ලෝකයේ නොවිසඳුණු අබිරහසක් වූ විශ්වයෙන් පැමිනි අබිරහස් සංඥා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපේ මේ විශ්වය කොතරම් විශාලද? මේ විශ්වයේ සිටිනා බුද්ධිමත් ජීවීන් වන්නේ මනුෂ්යයන් පමණක්ද? එහෙම නැත්නම් අපි විශ්වයේ පෘථිවිය නමින් හැඳින්වෙන මේ ගරහලොවේ ජීවත් වන බුද්ධිමත් ජීවීන් කොට්ඨාශයක් පමණද? පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි ගැන අපට විටින් විට අසන්න ලැබෙනවා. පිටසක්වළ යානා, පිටසක්වළ ජීවීන්ගේ ඡායාරූප විදෙස් පුවත් සේවා හරහා දකින්න ලැබෙනවා.
ශීර ලංකාවට ද පිටසක්වළ ජීවීන් පැමිණි බවට නොයෙක් නොයෙක් අවස්ථාවලදී අපට අසන්නට ලැබුණා. පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි ගැන ඇති උනන්දුව නිසාම චිතරපට හා ටෙලි නාට්ය පවා නිර්මාණය වෙනවා. පොත්පත් සඟරා ආදිය පළ වෙනවා. පිටසක්වළ ජීවීන් විසින් මිනිසුන් පැහැර ගෙන ගිය අවස්ථා සහ මිනිසුන් යොදා සිදු කළ විවිධ පර්යේෂණ ගැන අසන්න ලැබෙනවා.
මේ දේවල්වල ඇත්ත නැත්ත කුමක්ද? ඇත්තටම පිටසක්වළ ජීවයක් පවතීද? නැතිනම් මේ විශ්වයේ ජීවය පවතින එකම ගරහලෝකය අපේ පෘථිවිය පමණක්ද? අපේ ක්ෂීරපථයෙන් ඈත වෙනත් මන්දාකිණිවල ජීවය පවතීද?
මේ කරුනු ගැන ලෝකයම උනන්දුවක් දක්වද්දි පිටසක්වළ ජීවය පවතිනවාදැයි සොයා බැලීම් බහුලවම සිදු කෙරෙන්නේ සෙටී SETI මෙහෙයුම මගිනුයි. සෙටී යනුවෙන් හැඳින්වෙන්නේ Search for Extraterrestrial Intelligence හෙවත් පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සිටීදැයි සිදු කරන මෙහෙයුමටයි. මෙය නොදන්නා දේවල් සොයා සිදු කෙරෙන විද්යාත්මක මෙහෙයුමකි. ”දැනට අපට සතුව ඇත්තේ පරශ්න වැලක් පමණයි. ඒත් කවදා හෝ දිනයක ඒ පරශ්නවලට අපට පිළිතුරු ලබා ගැනීමට ගැනීමට හැකි වූ විට අපේ මුළු ලොවම වෙනස් වේවි” මෙසේ පවසන්නේ සෙටී මෙහෙයුම දියත් කළ Planetary Society නම් සංවිධානයයි.
‘සෙටී’ මෙහෙයුම කිරයාවට නැංවෙන්නේ ලොව පුරා නොයෙක් ස්ථානවල ස්ථාපිත කර ඇති රේඩියෝ දුරේක්ෂ නැතහොත් ගුවන් විදුලි දුරේක්ෂ යොදා ගනිමිනි. මෙම දුරේක්ෂ ආධාරයෙන් නිරතුරුව ම ඈත විශ්වයට තරංග හෝ සංඥා හෝ නිකුත් කර යැවෙනවා. විශ්වයේ බුද්ධිමත් ජීවීන් ඇත්නම් මෙම සංඥා හඳුනා ගෙන, තේරුම් ගෙන ඔවුන් පරතිසංඥාවක් එවුවොත් එය සවන් දීමට හා ගරහණය කිරීමට සූදානමින් සිටීම සෙටී මෙහෙයුමේ පරධානතම අරමුණයි. දැනට කිරයාත්මක මේ ‘සෙටී’ මෙහෙයුමේ ආරම්භයත් ඒ හා සම්බන්ධ සිදුවීම් හරිම අපූරුයි.
ජොසලීන් බෙල්ගේ අපූරු අත්දැකීම
1967 වසරේ ගිම්හානයේ කේම්බිරජ් සරසවියේ ගුවන් විදුලි තාරකා විද්යාව හදාරමින්, ආචාර්ය උපාධියට සූදානම් වෙමින් සිටි ජොසලීන් බෙල් නම් සිසුවියට ආචාර්ය උපාධි නිබන්ධනයේ කොටසක් ලෙස පැවරුණේ නවතම ගුවන් විදුලි තරංග දුරේක්ෂය යොදා ගනිමින් ගරහලෝක අතර සහ ක්ෂීරපථයෙන් එපිට දීප්තිමත් විකිරණ පරභවයන් ගැන විමසීමක් කරන්නටයි.
මේ පිළිබඳව පරීක්ෂණ කරමින් සිටියදී ඇගේ දුරේක්ෂ ලේඛයෙහි අපැහැදිලි යම් දෙයක් දිගින් දිගටම සටහන් වෙන්න පටන් ගත්තා. බෙල් සහ ඇගේ උපදේශක ටෝනි හෙවිෂ් මුලින් සිතුවේ පෘථිවියේ ගුවන් විදුලි තරංග නිසා දුරේක්ෂයට එල්ල වූ බාධාවක් එලෙස සටහන් වන බවයි. ඊට හේතුව ගුවන් විදුලි තරංග නිසා මෙවැනි බාධාවීම් සාමාන්යයෙන් සිදුවන නිසයි. ඒ බාධාව මඟ හරවා ගන්න බෙල් සහ හෙවිෂ් උත්සහ කළත් ඔවුන් අසාර්ථක වුණා. ඔවුන්ට ඒ සංඥාව මඟ හැරීමට නොහැකි වුණේ එය විශ්වයේ ඈත කොහේ හෝ තැනක සිට ලැබුණු දෙයක් නිසයි.
මේ අබිරහස් සංඥාව තවදුරටත් පරීක්ෂා කිරීමේ දී ඔවුන්ට තවත් අපූරු දේවල් හෙළිකර ගැනීමට හැකිවුණා. එය වඩාත් සුපරීක්ෂාකාරීව විමසද්දී ඔවුන්ට පෙනී ගියා, මෙම සංඥා නිකුත් වන්නේ අති සියුම් කාල පරාසයක් තුළ දී බව. හරියටම මෙම සංඥා අතර කාලය තත්පරයකින් 3 යි 2/3ක පංගුවක්. මේ අන්දමට ඉතාමත් නිවැරදිව, නිශ්චිතව සංඥාවක් නිකුත් කළ හැක්කේ කෙසෙද? විශ්වයේ ඇති ස්වාභාවික ගුවන් විදුලි සංඥාවලින් මෙවැන්නක් නිකුත් විය හැකි ද? 1967 වසරේදී කාටවත් ඒ ගැන අවබෝධයක් තිබුණේ නැහැ.
මේ ගැන පරීක්ෂණ සිදුකළ පරීක්ෂකයන් අවසානයේදී නිගමනය කළේ මේ සංඥාවේ මූලාශරය ස්වාභාවිකව ඇති වූ දෙයක් නොවන බවයි. ඔවුන්ට එසේ ලැබුණේ පිටසක්වළ ජීවීන්ගේ සංඥාවක්ද ? මේ ගැන නොයෙක් වාද විවාද ඇතිවුණා. ඇතැම් අය ඒ ගැන උපහාසයෙන් කතා කරන්න පටන් ගත්තා. ඔවුන් මේ සංඥා LGM කියන ඉංගීරසි අකුරු තුනෙන් හඳුන්වන්න පටන් ගත්තා. ‘පුංචි කොළපාට කුරුමිට්ටන්’ යන අරුත් ඇති Little Green Men කියන වැකියේ මුල් අකුරු යොදා ගත්තේ ඒ පර්යේෂණයෙන් හෙළි වූ දේ විහිළුවට ලක් කරන්නයි.
මෙම අලූත් සොයා ගැනීමත් සමඟ ලොව පුරා විද්යාඥයන් රැසක් කේම්බිරජ් අභ්යවකාශ නිරීක්ෂණාගාරය හා සම්බන්ධ වුණා. ඒ ගැන තොරතුරු විමසන්න පටන් ගත්තා. මෙසේ කාගේත් උනන්දුව වැඩි වීමත් සමඟ ජොසලීන් බෙල්ට මේ අබිරහස් සංඥාව හසුකර ගැනීමටත් ඒ හා සමාන තවත් සංඥා ඇත්දැයි සොයා බැලීමටත් ඇගේ කාලය වැඩිපුර යොමු කරන්න සිදු වුණා.
එදා තමා ඒ ගැන සතුටක් පළ නොකළ බව අතීත සිදුවීම් මෙනෙහි කරන බෙල් කියයි. ”ඒ කාලේ මම මගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් වෙහෙස මහන්සි වෙමිනුයි හිටියේ. මං තෝරා ගත්තේ නව තාක්ෂණයක්. ඒත් අන්තිමේදී මට ඒක කරදරයක් වුණා. විශ්වයේ ඈත සිටින පිටසක්වළ කොළපාට කුරුමිට්ටන් පිරිසක් මගේ සංඛ්යාතයත් මගේ ඇන්ටෙනාවත් යොදා ගත්තා අප සමඟ සන්නිවේදනය කරන්න” 1967 ජොසලීන් බෙල්ට ලැබුණු ඒ අබිරහස් සංඥාව කුමක්ද? එය අපට වඩා බුද්ධිමත් පිටසක්වළ ජීවීන් පිරිසක් විසින් එවූ සංඥාවක්ද? ඒ ගැන විස්තර තවත් ලිපියකින් බලාපොරොත්තු වන්න
උපුටා ගැනීම: රාම් වණා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!