කෙටේරියන් ඇන්ඩ් වෙජිටේරියන් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“මචං ලබන සෙනසුරාදා අපේ පැත්තේ වරෙන් …..පොඩි ෆන්ශන් එකක් තියනවා..හැබයි රෑම ආපහු දුවන්න නෙමේ ඉරිදා හවස ආපහු යන්න රෙඩි වෙලාම වරෙන්….”
සුහද ආරාධනය ආවේ චිකාගෝ කිට්ටුව වාසය කරපු ලංකාවේ හිතවතෙක් ගෙන්. මනුස්සයා සාද හිතකාමී ජොලි පොරක්. ඒ වගේම අභ්යන්තර ගුව්න් සේවයක නියමුවෙක්… විනෝදයට බෝට්ටු පදින්නෙක්… අමු හිංඟලයෙක් නිසා ඒ සමාගම අස්සේ කතා කෙරෙන හුවමාරු වෙන අත්දැකීම් විස්තර අපේ ඇඟට පත්තියම් වෙන්නෙ සුටුස් ගාන පමාවට
ඒ සෙනසුරාදා මං තෑග්ගකුත් අරගෙන තව උඩරට රැජින බෝතලේකුත් අරගෙන එහෙට සම්ප්රාප්ත උනා.
බුදු සන්තෝ….ඒක නිකං කොටුවේ පලවෙනි හරස්වීදියේ වගේ සෙනඟ. ගෙදර අයිතිකාරයෝ හිතවත්ම අය නයෙක් ගහපු එකෙක්ට බේත් හොයන්න යන තරමෙ හදිස්සියකින් එහෙට දුවනව…මෙහෙට දුවනවා… කොටින්ම සංගීත ප්රසංගය පටන් ගන්න කලින් සංවිධායකයෝ නස්පුක් වෙන්න බීලා වගේ උනුත් අනුමත වෙලා…ප්ලෑන් පාස් වෙලා වීදිරේඛා ඇදේට ලකුණු කරන තාලෙට ඇවිදීම….හරියට බුවනෙක හෝටලේ වගේ….
මාත් අයිනක් අල්ලගෙන හැමෝටම පනාව දාගෙන ලඟ උන්න අයත් එක්ක කයියක් දාගෙන… ඔහේ ඉන්නවා… අසූව දශකයේ ඇමරිකාවට ආපු අය ඒකාලේ අත්දැකීම් ලඟදි ආපු අපි වගේ සුහුඹුලන් ඉස්සරහා දිග අරිනවා. සිංහ සමාජයේ මොකද්දෝ එහෙකින් තමා ගොඩක් අය ඇවිල්ලා ගල් වෙලා තිබුණේ. තව සමහරු ඉස්කෝල ගැන. සමහරු දේශපාලන කතා….තවත් සමහරු ගොසිප් ලංකා… පම්පෝරි නයි, පොඩි නයි, පයනු දෙකේ නයි, කොබෝ නයි, ගයනුකිත්ත සහිත පොශ් නයි, අල්ප දයන්න යංශේ රකාරය පෙනේ ගහපු මිඩ්ල් ක්ලාස් නයි සේරම ඒ ගෙදර සාලේ…. සමහරු හුඹහා බිම තියලා පයින් ගහනවා නයි හතී අතේ විසිවෙන්න…සමහරු බඩගාන නයි පියාඹවලා..දෙපයින් ඇවිද්දනවා… දෙහිවල සත්තු වත්තේ සර්ප විමානෙ වගේ ඒකෙන් බේරිලා මං ඉන්නකොට එකෙක් කැරොකි එකක් දාගෙන සීටී ප්රනාන්දු පණ පිටින් මරනවා… මිනිහා ඇස් පියන් සිංදුව කියන්නේ හරියට හෙක්ටර් ඩයස් කියලා හිතාගෙන…
“ගී අඹ වනයේ මී හඬ පතුරා කාටද අමතන්නේ…. මී බට දෙවඟන ඇවිදින තාලෙට ඇයි ඔබ ඇවිදින්නේ….”
මං අමුවෙන්ම දෙකක් දාලා කන් දෙක වෙන චැනල් එකකට ටියුන් කරල… ඉරට්ටෙක අමුණපු මස් කෑලි දෙකක් කටේ ඔබා ගත්තා…
ඒ සුනංඟුවට මට වඩා සුට්ටක් වැඩුමහල් ඩෑල් එකක් මං ලඟ….
මූණ කුණ්ඩහට්ටියක් විතර කරගෙන. අතෙ තිබ්බ ක්රෑන්බෙරි යුෂ වීදුරුවත් මෙහෙක් කරලා මනුස්සයා කියපු කතාවට මට උඩබිම නැතුව ගියා.
මං මෑන්ව ඊට කලින් දැකලා කරලා තිබුණට හායි බායි හලෝ බලෝ එකෙන් එහාට දෙයක් නෑ.
“හැපූ….ඔවාලා චිකන් බීෆ් පෝක් කනවද? අපි නං එදා ඉදම්ම වෙජිටේරියන්….. දැන් බලන්න මගේ වයිෆිගේ පේරන්ට්ස්ලා…. එයාලට තව ආත්ම දෙකයි…. කෙලිම්ම ඵලයකට පත්වෙනවා කියලා අසපුවේ සාදුත් කිව්වා…… එයාලා සම්පූර්ණයෙන් ම වෙජිටේරියන් ….අඩුම අර මෝල්ඩිව් ඩිශ්….ඒ කිව්වෙ මේ අර…ගල් වගේ හයිය…. මොනාද අනෙ….”
“උම්බලකඩ!”
“අන්න හරි ඒවාවත් කන්නේ නෑ… ෆැබ් එකෙන් ගෙනාපු කේක් එකවත් කන්නේ නෑ මෙයා….එග්ස් දාලනෙ… මේ ලඟදි සුපර්මාර්කට් ගිහිල්ලා එද්දි ටවුමේ මස් කඩේ ඌරු මස් විකුණනවා දැකලා එයාලා සුමානයක් කෑවේ නෑ ….. ලික්විඩ්ස් විතරයි…..
ගෙදර ලිකර් කැබිනට් එකේ ෆොරින් ලෝකල් කලෙක්ශන් එකක් තිබ්බට එයාලා ඇහැක් ඇරලා බලන්නේ නෑ
“සිරාවටම??””
“ඔයාලත් අනේ ඔය සේරම ගිවප් කරලා මිනිස්සු වෙන්නකෝ… බලන්න….. මනුස්සයෙක් මරලා කන්නත් පුලුවන් නේ සමහරු මීට්ස් පෝල්ට්රී වලට එච්චර පෙරේතයි …ශිට්…..බුල් ශිට්…
මේ ලෝකේ කොච්චර ලස්සන යහපත් තැනක් වෙනවද මේ සේරම වෙජිටේරියන් උනාම?”
යකෝ මස් කෑල්ලක් කාලා මෙච්චර දේශනාවක් අහන්න මුගේ වත්තේ ඇහිඳන් කාපු කුකුලා කෑවද කියලා අහන්නත් හිතලා මං මෙහෙම ඇහුවා
“අයියා ඇඩොල්ෆ් හිට්ලර් දන්නවද?”
“කවුද ජර්මන් වල ෆියුහර් හිට්ලර් ද?”
(නැතුව හැටේ වත්තේ වැලි රොබරි දුන්න හිට්ලර් යෑ)
“ඔව් එයා තමයි”
“තිරිසනෙක්.. මනුෂ්ය සංහතියටම නිග්රහයක් වෙච්චි මිනීමරු පැසිස්ට්වාදී පිස්සො ටිකක් එක්ක මිලියන හයක් මිනිස්සු මරපු අපරාධකාරයෙක්….”
“හ්ම්ම්ම් අයියා වෙලේ සුදා දන්නවද?”
“මොකද මං නොදන්නෙ…එයාට මෝසමක් දාල බී රිපෝට් එකක් ෆයිල් කලේ මගේ කසීන් බ්රදර්ගේ සීනිය ප්රෙසිඩ්න්ට් කවින්සිලර්….ලංකාවේ ලොකුම හෙරොයින් ඩීලර්….”
“අයියා දන්නවද හිට්ලර් වෙජිටේරියන් …. වෙලේ සුදා අමද්යප….අඩුම බුලත් විටක්වත් කන්නේ නෑ”
අයියා මාරු වෙව්චි හැටි මට තාම හිතා ගන්න බෑ මිත්රවරුනි.
ප.ලි
නිර්මාංශ වීම නොහොත් වෙජිටේරියන් වීම සහ අමද්යප වීම යනු මිනිසුන්ගේ ආහාර පාන පරිභෝජන රටාවක්, පිලිවෙලක් වාරිත්රයක් මිස…. සත්පුරුෂ අසත්පුරුෂ බව තීරණය කරන මිණුම් දණ්ඩක් නොවේ
බිත්තර රොටී එක්ක මස් හොදි කනගමන්….ලියන ලදී
  උපුටා ගැනීම:   කුෂාන් ප්රේමසිරි

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!