ලෝකයේ බලසම්පන්නම මත්ද්‍රව්‍ය (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අද මම ඔ යාලට කියන්න යන්නේ ලෝකයේ  බලසම්පන්නම මත්ද්‍රව්‍ය ගැනයි. අපි හැමෝම දන්නවා මත්පෙති සහ මත්ද්‍රව්‍ය මොළය විවිධ විදිහට උත්තේජනය කරනවා කියලා. සමහර මත්ද්‍රව්‍ය ගත්තහම හිතනවා පියාඹන්න ඕනේ කියලා. සමහර මත්ද්‍රව්‍ය වලට නින්ද යන්නේ නැහැ.
එතකොට මේ බලසම්පන්න තමා මත්පෙත්තට මොනවා වෙනව ඇද්ද?  මේ    මත්පෙත්තට ඇත්තටම සිද්ධ වෙන්නේ මත්ද්‍රව්‍ය වලට තියෙන ඇබ්බැහි වීම නතර වීම මේ මත් පෙත්තේ නම Ibogaine.
මේක ඇත්තටම විශේෂ පෙති වර්ගයක් මේ පෙත්ත පාවිච්චි කළ අයෙකුට ආයෙත් වරක් කිසිදු මත් පෙත්තක් ලබාගන්න හිතෙන්නේ නැහැ. මේ පෙත්තෙන් කරන්නේ මොළයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම කියන හැඟීම වෙනස් කරන එක. අපි හැමෝම දන්නවා හැඟීම් කියන්නේ රසායනික ප්‍රතික්‍රියා  කියලා. ඉතින් මේ පෙත්තේ තියන රසායනිකයට පුළුවන් අවුරුදු අටක් විතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්ට කිසිදු අතුරු ආබාධයක් හෝ අපහසුතාවක් ඇති නොවන විදිහට පැය 30ක් විතර ඇතුළත තමන්ගේ ඇබ්බැහි වීම නතර කරලා දාන්න. ඒ වගේම මෙක්සිකෝවේ දැනටමත් Ibogaine clinics හරහා මත්පෙති වලට ඇබ්බැහි වෙලා ඉන්න අයව එයින් මුදවා ගන්නවා.

ඉතිං මේ ඖෂධය මුළු ලෝකෙම රටවල් භාවිතයට ගත්තොත් ඉක්මනටම ලෝකයේ මතට ඇබ්බැහි වෙච්ච අය තුරන් වෙයි නේද? අපිට හිතෙන්නේ එහෙම නේද?  නෑ ඒත් එහෙම නැහැ.

Ibogaine පාවිච්චි කරන්න ඕන එක සැරයයි නිසා මේක නිෂ්පාදනය කරලා විකුණලා ඖෂධ නිෂ්පාදන සමාගම් වලට එච්චර ලාභයක් ලබන්න බෑ. මොකද එක දිගටම මේක පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඊටත් වඩා බරපතළ ම හේතුව තමයි lbogaine වලින් නැති කරන්නේ හෙරොයින් කොකේන් වගේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම විතරක්ම නෙවෙයි වර්තමානයේ භාවිතයට තියෙන morphine fentanyl වගේ නීත්‍යානුකූල ඖෂධ වලට තියෙන ඇබ්බැහි වීමත් Ibogaine වලින් නවත්වනවා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ morphine, fentanyl වගේ ඖෂධ විකිණීමෙන් ඖෂධ නිෂ්පාදන සමාගම් වසරකට බිලියන ගාණක විශාල ලාභයක් උපයනවා.
ඒ නිසා දැනටමත් ගොඩක් මත්පෙති මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් මුදවා ගන්න සමත් වෙලා තියන 50%-80% අතර සාර්ථකත්වයක් පෙන්නන Ibogaine නිශ්පාදනය කරන්න ඖශධ නිශ්පාදන සමාගම් සහය දෙන්නේ නැහැ.
එතනින් පේනවා මිනිස්සු කරන හැම වැරද්දක් ම මුදල් වලට පෙරලන්න වර්තමාන සමාජය පෙලඹිලා ඉවරයි කියන එක . දැනට ඖෂධ නිෂ්පාදන සමාගම්වල අධිකාරිය හින්දා මේ ඖෂධය හදන්න සහය හම්බ වෙන්නේ නැහැ . ඒත් මෙක්සිකෝව වගේ රටවල් දැනටත් මේ ඖෂධය යොදාගෙන මත්පෙති මත්ද්‍රව්‍යවලට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන්ට ප්‍රතිකාර කරන්න පටන් අරගෙන ඉවරයි.
ඉතින් ලෝකෙ අනිත් රටවලුත් ඖෂධ නිෂ්පාදන සමාගම් වල සහය අරගෙන Ibogaine වලින් මතට ඇබ්බැහි වෙච්ච අයට ප්‍රතිකාර කරන්න පටන් ගත්තානම් හරි නේද? ඔයාලා මේ ගැන මොකද හිතන්නේ? පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා

තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි

රන්දිකා සමරකෝන්

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!