නිර්මලයි මායි අපේ දරුවො දෙන්න ගැන බරපතල කතාවක් කර කර ඉන්නකොට මගේ දුවත් එතනට ආවා. එයාගේ ප්ලෑන් එක පිට රටකට යන්න වැඩි දුර ඉගෙන ගන්න. ඉතින් ඒකට අපි එකඟ වෙලා තියෙන්නේ. ඒත් ඉතින් හැම අම්ම කෙනෙක් වගේම දුවක් පිට රටකට යවනකොට කරන කුරු කුරු නිරිමලාගෙත් තියනවා. ‘එයාට මම නැතුව මෙලෝ වැඩක් කර ගන්න බෑ අනේ’ වගේ කුරු කුරු. මම කිව්වා ඉතින් ඒවා එයා ඉගෙන ගනියි කියලා. ‘එයාට ලෙඩක් හැදුනොත් මම නැතුව කොහොමද?’ ඊලඟ කඩ ඉම් ප්රශ්නේ. ‘ඇයි වදේ ඔය ඉස්පිටිතාල තියෙන්නේ ඒ රටවල් වල ලෙඩ්ඩුන්ට තමා’ කියලා මම උත්තර දෙනවා. ගෑනිට තාම පොටක් ඉතින් හම්බුන් නෑ. ඔන්න හිතල හිතල කිව්වා ‘ඔයා දන්නවද අප්පච්චි. මේ ලඟකදී එක දරුවෙක් එයාගේ නාකි අම්මයි තාත්තයි බයිසිකලේක ගෙනත් පාර අයිනට දාලා ගිහින්. දෙපාරකට ගෙනත් එකම තැනට දාල ගිහින්. අනේ බලන්නකෝ මුන්ට හෙන ගහන්න එපායැ නේ? හොයල බලපුවාම ඉතින් ඒ ලමයා වැඩිය හැදිල තියෙන්නේ පිට රටක’ කියලා ඕන් අතිනුත් කෑල්ලක් ඇඩ් කරා කතාවේ අන්තිමට.
දැන් මේ කතාව මායි මගෙ දුවයි අහන් හිටියා. මගේ දුව ටක් ගාලා කිව්වා ‘අම්මා, කවදාවත් ඒ වගේ වැඩක් මගෙන් වෙන් නෑ’ කියලා. අනේ නිර්මලා හරි ඉමෝෂනල් වෙලා දුවව ලඟට ඇරන් කිස් එකක් දීලා ඔලුව අත ගාමින් කිව්වා ‘අනේ නෑ මම ඔයා එහෙම කරනවට නෙවෙයි ඩාලින් කිව්වේ’ කියලා. මට දැන් හිනා. බලන් හිටියා දුව මොනව කියයිද කියලා. ඒකි කිස් එක එහෙම ඇරන් නැගිටින ගමන් කිව්වා ‘මට බයිසිකල් පදින්න බෑනේ. ඒකයි එහෙම වෙන් නැත්තෙ’ කියලා!! නිර්මලා පැන්නුවා කෙල්ලව කාමරෙන්!! අරකි දිව්වා හිනා වෙවී.. ‘ඔයාගෙම කට තමා මුන්ට ඇවිත් තියෙන්නේ’ කියලා තරහින් යන්න ගියා…
උපුටා ගැනීම: Susantha Pethiyagoda