගැනීම: Kasuni Dissanayaka

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!