ඇමෙරිකානු මාරාන්තික හෝමෝනය (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මොහොතකට නතර වන්න
තවකෙක් ආහාරයට ගන්නා දේ කට වස දැමීම… කෙතරම් බිහිසුනු මිලේච්ඡ ක්රියාවක් දැයි මේ ලිපිය කියවීමට පෙර මොහොතක් නිහඩව ඔබ ඔබේ හදවතින් විමසා බලා මේ සටහන කියවා ගන්නා මෙන් මුලින්ම ඉල්ලා සිටිනා අතර ඉන් පසු ලෝකයේ අශිෂ්ටතම අතීතයක් ඇති වර්ථමාන ලෝක පොලිස් බලවතා පිලිබද සාදනීය මතයක් ඔබ තුල ගොඩනගාගැනීමට එය වඩා පහසු වේයැයි සිතමි…
මීට පෙර අපි කතාකලා තැන් කිහිපයක ඇමෙරිකානු චිකාගෝ සරසවිය ගැන.. ඒ වගේම චිකාගෝ සරසවිය වටා ඇමෙරිකානු රාජ්ය පරිපාලනයේ බිහිසුනු තත්වයන්..අද මාතෘකාව ටිකක් වෙනස් එකක්… අහන්න මේ ඔබ ජීවිතේ ඇසූ ඇමෙරිකානු බලවතාගේ මිලේච්ඡතම ක්රියාවලිය වෙන්නත් පුලුවන්… 1943 වසරේ ඇමෙරිකානු ජීව පර්යේශනවිද්යාඥයෙකු උන සර් අතර් ගැලස්ටන් සිය පෞද්ගලික පර්යේශනාගාරයේ ශක ඵල වේගයෙන් වර්ධනය කරගැනීම උදෙසා හෝමෝනයක් නිපදවීමේ යෙදෙන්නේ ඒ වෙනකොට දෙවන ලෝක යුද්ධය හරහා ඇමෙරිකාව මුහුණ දුන් දැඩි ආහාර අර්බුධය හේතුවෙන්..
ඔබ අහලා ඇති ඒ දිනවල ඇමෙරිකානු පුරවැසියන්ට රජයෙන් නියමිත වියලි සලාකයක් පවා නීතිගත කොට තිබුනා..ඇත්තටම කිව්වොත් රජයේ නීතියට පිටින් ආහාර ප්රමාණයක් භාවිතාවට ගැනීම එකල දඩුවම් ලැබිය හැකි වරදක්ද උනා… මේ ඉහත කිව්ව පර්යේශනය තුලින් සර් ආතර්ට හම්බවෙනවා මාරාන්තික හෝමෝනයක්.. නමින් කිව්වොත් triipdobenzoic acid… මේන්න මේ ද්රවය එහෙමත් නැත්නම් හෝමෝනය නියමිත ප්රමාණයට යෙදුවොත් ඉතා ඉක්මනින් ඕනෑම ශාක ඵලයක් වර්ධනය වෙනවා..හැබැයි මේකේ ප්රමාණය වැඩි කලොත් ඒ ශාකය ඉතා උග්ර විශ සහිතව සහ ඉතා ඉක්මනින් විනාශයට පත් වෙනවා.
.මෙන්න මේ පර්යේශනයේ මූලික නිබන්ධනයන් එක්ක ඇමෙරිකානු මිලිටරි ඇකඩමිය හරහා චිකාගෝ සරසවියේ ජීව සහ උද් හිත පර්යේශන දෙපාර්තමේන්තුවට ඇරයුමක් ලැබෙනවා මේ රසායනය ඉතාමත් සුවිශාල ලෙස නිශ්පාදනය කරලා යුධමය කටයුතු සදහා යොදවා ගන්න .. චිකාගෝ සරසවි පර්යේශන හරහා මෙහි උග්ර විශ වැඩි දියුනු කරලා aid orenge නමින් 1959 වසරේ විස රසායනයක් ඇමෙරිකානු ආරක්ෂක අංශ වලට ලබා දෙන්න පුලුවන්කම ඇතිවෙනවා..මේ පරීක්ෂණය සදහා ෆෙන්ඩ්රික් ඇස්ක්වේ.. රොබට් ක්ලෝව් ..යන විද්වතුන් දෙදෙනාම මූලික වෙනවා..
. 1961 වසරේ උග්ර අතට හැරවුනු ඇමෙරිකානු වියට්නාම් යුද්ධය අතර තුර ඔබත් මමත් දන්නව වියට්නාම් ගරිල්ලන් අතින් ඇමෙරිකාව විශාල යුදමය පරාජයන්ට මුහුණ දෙනව.. ඇත්තටම වියට්කොංග් ගරිල්ලන් ග්රාමීයව ශක්තිමත් ව සටන් මෙහෙයවන විට මේ අයට ප්රධාන ආහාර සැපයුම ලෙස සහල් ලැබෙන්නේ දේශීය ගොවීන් ගෙන්.. මේ පිලිබදව cia සංවිධානය ලත් තොරතුරු හරහා ඇමෙරිකාව තීරනය කරන්වා aid orenge රසායනය වියට්නාම් කෙත්වතු වලට ඉහින්න… මේ අය වියට්නාමට විතරක් නෙමෙයි මේ යුද්ධයට කිසිදු සහභාගිත්වයකින් තොරව තමන්ගේ වගා කටයුතු කරගෙන හිටපු ලා ඕසය සහ බෞද්ධ රාජ්යක් වුන කාම්බෝජයේ කුඹුරු වලටත් මේ රසායනය ගුවනින් ඉහින්න කටයුතු කරනවා..
ප්රමාණික වශයෙන් කිව්වොත් agent orange ලීටර් අට කෝටි හය ලක්ශයක් වසර තුනක් පුරාවට අහිංසක ගොවීන්ගේ කුඹුරු වලට ඉහිනවා… කුඹුරු වලට හෙලන රසායනය සුලං සමග අසල්වැසි ගම්මාන වල මිනිස්සුන්ගේ ශරීර මත වැටීම ඉතාමත් කේදවාචකයකට මුල පුරන්නේ මෙකී රසායනය සම මත පතිත වීමත් සමග සම පුපුරා ලේ ගලා දෑස් රතු පැහැව ශරීරය බාහිරින් සහ අභ්යන්තරයෙන් සුවිශාල හානියක් ඇති කිරීම හේතුවෙන්…
මේ සිදුවීම පිලිබදව හාන්කවිසියක් වත් නොදන් කුඩා දරුවා වැඩිහිටියාගේ ඉදන් සතා සීපාවා පවා මිලේච්ඡ මරණයකට ගොදුරු උනා වගේම මේ විශ කැවුනු ආහාර පරිභෝජනය කල මිනිසුන් අදටත් තමන්ගේ ජීව පුරුක් මේ මිහිමත බිහිකරන්නේ ජාන විකෘතිකයන් ලෙසින්..මේ විනාශය මිනිසුන් ලක්ශ තුනක් බිලි ගෙන එතනින් නොනැවතී අද දක්වාම වියට්නාමය සහ කාම්බෝජයට අමතක නොවන කේදවාචකයක් සපයමින් සිටිනවා ..අදටත් මේ රසායනය සිදුකල විනාශය නූපන් පරම්පරාවට පවා අභියෝග කරමින් විකෘති ජීවිත බිහිකරමින් පැතිර යනවා …….
මේ පහත ඔබ දකින්නේ පිටසකවලින් මෙලොවට ආපු ජීවිත නෙමෙයි..ඇමෙරිකානු කෲර පාලනයේ අතීත ක්රියවලි හරහා වර්ථමානයේ ලොව දකිනා අහිංසක වියට්නාම දරුවන් දහස් ගනනක් අතීතයක් වර්ථමානයක් අනාගතයක් නොදැක සාප විදිමින් ජීවත් වෙනවා ..උපත ලබනවා..
ඉතින්…. මිනිසුන් මිනිසුන් උදෙසාම මේ තරම් මිලේච්ඡත්වයට පත් වන්නේ කෙසේ දැයි යන ගැටලුව ඔබට හැගේ නම්…
මේ ලිපිය කියවාගත් වැදගත්ම මිනිසා ඔබ නොවේද..
ස්තූති
සටහන චරිත් ජනප්රිය පරණවිතානMay be an image of 2 people, child, people sitting and indoor
May be an image of 1 person, child and sitting
May be a close-up of child
May be an image of sky
උපුටා ගැනීම: Dhanuka Nandana Kulasiri

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!