මාලිනී බුලත්සිංහල මහත්මිය කියන ‘මේ රට මගෙ රට’ සිංදුවේ වීඩියෝ එකක් ජාතික රූපවාහිනියෙන් කළා අසූ ගණන්වලදී. ඒකෙ එක තැනක පෙන්නනවා වෙස්ට් එකකුයි කොට කලිසමකුයි ඇඳන් ඉන්න අවුරුදු හතරක් විතර වයස දරුවෙක් රතු පාට ප්ලාස්ටික් බැට් එකක් අරගෙන නියම ස්ටාන්ස් එකේ ඉඳලා බැට් කරන්න ලෑස්ති වෙන හැටි. ඒ දරුවා පස්සේ කාලෙක ක්‍රිකට් ලෙජන්ඩ් එකක් වෙයි කියලා එදා රෙකෝඩිං එක කරපු රූපවාහිනියේ යුනිට් එක හිතන්නැතුව ඇති. ඒ දරුවා තමයි මහේල ජයවර්ධන.
1977 අවුරුද්දේ මැයි විසිහත්වෙනිදා දෙනගමගේ ප්‍රබෝද් මහේල ද සිල්වා ජයවර්ධන ඉපදෙනවා. පොඩි කාලේ ඉඳලාම ක්‍රිකට් වලට උනන්දු මහේලව තාත්තා සෙනරත් ජයවර්ධන එන් සී සී එකට භාරදෙනවා ටෙක්නීක් ඉගෙනගෙන පොලිෂ් වෙන්න. 1994 දී නාලන්දෙ ටීම් එකට කැප්ටන් වෙලා, ඊට පස්සේ එස් එස් සී එකට සෙල්ලම් කරලා, 1997 දී ලංකාවේ හැටනමවෙනියා විදිහට ටෙස්ට් ක්‍රිකට් ගහන්න මහේල වරම් ලබනවා. ලංකාව 952ක වැඩිම ටෙස්ට් ලකුණු අරගෙන ව’ල්ඩ් රෙකෝඩ් එක තියද්දී මහේල ලකුණු 66ක් එකතු කරලා වැඩ අල්ලනවා. 1998 දී අනූ දෙවෙනියා විදිහට වන් ඩේ ක්‍රිකට් ගහන්න වරම් ලබනවා. ගාල්ල ස්ටේඩියම් එකේ සෙන්චරියක් ස්කෝ කරපු පළවෙනියා වෙන්නෙත් මහේල. ඒ 1998 දී. මහේල පළවෙනි වන් ඩේ සෙන්චරි එක ගහන්නේ අපිට ඉතාම වැදගත් මැච් එකකදී. ඒ තමයි මුරලි බෝලේ දමලා ගහනවා කියලා රොස් එම’සන් බොරුවට කේස් දැම්මම අර්ජුන රණතුංග ටීම් එක අකුළගෙන පැවිලියන් එකට යන්න හැදුව, ඇඩිලේඩ් වල තිබුණු මැච් එක.
පිච් එක මැද පාට්නෂිප්ස් ගැන කතා කරද්දී මහේල – සංගා පාට්නෂිප් එක විශේෂයි. මොකද ඒක ව’ල්ඩ් රෙකෝඩ් පාට්නෂිප් එකක් නිසා. ජයසූරියයි මහානාමයි 1997 දී ඉන්දියාවට එරෙහිව ගත්ත ලකුණු 576ක පාට්නෂිප් රෙකෝඩ් එක 2006 දී සවුත් ඇෆ්රිකාවලට එරෙහිව ලකුණු 624ක් ස්කෝ කරලා මහේලයි සංගයි අලුත් කරනවා. තුන්වෙනි විකට් එක වෙනුවෙන් තිබුණු 5826 ක ඩ්‍රාවිඩ් – තෙන්දුල්කර් ටෙස්ට් පාට්නෂිප් එක මහේලයි සංගයි 5890ක් ස්කෝ කරලා අලුත් කරනවා. කැච් ගන්න පැත්තෙන් මහේල ලෝකයේ ඉස්සරහින්ම ඉන්න ක්‍රිකට’ කෙනෙක්. මුරලිගේ 800 වෙනි ටෙස්ට් විකට් එක අරන් දුන්නු කැච් එකට මහේල සංතෝස වෙනවා වගේම දිල්ෂාන්ට වන්ඩේ හැට්රික් එකක් අරන් දෙන්න තිබ්බ කැච් එක මිස් වුණු එක ගැන මහේල දුක් වෙනවා. මුරලි බෝල් කරන, මහේල කැච් ගන්න කම්බිනේෂන් එක ටෙස්ට් ක්‍රිකට් වලට නිතරම දකින්න තිබ්බ දෙයක්, මොකද මහේල ඉන’ රිං එකේ ඉඳලා ෆීල්ඩ් කරන්නයි ගොඩක්ම ටැලන්ටඩ්. ටෙස්ට් වලින් 10,000 ස්කෝ කරපු පළවෙනි ලාංකිකයා මහේල. වන්ඩේ වලින් 10,000 ස්කෝ කරපු දෙවෙනි ලාංකිකයා මහේල.
මහේලගේ ක්‍රිකට් ස්ටැට්ස් නම් නෙට් එකට ගියොත් ලකුණක් නෑර හොයාගන්න පුළුවන්. ඒ නිසා මම යනවා නෙට්ෆ්ලික්ස් එකට. නෙට්ෆ්ලික්ස් එකේ තියනවා ‘ක්‍රිකට් ෆීව’ කියලා සීරීස් එකක්. මුම්බායි ඉන්ඩියන්ස් ටීම් එකේ කෝච් විදිහට මහේල මොනතරම් වැඩ කොටසක් කරනවාද කියලා ඒ ඩොකියුසීරීස් එකේ ලස්සනට පෙන්නනවා. ටීම් එක පිස්සු නටනකොට මහේල කුණුහරුපෙන් බැනලා නිවැරදි පාත් එක පෙන්නනවා. ඒක බලද්දී ඇයි අපිට මහේලගේ එක්ස්පීරියන්ස් එක අපේ කොල්ලන්ව හරියට හදන්න ගන්න බැරිවෙලා තියෙන්නේ කියන එක ගැන දුක හිතෙනවා. අම්බානිගේ ටීම් එකේ කෝච් වෙලා ඇයි ඉන්දියාවට වැඩ කරන්නේ කියලා මහේලට බනිනවා ඇති. ඒත් ලංකාවෙන් තමුන්ගේ වැලියු එක ගෙවන්නේ නැත්නම්, තමන්ට වැඩ කරන්න හොඳ ස්පේස් එකක් දෙන්නේ නැත්නම්, තමන්ට වැලියු එකක් දෙන්න වෙන කෙනෙක් ලෑස්ති නම්, එතනට ගිහින් තමන්ගේ ටැලන්ට් එකයි එක්ස්පීරියන්ස් එකයි මුදල් කරන එකේ කිසිම වැරැද්දක් නෑ. දවස් කිහිපයකට කලින් කොන්ද කෙළින් තියාගෙන මහේල කිවුවා අනවශ්‍ය වියදමකට නොයා තියන ටික ග්‍රවුන්ඩ්ස් ටික හදාගමු කියලා. අනිත් හැම ෆීල්ඩ් එකකම වගේ ක්‍රිකට් වලත් දැන් දෙවෙනි පෙළක් නෑ. අපි මැච් බලන්නේ ක්‍රිකට් හැබිට් එක අපේ ඇඟට පොඩි කාලේ ඉඳලා පත්තියං වුණු නිසා. නැත්තං ඇත්තටම හිතුවොත් වෙනදා ක්‍රිකට් ගැන තිබ්බ ෆීලිං එක දැන් අපිට නෑ. අලුතෙන් එන අය කවුද කියලා මතකත් නෑ. ටැලන්ටඩ් අලුත් අයට චාන්ස් ලැබෙන්නෙත් නෑ. ලංකාවට ඉන්ටනැෂනල් රෙකග්නීෂන් එක දුන්නු ස්පෝට් එකක් ගැන අදාළ පිරිස් සැළකිලිමත් නැත්නම් අපි මොනා කරන්නද? මහේලගේ ටැලන්ට් එකෙන් වැඩක් ගන්න පුළුවන් කියන එක අපිට තේරුන්නැති වුණාට අම්බානිට තේරෙනවා ඇති.
මහේල චැරිටි වැඩ කරනවා. තමන්ගේ ප’සනල් එක්ස්පීරියන්ස් එක නිසාම කැන්ස’ හොඳ කරන්න මුදල් රැස් කරන චැරිටි වැඩ ගොඩකට එකතු වෙනවා. ක්‍රිකට් කියන ජෙන්ට්ල්මන්ස් ගේම් එක ප්ලේ කරපු නියම ජෙන්ට්ල්මන් කෙනෙක් විදිහට අදටත් කෙළින් හිටගෙන ඉන්නවා. ලංකාවෙන් බිහිවුණු ටැලන්ටඩ් කැප්ටන් කෙනෙක් විදිහට, සාර්ථක ගේම් ප්ලෑන’ කෙනෙක් විදිහට, විශිෂ්ටතම ක්‍රිකට් ලෙජන්ඩ් එකක් විදිහට මුළු ලෝකෙම මහේලට ගරු කරනවා. උපන් රටට ණය නැති මිනිහෙක් විදිහට අපි මහේලට ගරු කරනවා. ඉන්දියාවේ අලුත් ක්‍රිකට’ස්ලා ෆීල්ඩ් එකට බහිද්දිම මහේලගෙන් හොඳට ගුරුහරුකම් ලබනවා. මහේල වගේ ලස්සන ලේට් කට් ගහන අලුත් කොල්ලෝ ටිකක් හදන්න පුළුවන් හොඳ වාතාවරණයක් ලංකාවේ හැදෙයි කියලා අපි තාමත් හීන දකිනවා.
.
උපුටා ගැනීම: – ෂෙනාල් ගුණසේකර –