ජේම්ස් රෝලින් නම් විශිෂ්ඨ කතුවරයාගේ නිර්මාණ ලාංකීය පාඨකයා වෙත ලංකලේ Manjula Dissanayake මහතායි. ඒ ඇමසෝනියා හරහාය. මංජුල දිසානායක මහතා විසින් පරිවර්තිත දෙවන ජේම්ස් රෝලින් කෘතිය “එක්ස්කැවේෂන්” වේ.
ඈත එපිට ඉන්කා ශිෂ්ඨාචාරය සොයා යන ගවේෂක කංඩායමක් මුහුණ දෙන කුතුහලය, ත්රාසය, භීතිය පිරි අත්දැකීම් විටෙක ආදරණීය හැගීම්ද කැටිකොට කාටත් අවබෝධ වන සරළ සුගම බස් වහරකින් ලිවීමට මංජුල දිසානායකයන් සමත් වී ඇත.. ඇමසන් මහා වනාන්තරය තුල පාඨක අපව අතරමං කල මංජුල මහතා මෙවර අප පේරුවල කුස්කෝහි ඉන්කා ශිෂ්ඨාචාරය තුළ අතරමං කර ඇත. ඉන්කා ශිෂ්ඨාචාරය තුළ ජීවත් උනායැයි දැනෙන හැගීම මංජුල මහතා ඊළග කෘතියෙන් අප වෙනත් කොහේ හෝ රැගෙන ගොස් අතරමං කරනතෙක් පවතින බවට සැකයක් නැත.
මුල් කෘතියේ ජීව ගුණය ඒ ආකාරයෙන්ම රකිමින් ඉදිරිපත් කිරීමට කතුවරයා ඉහළින්ම සමත් වී ඇත. එහෙයින් මා දකින ලාංකීය ජේම්ස් රෝලින්ස් වන්නේ මංජුල දිසානායක මහතා බව මම මීට පෙර කියා ඇත්තෙමි. අද නැවත කියමි.. නැවත නැවතත් කියමි..
උපුටා ගැනීම: Chathuranga Amarathunga