+ අපි ජාතිවාදීද?
– නෑ.
+ ඒ උත්තරය වැරදියි. අපි ජාතිවාදීයි.
– උදාහරණ?
1) අපි රෙස්ලිං තරගයක් බලනවා. එතන කලු ජාතිකයෙකුයි සුදු ජාතිකයෙකුයි අතර ෆයිට් එකක්. අපි කලු එකා මොන රටේද දන්නෙත් නෑ. නම දන්නෙත් නෑ. සුදු එකා මොන රටේද දන්නෙත් නෑ. නම දන්නෙත් නෑ. අපි කැමතියි ඒත් කලු එකා දිනනවට. ඇයි ඒ. අපි වර්ණබේද වාදීයි.
2) පකිස්තාන් ශ්‍රීලංකා ක්‍රිකට් මැච් එකක් තියෙනවා ලංකාවෙ. කොළඹ මුස්ලිම් පාසලක ලමයි ටිකක් පකිස්තාන් කොඩිය අරගෙන එනවා. ඒක නිරායාසයෙන් වෙන දෙයක්. හැබැයි ලංකාව හා ඉන්දියාව අතර තරගයක් තිබුනොත් අර ලමයි ටිකත් ලංකාවෙ කොඩිය අරන් පිට්ටෙන්නට එනවා. අපි ආගම්වාදීයි
3) 1996 ලාහෝර් වල ගඩාෆි ක්‍රීඩාංගණයේ ග්‍රවුන්ඩ් සපෝට් එක තිබුනෙ අපිට. ඒ ඇයි? පාකිස්තානුවන් කැමතියි ආසියානු රටක් ශූරතාවය දිනනවට. අපි උපන් ප්‍රදේශ අනුවත් බෙදිලා.
4) මුස්ලිම් ගමකට ගහන්න යමන් කිව්වොත් සිංහල කොල්ලො 1000ක් උනත් හොයාගන්න පුලුවන්. සිංහල ගමකට ගහන්න යමන් කිව්වම මුස්ලිම් ද්‍රවිඩ කොල්ලො 1000ක් උනත් හොයගන්න පුලුවන්. ඒත් සංහිදියාව ගැන කතා කරන්න එකතුවෙමු කිව්වොත් 10ක් හොයගන්න බෑ
ඇයි ඒ? අපේ ඇග ඇතුලෙ ජාති, ආගම් ප්‍රාදේශීය වාද තියෙනව අලු යට ගින්දර වගේ.
– ප්රශ්නය පැහැදිලියි. එහෙම උන අවස්තා තියෙද?
+ පාස්කු ප්‍රහාරය ලගම උදාහරනය. තිස් වසරක යුද්දයත් ඒ වගේ, කලු ජූලිය තමයි හොදම උදාහරණය.
– විසදුම මොකද්ද?
+ රාජ්‍ය ආගම දෙකක් ලෙස පිලිගන්න ඕන. උතුරේ සුමන්තිරන්ල, නැගෙනහිර හිස්බුල්ලල, දකුණේ ප්‍රධාන පක්ෂවල උදවිය මිනිස්සුන්ගෙ අලු යට තියෙන ගින්දර චන්දෙ කිට්ටු වෙනකොට පිඹල පිඹල පත්තු කරල තමන්ගෙ චන්ද මල්ල පුම්බගන්නවා. උඩ තියෙන අලු ඉවත් කරන්නෙ අතීතය හොවා දක්වමින්. හරිනම් අතීතය මතක් වෙනකොට හරි භෞද්ධයෙක් නම් තමන්ගෙ දර්ශනය අනුව සියලු දෙනාම මනුෂ්‍යයන් බවත් සියල්ලන්ට මෛත්‍රී කල යුතු බවත්, ඇසට නොපෙනෙන ක්ෂුද්රජීවීයාගේ පටන් සියලු දෙනා මරණයට දඩුවමට බිය බවත්, තමා උපමාකොට අනෙත් අයට සැලකිය යුතු බවත් මතක් විය යුතුයි. මේ රට ඇති තරම් ගිනි ඇවිලුන රටක්. හරිනම් අපි කලාමැදිරි එලියටත් බය විය යුතුයි.
යුරෝපීය රටවල් වැඩවසම් ක්‍රමය තුල පල්ලිය මූලික කරගෙන රාජ්‍ය පාලනය කලා. එතන ඒ රට ශිෂ්ඨ නෑ. පස්සෙ පල්ලිය වෙනමත් රාජ්‍ය වෙනමත් පාලනය කලා. ඒ රටවල් ශිෂ්ඨ උනා. මනුස්සයෙක් තමන් කැමති ආගම ඇදහීම ඒ මිනිහගෙ අයිතිය. කෙනෙකුට ඕනනම් පුලුවන් මැටියෙන් බල්ලෙක් හදල ඌට උදේ හවස වදින්න. ඒක ඒ මනුස්සයගෙ අයිතිය. ඒක තේරුම්ගත් දාට ඔබේත් මගේත් අලු යට තියෙන ගින්දර නිවේවි. අපේ ආගම් රැකගත යුත්තේ අපෙන්ම මිසක් අන් අයගෙන් නෙවෙයි. කඩු කිනිසි අරන් ආගම රකිනවට වඩා ආගමානුකූලව ජීවත්වීමෙන් ආගම රැකිය හැකියි.
ජයවේවා.
මලිත් මධුශංක