ඔන්න මගේ හස්බන්ඩා මුලින්ම බීලා තියෙන්නේ බීඩියක්ලු අවුරුදු දහතුනේ.යාලුවෝ තුන් දෙනාම මාරු කර කර බිවුවාලු ඇයි ඉතිං සල්ලි වැඩිය නෑනේ.ඉතිං මේ තුන් දෙනා කසිප්පුත් ගැහුවාලු අතට ලැබෙන සොච්චමෙන්.ගන්ජාත් බිව්වාලු අදටත් ඉතිං ඉඳල හිටලා.ඉතිං බීඩිය කාලෙකට පස්සේ සිගරට් වෙලා.පස්සේ කසිප්පු ව අරක්කුත් වෙලා.ඔන්න ඉතිං ජීවිතේ ගෙවිලා යනවාලු.කෙල්ලොත් දාඅටක් විතර හිටියාලු එදා , ඒක දන්නවානම් මං බණ්ඩාව කීයකටවත් බඳින්නේ නෑ.කොහොම හරි මං ලු දහනවය.ඒක ඉතිං මං දැනගෙන හිටියේ නෑනේ හොර ගෙඩියා කිව්වෙත් බැඳලා ඉවර වෙනකං..හැබැයි ඉතිං සීරියස් ආදර කතාවක් ගැන විතරක් කිව්වා.මාත් ඉතිං මගේ සීරියස් කතාවක් එයාට කිව්වා.ඔහු හොඳින් මාව අවබෝධ කර ගත්තා.ඔහු හොඳ කෙනෙක් බව එදා මට වැටහුනා.මාත් ඉතිං ප්රේමයෙන් වෙලුනා මගේ බොසා එක්ක.
අපි දෙන්නා ආගම් හා ජාතීන් දෙකක් ඒ නිසා ගෙදරින් මට නෝ පර්මිෂන් ඉතිං මං මගේ කැමැත්තට හස්බන්ඩාව බැන්දා.හස්බන්ඩා ගේ අම්ම තාත්තාගේ ආශිර්වාදය මැද.
ඔන්න ඉතිං කාලෙ ගෙවෙනවා චූටි දූ පැංචියෙකුත් ලැබෙනවා.දරුවත් ටික ටික ලොකු වෙනවා හස්බන්ඩා ත් හොඳට සිගර්ට් බොනවා අරක්කු වලට වඩා බියර් බොනවා.ඔහොම ඉතිං හැමදේම ගෙවීගෙන යනවා.අපො බැඳලා හරියට ම අවුරුදු දහයකුත් පහුවුනා.
ෂමී මට හරියට නින්ද යන්නෑනේ.මුලු දවසම ඇහැරිලා.බොහෝ විට ඔහු එහෙම කියනවා.ඩොක්ටර්ගෙන් ඇහුවාම කියන්නේ ස්ට්ර්ස්ස් එක් වැඩි නිසා කියලා.දවසක් “ෂමී මගෙ පපුව රිදෙනවා.” එවෙලේම හොස්පිටල් ගියා.කෙලින්ම හොස්පිටල්,ඩොක්ටර්ස්ලා චෙක් කලා හාට් ඇටෑක්.ඉමීඩියට් සර්ජරී. හැමදේම හොඳට සිදු වුනා.ඒ වෙලාවේ මාත් මානසිකව හොඳටම වැටිලයි හිටියේ.ඒක ගැන අපි පස්සේ දවසක කියවමු.ඊට පස්සේ ආයෙත් කාලේ ගලාගෙන යනවා.ආයෙත් පෙර පුරුදු මයි.නෝ නින්ද විඳවනවා.ආයෙත් පුංචි පහේ හාට් එටෑක් එකක්.මේ හැමදේම කෙරුන්නේ පෞද්ගලික ඉස්පිරිතාල වල.අවසානේ මේ අවුරුද්දේ පෙබරවාරි මුල ආයෙත් පපුව රිදෙනවා කියල කිව්වා.තුන් වෙනි පාර තේරුනා සීරියස් කියලා.මට ඒ වෙලාවේ හිතා ගන්න බෑ මොනවද කරන්නේ කියලා.ෆයිල්ස් ටික දාගත්තා ට්රයිශෝ එක ආවා කෙලින්ම වින්ලංකා හොස්පිටල් එකට යනවා හොඳටම කහිනවා මගේ ඇහෙන් කඳුලු ගලනවා .
වින්ලංකා එකෙත් චෙක් කරගන්න බෑ හොඳටම අමාරුය.දැංම ගෙනියන්න කලුබෝවිල හොස්පිටල් එකට මං ඇහුවා ආසිරි ගෙනියන්නද නෑ නෑ මිස් දැන්ම කලුබොවිල ගෙනියන්න.වින්ලංකා ඉඳලා කලුබොවිල හොස්පිටල් එකට පුංචි දුරයි.පාරේ මාර ට්රැෆික් හොඳටම කහිනවා සෙමත් ගලනවා.මංං ඒවාත් පිහිදමින් ප්රෙයාර් එකක් තිබ්බා.මට ඒ වෙලාවේ කරන්න පුලුවන් එකමදේ එච්චරයි.මාත් හොඳටම බය වෙලා කඳුලු ගලනවා.විනාඩි පහකින් යන දුර විනාඩි පහළොවක් වුනා.අන්තිමේදී හොස්පිටල් එකට ගෙනාවා.රෑ වෙනකං ඔක්සිජන් ඉන්ජෙක්ෂන් දුන්නා තව බෙහෙතුත් දුන්නා.ඊට පස්සේ වෝඩ් එකට දැම්මා.මං ඔක්කොම වැඩ ඉවර කරලා මෙයාව තනියම දාලා එන්නෙ කොහොමද කියලා හිත හිත හිටියා බැලින්නම් එයාගේ යාලුවෙක් ගේ තාත්තාවත් එහා ඇදේ ඇඩ්මිට් කරලා.ඒ නිසා යාලුවා එතන වාඩි වෙලා හිටියා.මං ඊඋට කලින් නැරෙල්ව දැකලා තිබුනේ නෑ..නැරෙල් කිව්වා හබ්බව බලාගන්නම් කියලා.මගේ හිතට හරිම හොඳයි ඊට පස්සේ.ඒ වෙනකොට චමීටත් ටිකක් හොඳයි.
පහු වෙනිදා උදේ පාන්දර හයට හොස්පිටල් ගියා වෝඩ් එකේ ගෑනු කෙනෙක් අඬනවා ඇහෙනවා.එයාගේ හස්බන්ඩ් මැරිලා.චමී ස්වභාවයෙන්ම සංවේදී පුද්ගලයෙක් ඉතිං එයත් අඬනවා එයාට හොස්පිටල් එකේ ඉන්න බෑලු ප්රයිවට් හොස්පිටල් එකකට ගෙනියන්න කියලා.ජීවිතේ පලවෙනි වතාවටලු හාට් පේෂන්ස්ට් ලාගේ වේදනාව දැනුනේ.නමුත් මං ප්රෛවට් හොස්පිටල් ගෙනිච්චේ නෑ.
දැං ඉතිං දෙයියනේ කියලා ගෙදර. ස්මෝක් කරන්නෑ.කලාතුරකින් පිට ගියාම එක සිගරට් එකක් බොනව ගෙදර ඩිරින්ක්ස් ගන්න එක සම්පුර්ණයෙන් ම නැවතුනා.දැං මාස දෙකක් තිස්සේ හොඳට නින්ද යනවාලු.අනවශ්ය දේ නිසා අපි මොනතරම් ලෙඩ වෙලාද ?
හිතන්න අපි බොහෝවිට වැඩ කියලා ස්ට්රෙස් කියලා සිගරට් බොනවා.ඉතිං නින්ද යන්නෑ නින්ද යන්නේ නැති නිසා ඩ්ර්න්ක්ස් ගන්නවා නිදා ගන්න ඒක හරි ගිහිල්ලාද තියෙන්නේ කියලා ඔයාලාම බලන්න.මේවා මගේ අත්දැකීම්.පිරිමි බොහෝ දුරට ගෑනු විඳවන තරම දන්නෙ නෑ.ඒ අපි හැමදේම එළියට නොකියන නිසා.අවංකවම ආදරය කියනදේ තේරුම් ගන්න පුලුවං වෙන්නෙත් විවාහ වෙලා බොහෝ කාලයක් ගියාට පස්සෙ.
මේක කියවන අයට යමක් ගන්න පුලුවන්නං ඒ දේ ගන්න.මොකද කෙනෙක් ගේ අත්දැකීමක් තව කෙනෙකුට උපකාරයක් ව නිස කියලා මංහිතපු නිසා.
උපුටා ගැනීම: Shami De Silva